X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


සිරකාරයන් සිරගෙදරින් පැන ගිය උපක‍්‍රම

13_SLMA_P8 

 

සිරකරුවන් බන්ධනාගාරවලින් පලායාමට යොදාගන්නා උපක‍්‍රම එක්වරම විශ්වාස කිරීමට නොහැකි තරම් ඒවාය. ඇදහිය නොහැකි තරම්ය. ඇතැම් ඒවා ඉතාම රසවත් සිද්ධීන්ය.


ඇතැම් බන්ධනාගාර නිලධාරින් අන්දවා බන්ධනාගාරවලින් සිරකරුවන් පලා යාමට යොදාගන්නා මේ අපූරු උපක‍්‍රම ගැන ඔබ හමුවේ තැබීමට යන්නේ වසර 36ක පමණ සේවා ඇත්දැකීම් ඇති විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයෙක් වන ඩබ්ලිව්.ඒ.ඞී. විජේදාස මහතාය. ”හිරකරුවන් බන්ධනාගාර නිලධාරින්ට පහරදීලා පලා යන අවස්ථා බොහොම අඩුයි. එවැනි දෙයක් සිදුවන්නේ බොහොම කලාතුරකින්. හුඟදෙනෙක් පලායන්නේ සමහර නිලධාරින් ගොනාට අන්දවලා. ඒ තරමට සමහර හිරකාරයෝ කපටියි. ශූර බුද්ධියක් තියෙනවා. සමහර හිරකාරයින්ට මළපොතේ අකුරක් බැහැ. ඒ වුණාට හිරෙන් පැන යන්න යොදා ගන්නා උපක‍්‍රම දිහා බලපුවාම ඔවුන් කොච්චර බුද්ධිමත්ද කියා පෙනී යනවා.’’ යැයි කියමින් විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා ඔහුගේ මතකයේ රැුඳී ඇති කතා කියන්නට පටන් ගත්තේය.

SLMA 08
කොළඹ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් රට වටේම ඉන්න මිනිස්සු හොඳ හොඳ රස්සා අරන් දෙන්නම් ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් අරන් දෙන්නම්  කියා රුපියල් ලක්‍ෂ ගණන් මුදල් වංචා කළ සපුමල් කියන නමක් ඇති රටේ නම ගිය මහා වංචාකාරයෙක් අත්අඩංගුවට ගත්තා. පොලිසිය මොහු අත්අඩංගුවට අරන් තියෙන්නේ හුඟක් මහන්සිවෙලා.


මොහු කළ වංචාවලට අසුවී අධිකරණයේ වරදකරු වෙලා වැලිකඩ හිරගෙදරට ආවා. මේ මනුස්සයා පස්සේ ඒ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. මෙයා හොඳ මන්තර ගුරුකම් කාරයෙක් ලෙස හිරකාරයන් අතර ප‍්‍රසිද්ධියක් තිබුණා. මන්තර ගුරුකම් දන්නා මොහු ගැන ඒකාලයේ හිටිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැන ගැනීමට ලැබී තිබෙනවා. කොමසාරිස්වරයාත් මන්තර ගුරුකම් ගැන මහ ඉහළින් පිළිගත්ත විශ්වාස කරන අයෙක්.


මේ කොමසාරිස්වරයා එයාට තියන බලතල පාවිච්චිකරලා සපුමල් කියන හිරකාරයා එයා ළඟට ගෙන්වා ගත්තා. ටික කාලයක් යද්දී මේ දෙන්නා අතර ලොකු මිත‍්‍රකමක් ගොඩනැගුණා. මේ නිසාම මහා වංචාකාරයාට හිර ගෙදරදී විශේෂ සැලකිළි ලැබුණා. කොමසාරිස්වරයා එයාගේ මන්තර ගුරුකම් කරගන්න මේ මනුස්සයාව ගෙදර පවා එක්කන් යන්න පටන්ගත්තා.


එක් වෙසක් පොහොය දවසක කොමසාරිස්වරයා ඔහුගේ මන්තර ගුරුකම් වගයක් කර ගන්න මොහුව හිර ගෙදරින් පිටතට වෙනදා වගේම කැඳවාගෙන ගියා. ගුරුකම් කරන්න එක්කගෙන ගිය අතරවාරයේ මිනිහා පැනලා ගියා. තලවතුගොඩ පැත්තේ තියන කනත්තකට මිනිහා එක්කරගෙන ගිහින් මිනී වළක දපලා මහ? මන්තර ජපකරමින් ඉන්න අතරවාරයේ මිනිහා එතැන හිටිය අපේ ලොක්කා ඇතුළු කට්ටියගේ ඇස්වසා පැනගියා කියා පස්සේ දැනගත්තා. ඒ කාලයේ මම වැලිකඩ බන්ධනාගාරයේ රජකාරී කරමින් හිටියේ. මේ ගැන පරීක්‍ෂණයක් සිදු කෙරුනෙ නැහැ.


මන්තර ගුරුකම් කරන අතරවාරයේ පලාගිය හිරකාරයා ඊට පස්සෙ විදේශයකට පැන ගියා කියා අපට දැන ගැනීමට ලැබුණා. මොහු දන්නා මන්තර ගුරුකමක් නැහැ. නමුත් තමන් ඒවා ගැන දන්නා බවට ප‍්‍රචාරය කරලා අනෙක් හිරකාරයන් බය කරගෙන ඉඳලා තිබෙනවා. මෙය මොහු හිර ගෙදරින් පලා යන්න මුල ඉඳලම ගහපු ප්ලෑන් එකක් කියා දැනගැනීමට ලැබුණා. මේ මිනිහා අපේ ලොක්කාවත් ගොනාට අන්දවලා අන්තිමේදී හිරෙන් පලාගියා යැයි විජේදාස මහතා පැවසුවේ සිනාසෙමිනි..


දරුණු අපරාධකාරයෙක් හිරෙන් පලා යන්නට යෙදූ තවත් හොඳ උපක‍්‍රමයක් ගැන මම කියන්නම්. මේ සිද්ධිය වුනේ 80 දශකයේ මුල් කාලයේදී. වැලිවිට මහතුන් කියන්නේ දරුණු අපරාධකාරයෙක්. වැලිවිට මහතුන් එයාගේ තරහකාරයෙකුගේ අතක් කපා සිරුරෙන් වෙන්කරගෙන ඒ අත කටින් හපාගෙන කඩුවෙල වැලිවේරිය ඉඳලා කැළණි ගෙඟන් එගොඩට පිහිනා ගිය කෙනෙක්. මේ ඔහු කළ එක් දරුණු අපරාධයක් පමණයි. ඔහු කළ අපරාධවලට වසර 7ක විතර හිර දඬුවම් නියම කර තිබුණා.


හිර දඬුවම් විඳින අතරවාරයේ වැලිවිට මහතුන්ට තවත් නඩු කිහිපයක් අවිස්සාවේල්ල අධිකරණයේ විභාග වෙමින් තිබුණා. මේ සිද්ධිය වෙන්න කළින් වතාවේ ඔහු අවිස්සාවේල්ල අධිකරණයට රැගෙන ගොස් ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත අරගෙන ඒම භාරව තිබුණේ මටයි තවත් නිලධාරින් කිහිප දෙනෙකුටයි.


ඊළඟ වතාවේ මොහු අවිස්සාවේල්ල අධිකරණයට එක්කරගෙන ගියේ වෙනත් බන්ධනාගාර නියාමකයන් දෙදෙනෙක්. අධිකරණයේ විභාග වුණ නඩුවෙන් පස්සේ වැලිවිට මහතුන් ආපසු බන්ධනාගාරයට අරන් එමින් සිට තිබෙනවා. කඩුවෙල වැලි තොටුපොල කිට්ටු වෙද්දී වැලිවිට මහතුන් නමැත්තා කියා තිබෙනවා සර් ඉස්සරහ මරු පොට් එකක් තියෙනවා. එතැන නාන්න එහෙම කියාපු තැන කියා. ඊට පස්සෙ වාහනය නවත්වා ගෙන බන්ධනාගාර නිලධාරින් දෙදෙනා එතැනින් බැහැලා මත්පැන් බෝතලයක් ගෙනවිත් සප්පායම් වෙමින් සිටියා. සර් මට නාන්න ආසයි. හෑන්ඞ් කෆ් එක ගැලෙව්වොත් සර්ලා අරක්කු බොනකම් මම නාගන්නම් කියා මොහු පවසා තිබෙනවා.


