X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


සොරකමේ ආ අඹුසැමි යුවළ පරීක්ෂා කළාම දෙන්නම ගෑනු

කුරුණෑගල, යන්තම්පලාව නගරයේ සිල්ලර භාණ්ඩ අලෙවිසැලක් බිඳ භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් වෙළෙඳසල් හිමියාගෙන් කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට ලැබී තිබුණි. මෙම සොරකම අලුයම එකට පමණ සිදුව තිබූ අතර එයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සියැසින් දුටු පුද්ගලයකුද විය.

01-page-7-ganu-1 
ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු තරුණ ගැබිනි කාන්තාවක්ද සමග එම වෙළෙඳසල අසල සිටිනවා දුටු බවය. එම ස්ථානයේ සිටින්නේ කුමකටදැයි විමසූ විට අක්කාට වැසිකිළි යාමේ අවශ්‍යතාවක් ඇතිවී ඒ සඳහා එම ස්ථානයේ නැවතී සිටි බව යතුරු පැදිය පැදවූ තරුණයා පැවැසූ බවද ඔහු ප්‍රකාශකර තිබුණි.


කෙසේ හෝ ඔහුට ඇතිවූ සැකයක් මත එම යතුරු පැදියේ අංකය සටහන් කරගෙන තිබුණි. එම අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකළ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරිහු එම යතුරු පැදියේ හිමිකරු නාරම්මල ප්‍රදේශයේ අයෙකු බව අනාවරණය කර ගත්හ. එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ එදින තම පවුලේ ඥාතියෙකු කිසියම් අවශ්‍යතාවකට යතුරු පැදිය ගෙන ගිය බවය.


එම තොරතුරු ඔස්සේ හඹාගිය නිලධාරින් ඥාතින්ගෙන් ලබාගත් තොරතුරු මත පළමුවෙන්ම සැකකාර තරුණයා සමග සිටි බව කියන ගැබිනි කාන්තාව සොයාගත් අතර ඇය කුරුණෑගල නගරය ආසන්නයේ පිහිටි කුලී නිවෙසක සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.


ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කියා සිටියේ තම පෙම්වතා සමඟ එක්ව යන්තම්පලාවේ වෙළෙඳසල බිඳ භාණ්ඩ සොරාගත් බවය. පෙම්වතා සමඟ කුලී නිවසෙහි පදිංචි වී සිටින බවද ඇය පැවැසුවාය. එම නිවසෙහි තිබී වෙළෙඳසැලෙන් සොරාගත් සීනි, කිරිපිටි, සබන්, දත් බෙහෙත් ආදි භාණ්ඩ කීපයක්ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

1
ගැබිනි කාන්තාවගේ තොරතුරු අනුව සැකකාර තරුණයා කුරුණෑගල නගරයේ ආපනශාලාවකට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. කොණ්ඩය කොටට කපා කලිසමකින් සහ අත්කොට කමිසයකින් සැරැසී සිටි තරුණයා හීන්දෑරි පෙනුමකින් යුත් අයෙකු විය. 


පොලිසියට රැගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළද ඔහු වචනයක් හෝ ප්‍රකාශ නොකිරීම හේතුවෙන් අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් අවසානයේදී පොලිසියේ ක්‍රමයට ප්‍රශ්න කිරීමට සූදානම් වූවා පමණි.


“අනේ සර් එයාට මොනවත් කරන්න එපා. එයා පිරිමියෙක් නොවෙයි ගෑණියෙක්” යැයි සැකකාර ගැබිනිය හඬමින් පැවැසුවේ එම ස්ථානයේ සිටි අපරාධ විමර්ෂණ අංශයේ සියලුම පොලිස් නිලධාරින් අන්දමන්ද කරවමින්ය.


“අනේ ඔය ඇත්තද කියන්නේ ...” අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංක බාලසූරිය මහතා ඇගේ ප්‍රකාශය පිළිගත නොහැකිව ගැබිනි කාන්තාවකගෙන් ප්‍රශ්න කළේය.


“අනේ ඔව් සර් මම මේ ඇත්තමයි කියන්නේ. මෙයා පිරිමියෙක් නොවෙයි ගෑණියෙක්. මෙයා ගෑණියෙක් වුණාට ජීවත් වෙන්නේ පිරිමියෙක් විදිහටයි. සර්ලාට සැකනම් මෙතන ඉන්න නෝන කෙනෙක් ලවා මෙයාව පරීක්ෂා කරලා බලන්න...” යැයි ඇය බාලසූරිය මහතාගෙන් ඉල්ලා සිටියාය.


මෙම සිදුවීමෙන් පුදුමයට පත්වූ පොලිස් නිලධාරින්ට අවසානයේදී සිදුවූයේ ගැබිනි කාන්තාවගේ ප්‍රකාශයට අනුව එය සැබෑවක් දැයි සැකහැර ගැනීම සඳහා පොලිස් නිලධාරිනියක් ලවා සැකකාර පිරිමියාව පරීක්ෂාවකට ලක් කිරීමටය. 


