මං එන්නෙ හැන්දාවට. ඔයා පරිස්සමින් ගෙදර ඉන්න. යතුරුපැදිය පණගැන්වූ සුරංග නිවෙසින් පිටත්ව ගියේ එසේ කියමින්. සුරංගත් දරුවාත් යන දෙස බලා සිටි ජිනේෂා සුපුරුදු පරිදි තමාගේ එදිනෙදා වැඩකටයුතු කරන්නට පටන් ගත්තා.
ආදරය පුදුමාකාර හැඟීමක්. ජීවිතේ ජීවත් කරවන ඒ ආදරේ වෙනුවෙන් ආදරවන්තයො ආදරවන්තියො අපමන කැපකිරීම් කරනවා. ජිනේෂා සහ සුරංගත් ඒවගේ යුවළක්. ඒත් ජීවිතේ ඉරණම කොයි අතකට පෙරළේවිද කියලා දන්නෙ නැති ඔවුන් දෙදෙනා තමන්ගේ දරුවාද සමගින් අදරයෙන් ජිවත් වුණා.
හිතේ පාළුවත් එක්කම ජිනේෂා ගෙයි මැද සාලයට ගියා. ටී වී ස්ටෑන්ඞ් එකේ දෙවැනි රාක්කයේ තිබුණු පින්තූරයක් දෙසට ඇයගේ නෙත් යොමුවුණේ ඉබේටම. ඒ පින්තූරය ගෙන තිබුණේ ජිනේෂාගේත්. සුරංගගේත් විවාහ උත්සවය දිනයේදී. ඇය පින්තූරය අතට ගෙන අසල තිබූ පුටුසැටියේ වාඩිවුණා. පින්තූරය දෙස බැලූ ඇයට තම අතීතය සිහිවුණා.
සුරංග, ජිනේෂාට පෙම් කරන්න පටන් ගත්තෙ ඇය උසස්පෙළ කරන කාලෙදි. ඒ කාලෙදි සුරංග ආවෙත් ජිනේෂා ආ පන්තිවලට. ජිනේෂාගේ ගමට අල්ලපු ගමේ තමයි සුරංග ජීවත්වුණේ. සුරංගත් ජිනේෂාත් පන්තිවලට ගියේ එකම බස් රථයේ. එසේ යන ඇතැම් දවස්වලට සුරංග තම මිතුරන් සමඟ එක්වී ජිනේෂාට විහිළු තහළු කරනවා. ජිනේෂාත් වටපිට බලා කවුරුන් හෝ නොපෙනෙන වෙලාවට සුරංග සමඟ සිනාසෙනවා.
සුරංගත් ජිනේෂාත් අතර තිබුණු හිතවත්කම ආදරයක් බවට පෙරළෙන්නට ගතවුණේ ටික කාලයක් පමණයි. ඒ ආදර කතාව ගෙතුණේ හරියට සීරුවට ඇමිණෙන දම්වැලක් වගේ.
ඔවුන් සති අන්තයේ පන්තිවල හමුවී නිතර කතාබහ කළා. කාලය ටිකින් ටික ගතවුණේ ඔවුන්ටත් නොදැනීම. උසස්පෙළ විභාගයත් අවසන්ව නිවෙසට වී කල්ගත කළ ඔවුන් ඉන් අනතුරුව පරිගණක ඩිප්ලෝමාවක්ද හැදෑරුවා. ඒ ඔවුන් දෙදෙනාටම හමුවීමට අවශ්‍ය නිසා.
එසේ දින සති මාස ගෙවී ගොස් උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වුණා. සුරංගත්, ජිනේෂාත් උසස්පෙළ සමත්ව තිබුණත් සරසවිවරම් ලබා තිබුණෙ නැහැ.
ජිනේෂා දෙවැනිවරටත් විභාගය සඳහා උත්සාහ කළත් සුරංග නැවත විභාගයට පෙනී සිටියේ නැහැ. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායෙ සේවය සඳහා ඇතුළත් වුණා.
දෙවැනිවරටත් උසස් පෙළ විභාගයට මුහුණදුන් ජිනේෂාට, ඉහළ ලකුණු ලැබුණෙ නෑ. ඇගේ සරසවි සිහිනය සුනුවිසුනු වී ගියා. බලාපොරොත්තු සියල්ල අපේක්‍ෂාභංග වුණා.
ජිනේෂාත්, සුරංගත්, අතර තිබුණු යාළුකම ගෙවල් දෙකෙහිම මවුපියන්ට ආරංචි වුණා. ජිනේෂාගේ තාත්තා සුරංගට මුලදී අකමැති වුවත් පසුව කැමැත්ත ප‍්‍රකාශ කළා.
ඔවුන්ගේ පාසල් පේ‍්‍රමය අවසානයේදී කෙළවර වුණේ විවාහයෙන්.
මතක මාවතේ බොහෝ දුරක් ගමන් කළ ජිනේෂා පියවි ලෝකයට පැමිණියේ පැය භාගයකට පමණ පසුව. තම අතේ තිබුණු පින්තූර ටී.වී. ස්ටෑන්ඞ් එක මත තැබූ ඇය ඉතිරි වැඩ කටයුතුවල නිරත වුණා. නිවසේ වැඩ සියල්ල නිමවූ විට දහවල් දොළහත් පසුවී තිබුණා.
