සූර්ය බල ශක්තිය උත්පාදනය සඳහා රජය ගෙන යන වැඩිපිළිවෙළට බාධා පමුණුවන විදුලි ඉංජිනේරුවන් පිරිසක් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. දැනට ද සූර්ය පැනල සවිකරගෙන සිටින විශාල පිරිසකට මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය මගින් සබඳතා ලබාදීම දිනෙන් දින ප්‍රමාද කෙරෙමින් පවතින බව ද එහිදී සඳහන් කරනු ලැබීය. මේ බාධා ඉවත්කර සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද ඒ මහතා කියා තිබිණි.
ලංකා විදුලිබල මණ්ඩලය මේ රටට අත්‍යාවශ්‍යම වූ සේවාදායකයෙකි. ජනගහනයට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිශතයකට ගෘහස්ථ විදුලිය සැපයීම සඳහා විදුලිබල මණ්ඩලය මෙතෙක් බලයට පත් සෑම රජයක් සමඟම ඒකාබද්ධව කටයුතු කළ බව ද පිළිගත යුතු සත්‍යයකි. කොතරම් අධික පාඩුවක් ලබන රාජ්‍ය ආයතනයක් වුව ද මෙරට තිබෙන ඉහළම වැටුප් ගෙවන ආයතනයක් වශයෙන් විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ සේවය සහ රටේ විදුලිබල අවශ්‍යතාව ගහට පොත්ත මෙන් ඇලී සිටින බැවිනි.
එහෙත් එසේ වූ පමණින් විකල්ප බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට හරස් කැපීමට විදුලිබල මණ්ඩලයට අයිතියක් නැත. විද්‍යාත්මක පදනමකින් තොරව එවැනි හරස් කැපීම් සිදුකරන්නේ විදුලි ඉංජිනේරුවරුන් නම් ඒ සඳහා ඔවුන් හේතූ පැහැදිලි කළ යුතුය. එහෙත් පසුගිය කාලසීමාවේ ලක්ෂ එකහමාරකට ආසන්න නිවෙස් සංඛ්‍යාවක වහළ මත සූර්ය පැනල සවිකළ ද ඒවාට විදුලිය සබඳතා ලබා දීමට විදුලිබල මණ්ඩලය ප්‍රමාණවත් තරමින් උනන්දුවක් දක්වා නොතිබිණි. පසුගිය කාලයේ දී එල්ල වූ එම චෝදනාවට කිසිදු පිළිතුරක් නොලැබිණි.
අඩු ආදායම්ලාභී පාරිභෝගිකයන් සඳහා වඩාත් සුදුසු විකල්ප බලශක්ති උත්පාදන ක්‍රමයක් වශයෙන් ලොවපුරා පිළිගැනෙන සූර්ය බලශක්තිය සඳහා විදුලි ඉංජිනේරුවරුන් මේ තරමට හරස් කපන්නේ පෞද්ගලික තාප බලාගාර හරහා ජනනය කෙරෙන විදුලිය, මණ්ඩලය හරහා අලෙවි කෙරෙන ව්‍යාපෘතිවලට බාධාවක් වීම හේතුවෙන්දැයි අපි නොදනිමු. ඇතැම් පෞද්ගලික බලාගාර හිටපු විදුලි ඉංජිනේරුවරුන් සහ ඇතැම් වත්මන් ඉංජිනේරුවරුන් විසින් පාලනය කෙරෙන බව ද එසේ විදුලිය විකිණීම මාෆියා ගණයේ මහා ජාවාරමක් වී ඇති බවද සමහරු චෝදනා කරති. මේවා වැළැක්වීමට මැති ඇමැතිවරුන් පවා එතරම් උත්සාහ නොගන්නේ ඔවුන්ගේ සාක්කු ද මේ හරහා පිරෙන බැවින් යැයි ද වරින්වර චෝදනා නැගිණි.
