X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


සූරියවැව ගිනියම් කළ රත්නවීර - චණ්ඩි මල්ලි වෛරය

ගල් ළිඳහේන චූටි මරා දැම්මේ කවුද? එතැන ගිනි අවි තිබුණේ බාලයාට හා ජගත්ට පමණි. එසේ නම් චූටිට වෙඩි තැබිය යුත්තේ බාලයා හෝ ජගත්ය. චූටිට වෙඩි තිබ්බාද? නොඑසේනම් වෙඩි වැදුණාද? පාතලයන් ගේ මරණ සම්බන්ධයෙන් නිශ්චිත හේතු ඉදිරිපත් කළ නොහැකිය. වැපූරු අස්වැන්න නෙළා ගැනීම හැර අන් යමකට ඉඩක් නැත. එහෙත් චූටි මරා දැමෙන්නේ තමාගේ ප‍්‍රාණය මිතුරන් දෙදෙනා අත පමණක් අවි තිබූ මොහොතකය. බාලයාට හෝ ජගත්ට ඉලක්කයක් වැරදීමට ඉඩක් නැත. යුද හමුදාවේ සිටි අති දක්‍ෂ වෙඩික්කරුවන් දෙදෙනකු වූ බාලයාට හා ජගත්ට එතෙක් ඉලක්කයක් වැරැුදී තිබුණේ නැත. කරුණු කාරණා එසේ වන විට බැසිය හැකි නිගමනය වන්නේ බාලයා හෝ ජගත් සිතාමතාම චූටි මරා දැමූ බවය. එයට හේතුවකි. ගිනි අවියෙන් හරඹ පෑමේ උණෙන් පාතාලයට පිවිසි ගල්ළිඳහේන චූටි මිනි මැරීම තම රස්සාව බවට පත් කැර ගත්තේය. ඔහු කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මිනී මැරුවේය. ලැබුණ  ඕනෑම කොන්ත‍්‍රාත්තුවක් සොයා බැලීමකින් තොරව බාර ගත්තේය. ඒ කොන්ත‍්‍රාත් ඉටු කිරීමට ඔහු ගියේ බාලයා සමගය. පල්ලත්තර ජගත් සමගය. පියාට අරියාදුකම් කළ වුන් සම්බන්ධයෙන් වෛරයකින් පසු වූ බාලයාටත් මවට කළ අරියාදුකම් හේතුවෙන් වෛරයෙන් පසු වූ ජගත්ටත් ගල්ළිඳහේන චූටිගේ කොන්ත‍්‍රාත් දිරුවේ නැත. එහෙත් එකම මගක යන මිතුරෙකු නිසා ඔවුහුු ඉවසූහ. මාතර රෝහලට පැන බටුමහත්මයා ගේ සොහොයුරු සුනිල් වෙඩි තබා ඝාතනය කරන විට චූටි සම්බන්ධයෙන් බාලයාගේත් ජගත්ගේත් ඉවසීමේ රතු කට්ට පැන තිබිණි. ප‍්‍රතිඵලය වූයේ සුනිල්ටත් ඔහුගේ ආවතේවයට සිටි තරුණයන් දෙදෙනාටත් වෙඩි තබා ඝාතනය කළ ගිනි අවියෙන්ම චූටි ද මරා දැමීමය. ඒ ගිනි අවියේ හිමිකරු වූයේ පල්ලත්තර ජගත්ය. මේ කාලය වන විට රත්නවීර සොහොයුරෝ බොහෝ බලවත්ව සිටියහ. ඔවුන්ගේ බල පරාක‍්‍රමය විහිද පැතිර තිබුණේ සූරියවැව ප‍්‍රදේශය මුල්කරගෙනය. බටු මහත්තයලාගේ නොනවතින ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකිව සූරියවැවට හිස් අතින් පලාගිය රත්නවීරලා එහි තිබූ හිස් ඉඩම් අල්ලා ගත්හ. ඒවා කම්බි ගසා තමන්ගේ කරගත්හ. හොර ඔප්පු හදා ඒවා විකිණීමේ ජාවාරමක් ද ජයටම කරගෙන ගියහ. එමගින් ඔවුහු ඉතා කෙටි කලකින් ධනවත්හු බවට පත් වූහ. ඒ ධනයෙන් ඔවුහු සූරියවැව නගරයේ විවිධ ව්‍යාපාර ආරම්භ කළහ. තමන්ට තර්ජනයක් විය හැකි ව්‍යාපාරිකයන්ට තර්ජනය කළහ. ඒ එම ව්‍යාපාර නතර කරන ලෙසය. උඩුගල්මොටේ ගම්මානය පදනම් කරගනිමින් බාලයා හා ජගත් නිර්මාණය කරගෙන සිටි පාතාලයේ උණුසුම සූරියවැවටත් දැනෙමින් තිබිණි. ඒ පාතාලයේ උරුමය තමන්ට යැයි රත්නවීර සොහොයුරෝ සූරියවැව දී ප‍්‍රසිද්ධියේ කීහ. ඒ පාතාල සබඳතාවට බිය වූ ඇතැම් නාගරිකයෙක් සිය ව්‍යාපාර අත්හැර දැමුවේය. ප‍්‍රදේශයෙන් ද ගියේය. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයෙක් නොබියව නැගී සිටියේය. ‘උඹලා කියන විදියට නටන්න අපි සූදානම් නෑ’ ඔවුහු කීහ. එහෙත් රත්නවීර සොහොයුරෝ පසුපසට නොගියහ. ඔවුහු ඒ ව්‍යාපාරිකයන්ට බෝම්බයෙන් කඩුවෙන්, කිනිස්සෙන් උත්තර දීමට පටන් ගත්හ. ඒ ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකි වූ ව්‍යාපාරිකයෝ එක්කෝ පලාතෙන් ගියහ. නැතිනම් රත්නවීරලාට අවනත වූහ. රණවීරලාගේ බල පරාක‍්‍රමයේ රැස් විහිදුනේ එසේය. දේශපාලනඥයෝ කිහිප දෙනෙක් දිනක් සූරියවැවට පැමිණියහ. ඒ ඡන්ද රැස්වීමක් ඇමතීමටය. එම දේශපාලන රැස්වීම සංවිධානය කරනු ලැබුවේ ප‍්‍රදේශයේ කා අතරත් ජනපි‍්‍රයත්වයක් අත්පත් කරගෙන සිටි විදුහල්පතිවරයෙකි. දේශපාලන සබඳතා වර්ධනය කර ගැනීමේ උණෙන් පෙළෙන රත්නවීරලා එම දේශපාලනඥයන්ට සිය නිවසේ රාත‍්‍රි භෝජන සංග‍්‍රයක් සංවිධාන කළහ. දේශපාලනඥයන් ගමට ආවේ එම්.කේ. රංජිත් සමගය. එම්.කේ. රංජිත් ඒ වන විට පළාත් සභා ඇමැතිවරයෙකි. ඔහු දේශපාලන හිණිමගේ වේගයෙන් උසට යමින් සිටියේය. ඔහුට බලගතු පරිවාර සේනාවක් සිටියේය. ඒ පරිවාර සේනාව ඔහු නිර්මාණ කර ගත්තේ එම ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙමිනි. නිලධාරින් සමග ගැටෙමින් හැප්පෙමින් ඔහු පොදු වැඩ කළේය. ගමට විදුලිය ලබා දිය නොහැකි යැයි නිලධාරින් පැවසුවහොත් එම්.කේ. රංජිත් ගේ පිළිතුර වන්නේ ‘‘දින දෙකකින් ඒ ගමට විදුලිය දිය යුතු’’ බවය. කෙක්කෙන් බැරිනම්  කොක්කෙන් හෝ තම ඉලක්ක සපුරා ගැනීමට ඔහු සමත් වූ හෙයින්ම ඔහු හැඳින් වුණේ ‘චණ්ඩි මල්ලි’ ලෙසය. ඒ නම දකුණට කිසිසේත්ම නුහුරු එකක් නොවීය. චණ්ඩි මල්ලිගේ ළඟම හිතවතෙකු වූ බටු මහත්තයාව බාලයා හා ජගත් එල්ල කළ ප‍්‍රහාරය හමුවේ බටු මහත්තයලාගේ ආරක්‍ෂකයා බවට පත් වූයේ චණ්ඩි මල්ලිය. අණක් ගුණක් නැති පාතාලයන්ට එරෙහිව එල්ලවන ප‍්‍රහාරය හමුවේ අසරණ භාවයට පත් ගැමියන්ගේ ආරක්‍ෂකයා බවට පත් චණ්ඩි මල්ලි එනිසාම බාලයාගේත් ජගත්ගේත් වෛරයට පාත‍්‍ර විය. ඒ වෛරයේ කොටසක් බාලයා හා ජගත්ගේ නායකයා වන සුනිල්   රත්නවීර ඇතුළු රත්නවීර සොහොයුරන් ට ද තිබිණි. චණ්ඩි මල්ලි සූරියවැවට ආවේ ඒ වෛරය එසේ තිබියදීය. රාත‍්‍රි භෝජන සංග‍්‍රහය රත්නවීර සොහොයුරන්ගේ නිවෙසේ සංවිධාන කර තිබූ බව දැනගත් විගසම චණ්ඩ මල්ලි කලබල විය. ඔහු වහාම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය අවලංගු කරවීය. සුනිල් රත්නවීර මහත් ලජ්ජාවට පත්විය. ඔහු පලිගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. ඒ අනුව එදිනම රාත‍්‍රියේ දී රැස්වීම සංවිධාන කළ විදුහල්පති වරයා මරා දැමිණි. ‘චණ්ඩි මල්ලි උඹට යහතින් ඉන්න දෙන්නේ නෑ’ සූරියවැව නගරය දෙවනත් කරමින් සුනිල් රත්නවීර ගුගුළේය. ලේ, ගින්දර හා මරණය මැදින් ගමන් කළ රත්නවීර චණ්ඩි මල්ලි වෛරය නව වටයකින් පණ ගසා ඇරැඹුණේ එසේය. දේශපාලන බලපරාක‍්‍රමයෙන් අනූන චණ්ඩි මල්ලි  සමග හැපෙන රත්නවීරලාට ඒ නිසාම බොහෝ දෙනෙක් බියට පත් වූහ. රත්නවීරලාට එරෙහිව ක‍්‍රියාත්මක විය නොහැකි හෙයින් ඔවුහු ඔවුන්ට අවනත වූහ. එහෙත් රත්නවීරලාගේ මදාවිකම් ඉවසා සිටිය යුතු නැතැයි සිතූ ව්‍යාපාරිකයෝ විසි තුන් දෙනෙක් රහසිගතව සංවිධාන වූහ. ඔවුන් මුලින් කළේ රත්නවීරලාගේ නොසණ්ඩාලකම් සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු අංශ දැනුම්වත් කිරීමය. එකල ජනාධිපති වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. සංවිධාන වූ ව්‍යාපාරිකයෝ ඉතා රහසිගතව සකස් කළ ලියැවිල්ලක් ජනාධිපතිනිය ආරක්‍ෂක අමාත්‍යාංශය පොලිස්පති ඇතුළු බොහෝ ස්ථානවලට යොමු කළහ. ඒ සාධාරණත්වය අපේක්‍ෂාවෙනි. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි. බොහෝ ස්ථානවලට යවන ලද ලියැවිල්ලේ පිටපතක් කිසියම් මාර්ගයකින් සුනිල් රත්නවීරට ලැබී තිබිණි. ඒ ලියැවිල්ලේ අත්සන් කළ පිරිසගේ ලිපිනය හා දුරකථන අංක ද තිබිණි. යක්‍ෂාවේෂ වී සුනිල් රත්නවීර නැගී සිටියේය. ‘‘මම එකෙකුටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ’’ සුනිල් රත්නවීර ගුගුළේය. ඒ ගිගුරුමෙහි ප‍්‍රතිඵල එදා රාත‍්‍රියේදීම දැක ගත හැකි විය. සුනිල් රත්නවීර ඇතුළු රත්නවීර සොහොයුරන්ට එරෙහිව සකස් කළ ලියැවිල්ලේ මුලින්ම අත්සන් කළ ව්‍යාපාරිකයාගේ නිවෙසට ගිය සුනිල් රත්නවීර ඔහු කළ වරදේ බරපතළකම කෑගසා කීවේය. වරදක් නම් එයට දඬුවමක් ද හිමිවන බව ඔහු කීවේය. නිරායුධ ව්‍යාපාරික තරුණයාට සිදු වූයේ යක්‍ෂාවේෂ වී සිටින සුනිල් රත්නවීරගෙන් සමාව අයැදීම පමණෙකි. එහෙත් සියල්ල කලින් සැලසුම් කරගෙන සිටි සුනිල් රත්නවීර තරුණ ව්‍යාපාරිකයාගේ පළල් නළල් තලය පසාරු කර දැම්මේය. ඒ වෙඩි උණ්ඩයෙනි. ඒ මළ සිරුර මහ පාරට ඇදගෙන ආ සුනිල් රත්නවීර යන්න ගියේය. පළිගැනීම නතර වූයේ නැත. දෙවැනියට අත්සන් කර තිබූ ව්‍යාපාරිකයා සොයා රත්නවීර ගියේ ඊට පසු දින දහවලේය. සිය ගණනක් ගම්මු බලා සිටියදීම සුනිල් රත්නවීර ඒ ව්‍යාපාරිකයාටද වෙඩි තිබ්බේය. නගරයම භ‍්‍රාන්ත විය. තෙවැනි ව්‍යාපාරිකයාට අත් වූයේත් පෙර ඉරණමය. එහි ප‍්‍රතිඵල ඉක්මණින්ම සුනිල් රත්නවීරට ලැබිණි. එනම් සුනිල් රත්නවීරට එරෙහිව අත්සන් තැබූ සෙසු සියලූම ව්‍යාපාරිකයන් සූරියවැවෙන් පළා යාමය. සටනේ ජයග‍්‍රහණය රත්නවීරලාට හිමි විය. ඉතිරිය ලබන සතියට....