අපේ දෙන්නත් මොහු ගැන කිසිම සැකයක් කරලා නැහැ. ඔව් උඹට හුඟ කාලෙකින් හරියට නාගන්නවත් ලැබුණේ නැහැනේ. ඒ හින්දා හොඳට නාගනින් කියා හෑන්ඞ් කෆ් ගලවා තිබෙනවා. වැලිවිට මහතුන් ටිකක් වෙලා නාමින් ඉඳලා ගොඩට ඇවිත් බන්ධනාගාර නිලධාරින් දෙන්නා ළඟට ඇවිත් ආ සර්ලා තව බොනවානේ ඒ හින්දා තව ටිකක් නා ගන්නම් කියා ආයෙත් කැළණි ගඟට බැහලා තිබෙනවා. මිනිහා ටිකක් දුර පිහිනාගෙන ගිහින් සර්ලා බීලා ඉවර වෙලා යන්න මම යනවා කියාගෙන එගොඩට පිහිනලා පැනලා ගිහින්. වැලිවිට මහතුන් පැනලා ගිය නිසා අපේ දෙන්නාගේ වෙරිත් හිඳිලා ගිහින්. මේ සිද්ධිය නිසා බන්ධනාගාර නිලධාරින් දෙන්නා සේවයෙන් පහ කළා.


එදා මේ විදිහට පැනලා ගිය වැලිවිට මහතුන් අම්බලන්තොට පළාතේ හැංගිලා ඉඳලා තිබෙනවා. මිනිහාගේ ඇහැකට වරා කිරි වැටිලා ඒකට ප‍්‍රතිකාර ගන්න රෝහලකට ඇතුළුවෙලා ඉද්දී පොලිසියට කොටුවෙලා ආයෙත් බන්ධනාගාරයට අරන් ආවා. මොහුව අල්ලාගෙන තිබුණේ පලා ගිහින් මාස 7කට විතර පස්සේ තමා යැයි විජේදාස මහතා පවසයි.


මේකත් හරි අපූරුකතාවක් බව පවසමින් විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා තවත් කතාවක් කියන්නට පටන් ගත්තේය.


අපරාධ ගණනාවකට සම්බන්ධ කෙනෙක් වැලිකඩ හිරගෙදර හිර බත් කමින් උන්නා. බන්ධනාගාර නියාමකයෙක් කිසි අවසරයකින් තොරව ඒ මනුස්සයාව එළියට අරන් ගිය වෙලාවක පැනලා ගිහින් තිබෙනවා. අපේ හිතවත් බන්ධනාගාර නියාමකයා එදා රෑට තොටළඟට එයාගේ හිතවතෙක් හමුවෙන්න ගිහින් තිබෙනවා. ඒ යනකොට මිනිහා කසිප්පු පොළකට වෙලා තව කට්ටියක් එක්ක එකතුවෙලා හොඳටම කසිප්පුවලින් සප්පායම් වෙලා ඉඳලා තියෙන්නේ.
සර් මොකද මේ වෙලාවේ මාව සොයාගෙන ආවේ කියා කසිප්පු බොමින් සිටි කෙනා අසා තිබෙනවා. අනේ බං මට හරිවැඬේ වුණේ මගේ ළඟ හිටිය හිරකාරයෙක් පැනල ගියා. දැන් ඉතිං මගේ රස්සාවට කෙළවෙනවා. ඒ හින්දා ඒ වෙනුවට උඹ හිරේ යමං මම පහුවදාට උඹව එළියට ගන්නවා කියා බන්ධනාගාර නියාමක කියා තිබෙනවා. වෙරි මරගාතේ හිටිය නිසා මිනිහා වැඬේට කැමතිවෙලා.