ඉක්මනින් ඇඟ සෝදාගෙන ලකලැහැස්ති වී දරුවා රැුගෙන ඒමට යාම සඳහා ජිනේෂා නිවෙසින් පිටත් වුණා. එළියට බහිනවාත් සමඟම සුරංග දරුවාත් සමඟ ගෙදරට පැමිණියා. මිදුලේ යතුරුපැදිය නැවැත්වූ සුරංග ගේ තුළට ගොඩවුණා.
පුදුමු රස්නයක්. පාරෙ ඉන්න බෑ පිච්චෙනවා. එසේ කියමින් සාලයේ හිඳගත් සුරංග විදුලිපංකාව පණගැන්වූවා.
මඟට එන්නයි හිටියෙ පස්සෙ හිතුණා. මඟට ආපු එක ගෙදරටම ගොඩවෙලා යන එක හොඳයි කියලා. ජිනේෂා සුරංගගේ මුහුණ දෙස බැලූවා. ඔහුගේ මුහුණපුරා ඩාදිය බිඳු වැගිරී තිබුණා. අව්කාස්ටකේ සිටීම නිසා ඔහුගේ දෙනෙත් රත්පැහැ වෙලා. සුරංග ගැන ඇයට පුංචි දුකකුත් ආදරයකුත් ඇතිවුණා.
කාලය කෙමෙන් ගතවී ගියා. ඒ කාලයේදී උතුරේ සටන් ඉතා තදින්ම ඇවිළිලයි තිබුණෙ. සුරංගට පැවරී තිබුණෙ උතුරේ වළදමා තිබූ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරිය. ඒ සඳහා සුරංග ඇතුළු කිහිපදෙනෙක් යන්ත‍්‍ර උපයෝගී කරගෙන බිම් බෝම්බ වළලා ඇති තැන් සොයා ඒවා නිෂ්ක‍්‍රීය කිරීමට යොදවලා තිබුණා. ඊට අදාළ ඇඳුම් කට්ටල සහ අවශ්‍ය උපකරණ ඔවුන්ට ලැබුණා. මේ කාලය තුළ සුරංග කිහිපවරක් ගෙදර ආවා. ඔහුට හැකි සැමවිටම ගෙදර තතු විමසා බැලූවා. සුරංග ඇතුළු පිරිස ්9 මාර්ගයේ සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කළා.
මේ යුද්ධය දිගින්දිගටම පැවතුණා. මෙහි කෙළවර කවරදානම් සිදුවෙයිද කියලා ඔහු සිතන්න වුණා. දවසින් දවසම බෝම්බවලින්, මියයන පිරිස වැඩියි. සෑම නිවෙසකම පාහේ මරණයේ දෝංකාරය.
මේ ගැන සිතමින් තම දරුවාත් බිරිඳත් ගැන සිහි කරමින් සිටි සුරංග ඉදිරියට අඩිය තියනවාත් සමඟම මහා ශබ්දයක් නඟමින් බිම්බෝම්බයක් පිපිරී ගියා. ඒ හඬට බියවුණු කුරුල්ලන්ද ඒ මේ අත පියඹා ගියේ මරණ බිය ඔවුන්ටද දැනුණු නිසා. බෝම්බයට හසුව මියගිය සුරංගගේ සිරුර නිවෙසට ගෙන ආවේ මුද්‍රා තබලා අවසන් වතාවටත් ඔහුගේ මුහුණ බැලීමට ජිනේෂාට අවස්ථාව ලැබුණේ නැහැ.
පොලිස් උපහාර මැද සියලූ ගෞරව සහිතව සුරංගගේ අවමඟුල සිදුවුණා. සුරංගගේ වියෝව ඉවසාගත නොහැකිවූ ජිනේෂා හැසිරුණේ පිස්සියක මෙන්, අවසානයේ කළ යුත්තේ කුමක්ද? ඉදිරි ජීවිතය කුමක් වෙයිද? සිදුවුණේ කුමක්ද යන්නවත් ඇයට හරි අවබෝධයක් තිබුණේ නැහැ.
ජිනේෂා දැන් ජීවත්වෙන්නෙ සුරංගගෙ මතකයත් එක්ක. ඇය දැන් ගොඩක් තනිවෙලා. සුරංගගෙ වියෝවත් එක්ක ගමේ අය ජීනේෂාගේ සුවදුක් සොයා බැලූවත් සුරංගගේ වියෝවීමේ දුක පුරවන්න ඒ කාටවත් පුළුවන් වුණේ නැහැ.