මෙහි ඇත්ත නැත්ත කුමක් වුවද රටේත් ලෝකයේත් දැන් පවතින තත්ත්වයන්ට අනුව අඩු වියදම් විකල්ප බලශක්ති කෙරෙහි නැඹුරුවීම ඉතා ඉක්මනින් අප රටේ ද සිදුවිය යුතුය. වසරේ දවස් 365න් 300කට අධික දවස් ගණනක් හොඳින් සූර්යාලෝකය ලැබෙන අපේ රටට තවමත් සූර්යබල ශක්තියෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම ගැන ලක් වැසියන්ට දැනෙන්නේ විශාල කනගාටුවකි. එතරම් හිරු එළිය නොලැබෙන රටවල් පවා දැන් බොහෝ කාලයක සිට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා රටවල් අතර තිබෙන බැවිනි.
2019 වසරේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව වැඩිපුරම සූර්යබල විදුලිය උත්පාදනය කරන රටවල් 05 වන්නේ පිළිවෙළින් චීනය, අමෙරිකාව, ජපානය, ජර්මනිය සහ ඉන්දියාවයි. එසේම ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව නව ගෝලීය සංවර්ධන ක්‍රියාමාර්ගවලදී 2022න් පසුව වාර්ෂිකව සූර්ය බල විදුලිය උත්පාදනය වාර්තාගත අයුරින් ඉහළ යාමට නියමිතය. සාමාන්‍ය වශයෙන් ගිගාවොට් 125ක නිෂ්පාදනයක් වාර්ෂිකව එමගින් අපේක්ෂා කෙරේ. එසේම පුනර්ජනනීය බලශක්ති අතුරින් සූර්යබල විදුලිය 2019 වසර වනවිට දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැග තිබිණි. ලොව බොහොමයක් රටවල් තම සූර්යබල විදුලි උත්පාදනය වැඩිකර ගැනීමේ සටනක නිරතව සිටින බවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සි වාර්තාවේ සඳහන් වෙයි.
ලොවපුරා උනන්දුව එසේ ඉහළ යද්දී අපේ රටින් ඇසෙන්නේ සූර්ය බල විදුලි උත්පාදනය පමණක් නොව සෙසු පුනර්ජනනීය විදුලි උත්පාදන වැඩ සටහන්වලට ද ‘උදැල්ල’ දමන ඉංජිනේරුවන් සිටින බවය. ඒ ගැන අපට දැනෙන්නේ ලජ්ජාවකි. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී බොහෝ වැඩ වරද්දාගත් ශ්‍රී ලංකාව දැන්වත් ඒ තත්ත්වය අවබෝධ කර ගනිමින් එයින් ගොඩ එන සැලැස්මක් හදා නොගත්තොත් විදුලිය උත්පාදනය සම්බන්ධයෙන් අපේ රටේ අනාගතය ඉතා අඳුරු වනු ඇත.
අතට ලැබෙන තම සාක්කුව පිරෙන මුදලට ගිජු වී රටේම විදුලි උත්පාදනය වළපල්ලට ඇද දමන දේශපාලනඥයන් පමණක් නොව විදුලි ඉංජිනේරුවන්ද රට අද වැටී තිබෙන තත්ත්වයට වගකිව යුතුය. වසර ගණනාවකට පෙර සිට ආරම්භ කිරීමට උත්සාහ කළ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට ළඟා වී තිබුණා නම් රටේ වත්මන් අර්බුදය තුළ පවා ලොකු විදුලි කප්පාදුවකට යාම වළක්වා ගත හැකිව තිබිණි. එසේම ඩීසල් සැපයුම මත පමණක් විදුලි උත්පාදනය රඳවා තැබීමට අවශ්‍යතාවක්ද නැත. එහෙත් තම බඩ කට පිළිබඳ පමණක් සිතන අමන දේශපාලනඥයන් සහ නිලධාරීන් සිටින තාක් මේ ගැටලුවලින් ගොඩ ඒමක්ද නැත.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සූර්යබල ව්‍යාපෘතියට වින කටින්නේ කවුද?
dhamneth Thursday, 16 June 2022 10:59 AM
මේ අකුල් හෙලන දේශපාලකයින්ට හා නිලධාරීන්ට විරුද්ධව රජය පියවර නොගන්නේ ඇයි?
Apavithra Sunday, 19 June 2022 05:03 AM
පුද්ගලික විදුලි බලාගාරවල අයිතිකරුවන් කවුද?