අපේ නිලධාරියා මේ මනුස්සයාව ඒ වෙලාවේම බන්ධනාගාරය ඇතුළට අරන් ඇවිත් ජම්පරයක් අන්දවලා සෙල් වහලා ගිය මිනිහා හිටිය සෙල් එකට දමා තිබෙනවා. අනෙක් හිරකාරයෝ මේ මනුස්සයාගෙන් නොයෙක් ප‍්‍රශ්න අසා තිබෙනවා. ඒවාට උත්තර දෙන්න බැරිව ගිය නිසා හිරකාරයන් මේ බව බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් ඇවිත් ප‍්‍රශ්න කළාම මිනිහා වෙච්චදේ සේරම කියා තිබෙනවා. ඊට පස්සෙ මිනිහා නිදහස් කළා. මේ වගේ වැඩක් කළ නියාමකවරයා සේවයෙන් පහකළා. මේ බන්ධනාගාර නියාමකවරයා පසුකාලයකදී මිය ගියා.


හිරෙන් පලාගිය මනුස්සයා කාලයකට පස්සේ ආයෙත් කොටුවුණා යැයි විජේදාස මහතා කීය.


මේ ඔහු පැවසූ තවත් කතාවකි.


දීර්ඝ කාලීනව සිර දඬුවම් විඳිමින් හිටිය හිරකාරයෙක් දවසක් අපේ බන්ධනාගාර නියාමකවරයෙක් එක්ක කියා තිබෙනවා සර් රත්තරන් තොගයක් හංගලා තියන තැනක් මම දන්නවා. මට පුළුවනි සර්ට ඒවා ගෙනත් දෙන්න. අපේ කෙනාත් ඔහු ගැන අවිශ්වාස කරලා නැහැ. මොකද හිරකාරයා බොහොම හොඳට හිර ගෙදර හිටිය මනුස්සයෙක් නිසා. අපේ කෙනා මේ මනුස්සයාව හොරෙන් එළියට අරන් පා පැදියක් එහෙම සොයාදීලා රත්තරන් අරන් එන්න පිටත් කරලා තියෙනවා. රත්තරන් අරන් එන්නම් කියා ගිය හිරකාරයා ආයෙත් ආවේ නැහැ. අන්තිමේදී බන්ධනාගාර නියාමකවරයාගේ රස්සාව නැතිව ගියා. රත්තරං හොයාගෙන එන්නම් කියා පැනලා ගිය හිරකාරයාත් පසු කාලයකදී පොලිසියට කොටුවී තිබුණා.


හිරකාරයෝ හුඟ දෙනෙක් පැනලා යන්නේ ඔවුන් බලා ගන්න ඉන්න බන්ධනාගාර නිලධාරින් පත්තර බල බලා ඉද්දී බැවින් සමහර හිරකාරයන්ගේ ඥාතීන් බන්ධනාගාර නිලධාරින්ට පත්තර ගෙනවිත් දෙන බවත් විජේදාස මහතා පෙන්වා දෙයි.


බන්ධනාගාර නිලධාරීන්ට නින්දගොස් සිටින අවස්ථාවක් බලා හිරකාරයන් පලාගිය අවස්ථාද  ඕනෑ තරම් තිබෙන බව ඔහු පවසයි.

m

 



අදහස් (0)

සිරකාරයන් සිරගෙදරින් පැන ගිය උපක‍්‍රම

වික්ටර් Tuesday, 16 June 2015 02:55 PM

මට නම් හිතෙන්නේ සිරකරුවන්ගේ බුද්ධියට වඩා නිලධාරීන්ගේ මෝඩකමයි මේ ලිපියෙන් ඉස්මතු වෙන්නේ. (බ)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 12:20 AM

හිරේ යන්න ඉන්න අයට මේ විස්තර බොහොම ප්‍රයෝජනවත් වේවි. (නි)

:       0       0

යසිරු Wednesday, 17 June 2015 08:23 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site