සුරංගගේ වන්දි මුදල් සහ මාසික වැටුප් ජිනේෂාට සෑම මසකම ලැබුණා. ඒ නිසා ඇයට මුදල්වලින් අඩුපාඩුවක් තිබුණේ නැහැ. දරුවාගේ පාසල් ගමනට අවශ්‍ය දේවල් මෙන්ම ඈට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට ද එම මුදල් ප‍්‍රමාණවත් වුණා. ගෙදර වත්තේ තිබුණු පොල්, කොස්, දෙල් ආදිය ද කඩවලට විකුණා දමා අමතර ආදායමක්ද ලබාගන්නට ඇයට හැකිවුණා.
සුරංගගේ වියෝවෙන් පසුව සෑම දිනකම දරුවා පාසලට ගෙනයාමට සිදුවුණේ ජිනේෂාට. ඒ සෑම දිනකම පාහේ තනිකම පාළුව ඇයගේ හිතට තදින්ම දැනෙන්න වුණා. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 28 යි. තරුණවියේ සිටි ඇය වැන්දඹුවක් වුව ද රූපයෙන් අගතැන්පත් තරුණියක්.
අවසානයේ ඇය වරදෙහි පැටලූණා. පිරිමි කිහිපදෙනෙකු සමඟ සබඳතා පැවැත්වූවා. දරුවා පාසලේ සිටින කාලයේදී ඔවුන් ජිනේෂාගේ නිවෙසට යන්න එන්න පටන් ගත්තා.
ජිනේෂාගේ නිවෙසට පිටස්තර පිරිමි එන බව මුළු ගමේම ලැව් ගින්නක්සේ පැතිරුණා. ඒ හැමදේම ගමේ මිනිසුන්්ගෙන් වසන් කිරීමට සිතූ ඇය නිවෙස වටාම ලොකු තාප්පයක් ඉදි කළා. ඇය එසේ සිදුකළේ ගම්මුන්ගේ දෑස් වසාලීමට මෙන්.
නිවෙසට හිරවී ජීවත්වුණු ජිනේෂා ගම්මුන්ගෙන් ඈත්වුණා. නමුත් දැන් ඇයට පාළුවක් තනිකමක්, දැනෙන්නේ නැහැ. ඒ ඇගේ අස්වැසීමට කිහිපදෙනෙකු තාමත් ඇගේ නිවෙසට පැමිණෙන නිසා.
ජිනේෂාගේ ජීවිතය මේ විදියට ගත වුණා. සුරංගගේ මියයාම ජිනේෂාගේ ජීවිතේ විශාල වෙනසක් ඇතිකරන්න හේතුවුණා. ජීවිතයේ හැමදෙයක්ම පසුපස අපි අපි වෙනුවෙන් ගත යුතු බුද්ධිමය තීරණ බොහොමයක් තියෙනවා. ඒ තීරණ බුද්ධිමත් තීරණයක් විදියට ගන්න අපි උත්සාහ කළ යුතුයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙබළාගේ වැන්ඳඹු බිරිඳට අලූත් ජීවිතයක්
කුමාරි Tuesday, 09 June 2015 05:42 PM
ඔය ඔක්කොම නවත්තල එක්කෝ එක්කෙනෙක් බැද ගන්න.ඔය හැම දෙයින්ම අන්තිමට අසරණ වෙන්නේ අහිංසක දරු පැටිය.(කේ)
නිමල් ජයසිංහ Wednesday, 10 June 2015 04:26 AM
අතේ රෝල් ලියලා පත්තර පිටු පිරවීම මාධ්‍ය මූලධර්ම වලට එකඟද? කීයක් හරි ලැබුණට බඩකට චුට්ටක් පුරවගත්තට මේවායෙන් සමාජයට යහපතක් වෙන්නෙ නැහැ.(ම)
සංජීව Thursday, 11 June 2015 05:10 AM
හරියටම හරි නිමල්. ගොතපු කතා ලිව්වත් කමක් නෑ සමාජයට යහපත් පණිවිඩයක් දෙනවනම්. මේවගෙන් අපිට ඇති පලේ මොකක්ද? (ම)
සම්පත් - ඩුබායි Saturday, 13 June 2015 04:32 PM
විකල් වෙච්ච සමාජයේ මේවා නොවෙන්න පුළුවන් කියල කියන්නේ කොහොමද? ගැහැණුන්ගේ මේවගේ අනුවන වැඩ නිසා අසරණ වෙන්නේ අහිංසක දරුවා,,,(අ)
සුමුදු Sunday, 14 June 2015 08:34 AM
අර අහිංසක දරුවාගේ ජීවිතය ගැන හිතද්දී දුකයි (බ)
ජොහාන් Monday, 15 June 2015 03:26 AM
අනේ මන්දා! ඇය වැරදිද කියලා මටත් තේරෙන්නෙ නැහැ (නි)
රුවිනි Monday, 15 June 2015 08:27 AM
මේ මොන බහුබූතයක්ද ? (බ)
දිමුත් Monday, 15 June 2015 09:17 AM
මේ පත්තර කතන්දර මවලා ලියනවද මන්දා.(ම)
ඉඳුනිල් Wednesday, 17 June 2015 02:15 PM
වැඩේ වැරදි වුනත් ඒ මනුස්සයා එහෙම කරන්නේ ජීවත් වෙන්න විදියක් නැති නිසා නම්? (ර)