සටහන : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

සූරියවැව ගිනියම් කළ රත්නවීර - චණ්ඩි මල්ලි වෛරය

ප්‍රවීන් Monday, 30 July 2012 09:09 AM

මේවා මෙහෙම ලිවුවහම මේවා කියවන අයටත් මේ වගේ වෙන්න හිතෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ලියන්න එපා. (නි)

:       0       0

තිලක් Wednesday, 01 August 2012 08:09 AM

වැපිරූ අස්වැන්න නෙළා ගත හැකිය. (නි)

:       0       0

සරත් Wednesday, 01 August 2012 06:15 PM

අපේ රටේ පාලකයින්ගේ සහ ආරක්ෂක අංශ වල දුර්වලතා අපට මින් පෙනෙනවා. (නි)

:       0       0

සංජය Wednesday, 01 August 2012 07:13 PM

රටට ආදරේ නම් මෙහෙම දේවල් ලියන්න නරකයි. තේරුණාද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 01 August 2012 07:13 PM

නිවටකම සහ බඩගෝස්තරවාදය.............. (නි)

:       0       0

කුරුවිට Thursday, 02 August 2012 02:55 PM

බොරු වුණත්,ඇත්ත වුණත් රසවත්ව ලියලා නම් තියෙනවා. (නි)

:       0       0

දම්මික Tuesday, 14 August 2012 11:16 AM

කවුරු උනත් කමක් නැහැ චන්ඩි ඔක්කොම ඉවරයක් කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site