කලකට පෙර උසස් අධ්‍යාපනය භාර උපඇමැතිවරයෙක් කාල්මාක්ස්ට පහත් ලෙස බැන වැදුණේය. ඊට එරෙහිව ‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ බී.ඒ. සිරිවර්ධන කතු වැකියක් ලීවේ ය. ”ගොනා වුණත් උම්බෑ කියන්න එපා” යයි එහි සඳහන් විය. උපඇමැතිවරයා තමාට අපහාස කළේ යැයි ලක්ෂ ගණනක් වන්දියක් ඉල්ලා ‘ඇත්ත’ ට එරෙහිව නඩු පැවරීය. එම නඩුව විභාග කළේ එවකට සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ය. සමාජ සේවා ආයතනයට රු. 50/=ක් ගෙවන මෙන් ඇත්ත කතුවරයාට නියම කළ අගවිනිසුරුවරයා නඩුව එතැනින් අවසන් කළේය. ඒ අනුව අදාළ ඇමැතිවරයාගේ වටිනාකම රු. 50/=කට තක්සේරු විය. තවසැරයක් බැන්නත් ගෙවන්න වෙන්නේ රු. 50/=ක් බව කල්පනා කළ ”ඇත්ත” කතුවරයා කාල්මාක්ස් නමැති දාර්ශනිකයාට අපහාස කළ උපඇමැතිවරයා නැවත වරක් ගොනකු ලෙස හැඳින්වීය. මේ කතාව නැවත සිහියට ආවේ පසුගියදා ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් විකාශය කළ වැඩ සටහනකදී සවන් දීමේදීය. මේ දිනවල සිදු වන සිසු උද්ඝෝෂණ සම්බන්ධයෙන් මේ රටේ විශ්ව විද්‍යාලයක බලධාරියකුගෙන් ගුවන් විදුලිය අදහස් විමසීය. එහි දී එක් වගකිවයුතු බලධාරියෙක් උමතුවෙන් මෙන් කාල්මාක්ස්ට බැන වැදුණේ ය. ‘එක් දහස් අටසිය ගණන්වල ජීවත් වූ කාල්මාක්ස් කියන නාකියා, පිස්සාගේ අදහස්වලින් මේ කොල්ලන්ගේ මොළේ අවුල් වෙලා’ ඔහුගෙන් කියැවිණ. ඔහුගේ මැනීමට අනුව මේ දිනවල සිසු උද්ඝෝෂණවලට එක් වගඋත්තරකරුවකු වන්නේ ”කාල් මාක්ස් ය. එදා කාල්මාක්ස් වැනි දාර්ශනිකයකු හෙළා දැකීමට ලක්වූයේ එතරම් වගකීමක් නැති ගණයේ උපඇමැතිවරයෙකුගෙනි. මේ බලධාරියා උගතෙකි. විශ්වවිද්‍යාල බලධාරියෙකි. වගකිවයුතු පත්වීම්ධාරියෙකි. අර උපඇමැතිවරයාගේ වටිනාකම රු. 50/=ක් වන විට මේ විශ්වවිද්‍යාල බලවතා කොපමණ වටින්නේ දැයි කියන්න දන්නේ නැත. එහෙත් අද විශ්වවිද්‍යාල ප‍්‍රශ්නය මෙතරම් දුර දිග යමින් පවතින්නේ මෙවන් අය නිසාය යන මතයක් රටේ මධ්‍යස්ථ පිරිස අතරේ පවතී. සිසුහු ආවේගශීලීය, විප්ලවකාරීය. වහා ගිනි ඇවිලෙන සුළුය. ඒකට කරන්න දෙයක් නැත. එය වයසේ වැරැද්දය. ඒ නිසාම ඔවුන් මට්ටු කිරීම සීරුමාරුවට කළ යුතුය. කැරලිකාරී අතීතයක් ඇත්තා වූද මේ වන විට මැදිවියත් පසුකර සිටින්නා වූද සමහර උසස් අධ්‍යාපන බලධාරීන් හැසිරෙන්නේ තමන්ට එවැනි ශිෂ්‍ය භාවයක් නොතිබුණ ගානට ය. කොහොම නමුත් කැත්තට පොල්ල පිළිවෙතේ පිහිටා විශ්ව විද්‍යාල පාලනය කිරීමට යෑම නිසා අද එම රාජකාරි ගැන සොයා බැලීමට ද සිදු වී තිබෙන්නේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ය. අදාළ සමහරුන් නාගත්තේ සබන් කනේ රැඳෙන ගානටය. සමහරුන්ගේ සරල විග‍්‍රහය උතුරේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. තරුණයන් සමඟ එකතු වී මේ විශ්ව විද්‍යාල සිසුන් යළි රටේ සන්නද්ධ නැගිටීමකට අරඅඳින බවයි. එවන් මතයක සිටින අයද සිටිය හැකිය. එහෙත් සමස්තය තවම එසේය කියා කිව නොහැකිය. ”ගිනි පෙණෙල්ලෙන් බැට කෑ එකා කලාමැදිරියාටත් බිය යැයි” ගැමි වහරේ එයි. ඒ නිසා එල්.ටී.ටී.ඊ.ය සමඟ 30 වසරක යුද්ධයකට පැටලී සිටි ජනතාවට මෙවන් පුවත් බියජනකය. ඒ නිසා සන්නද්ධ කැරලිකාරී බිල්ලාට හා එවන් බිල්ලාවාදයකට යුද්ධය අවසන් වී වසර 2ක් පසුවුවද වටිනාකමක් ලැබී තිබේ. එදා සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි, සිසු සටන්වල සාධාරණත්වය ගැන රටට කී සමහරුන් අද මවන උතුරු දකුණු ඒකාබද්ධ කැරලිකාරී බිල්ලාවාදය කොතරම් නිවැරදි දැයි සොයා බැලීම වැදගත්ය. එසේම විශ්ව විද්‍යාලවල පවතිනවාය කියන ප‍්‍රශ්නය. මේ බිල්ලාවාදයෙන් යටපත් කිරීම සාධාරණදැයි සොයාබැලීමද වැදගත්ය. සිසුන් පාරට බැස සිටින්නේ සත්‍ය වශයෙන්ම ආණ්ඩුව වෙනස් කිරීමේ අටියෙන්ද? නැතිනම් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට ඇහුන්කම්දීමට කෙනෙක් නොමැති නිසාද? දුක පැවසීමට තැනක් නැති නිසාද? තම දුක් ගැනවිලි බීරි අලින්ට නොව බීරි බලධාරීන්ට වීණා ගායනා කරනවා වාගේ වී තිබෙන නිසාද? නැතිනම් සමහර පාලකයන් දරදඬු නිසාද? කුණු වී ඕජස් ගලන විශ්ව විද්‍යාල පරිපාලනය නිසාද? නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල පනත නිසාදැයි සොයා බැලීම වැදගත්ය. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත නිසා නම් දැන් එය නතර කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තීරණය කර තිබේ. එසේ නම් සියල්ල සන්සුන් විය යුතුය. නැතිනම් වෙනත් ප‍්‍රශ්න සමුදායක් වෙනුවෙන් අරගල කිරීමේ වාහකයන් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ඔවුන් උපයෝගී කරගෙන තිබෙනවා වැනිය. ”විශ්ව විද්‍යාල අර්බුදය පොදු හේතු මත ද පේරාදෙණියට විශේෂ වූ හේතු මත ද නිර්මාණය වී තිබේ. පන්ති කාමර හා දේශන ශාලා හිඟය, එ්වායේ ගුණාත්මක භාවයක් නොතිබීම, නේවාසික පහසුකම් දුර්වල වීම, රසායනික ද්‍රව්‍ය හිඟය, රසායනාගාර පහසුකම් දුර්වල වීම, ආචාර්ය මණ්ඩල හිඟය ආදී බොහෝ හේතු ඒ අතර වේ. මෙම පිරිහීමෙන් විඳීමට සිදුවන පීඩාව වර්ධනය වන විට තරුණ ශිෂ්‍යයන්ට උද්ඝෝෂණය කිරීමට මඟක් පෑදෙන්නේය.”
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිසු අරගලයේ බිල්ලා වාදය