එම පරීක්ෂාවේදී අනාවරණය වූයේ මෙතෙක් වෙලා පිරිමියෙකු ලෙස පෙනී සිටියේ නියම කාන්තාවක බවය. නමුත් ඇය බාහිර පෙනුමෙන් කාන්තාවක යැයි සිතා ගැනීමටවත් නොහැකි තරමට ඇයගේ පෙනුම, හැසිරීම, කතාබහ, ගමන බිමන නියම පිරිමියෙකු සේ විය. ඒ තරමටම ඇය නියම පිරිමියෙකු සේ හැසිරුණේය.


පිරිමියා ලෙස පෙනී සිටි සැකකාරිය නාරම්මල පදිංචිකාරියකි. ඇය 32 හැවිරිදිය. ඇගේ බිරිඳ ලෙස පෙනී සිටි ගැබිනි කාන්තාව වාරියපොළ, මිනුවන්ගැටේ පදිංචි 20 හැවිරිදි එක්දරු මවකි. මොවුන් දෙදෙනා වසර තුනකට ආසන්න කාලයක් විවාහක යුවළක් ලෙස කුලී නිවසෙහි එකට වාසය කර ඇති බව ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය විය.


මොවුන් දෙදෙනාම ඥාති සම්බන්ධතා සහිත පවුල් දෙකක වුවද ප්‍රධාන සැකකාරිය පිරිමියෙකු නොවන බව තමන් දැන ගත්තේ ඇය සමග ඇසුරක් පවත්වාගෙන ටික දිනකට පසුව බව ගැබිනි කාන්තාව පොලිසියට ප්‍රකාශ කළාය.


අත්අඩංගුවට පත්වන විට ගැබිනියට සත්මස් පිරී තිබිණ. ඇයට දරුවා ප්‍රසූත කිරීමට ඇත්තේ මාසයක කාලයකි. මොවුන් දෙදෙනා අතර අසම්මත ඇසුරක් පැවැති බව අනාවරණය වූ බවද පොලිසිය කියයි.


“ඇයි තමා මේ විදිහට පිරිමියෙක් වගේ රඟපෑවේ” පොලිස් පරීක්ෂක බාලසූරිය මහතා ප්‍රශ්න කළේය. 


“සර් ... මම පුංචි කාලයේ ඉඳලාම කෙල්ලෙක් විදිහට ඉන්නවාට වඩා කොල්ලෙක් විදිහට ඉන්න ආසා කළා. ඒ නිසාම මං පුංචි කාලයේ ඉඳලාම ඇඳුම් ඇන්දේ පිරිමියෙක් විදිහටයි. මේ නිසාම මගේ අම්මයි තාත්තයි අයියලයි අක්කලයි හැරුණු කොට අපේ පවුලේ නෑදෑයෝ කීප දෙනෙක් විතරයි මම ගෑනු ළමයෙක් කියලා දැන ගෙන හිටියේ. ගමේ අය පවා හිතුවේ මම ඇත්තටම පිරිමි ළමයෙක් කියලයි.” 


”මම ඉස්කෝලේ ගියේ නැහැ. අල්ලපු ගමේ පන්සලේ පිරිවෙනට තමයි ගියේ. පිරිවෙනේ නායක හාමුදුරුවෝ විතරයි මම ගැහැනු ළමයෙක් කියලා දැනගෙන හිටියේ. පිරිවෙනෙත් මම හිටියේ පිරිමි ළමයෙක් විදිහටයි. මම ගිය හැම තැනකම මගේ මේ රහස හංගාගෙන හිටියා.”


“මම ලොකු වුණාමත් මේ රහස හංගා ගෙන පිරිමියෙක් විදිහටම හිටියා. පිරිවෙනෙන් අයින් වුණාට පස්සේ මම එක එක රස්සාවල් කළා. පිරිමියෙක් වාගේ අතට අහුවුණු හැම රස්සාවක්ම කළා. පිරිමි කරන බර වැඩ, කුලී වැඩ පවා මම කළා. මට පොල්ගස් නගින්න පුළුවන්.”


“මට සුජීවා (අන්වර්ථ නාමයකි) හම්බවුණේ කුරුණෑගල හොස්පිට්ල් එකේදී. ඒ මීට අවුරුදු තුනකට කලින්. මම ඒ කාලයේ කුරුණෑගල හොස්පිට්ල් එකේ ක්ලීනින් සර්විස් එකේ වැඩ කළා. එතැන වැඩ කරපු ලොකු නර්ස් නෝනා කෙනෙකුයි, ක්ලීනින් සර්විස් එක බාරව හිටිය මිසුයි විතරයි මම ගෑණියෙක් කියලා දැනගෙන හිටියේ. වැඩ කරපු අනෙක් හැමෝම හිතුවේ මම පිරිමියෙක් කියලයි. මම කවදාවත් කට්ටිය ඉන්න තැන්වල ඇඳුම් මාරු කරන්න ගියේ නැහැ. මාත් එක්ක වැඩ කරපු සමහර පිරිමි කියනවා උඹේ කටහඬ හරියට ගෑනියෙකුගේ වගෙයි කියලා.”


“සුජීවා හොස්පිට්ල් එකට බෙහෙත් ගන්න ආව දවසක මම එයාට උදව් කළා. ඊට පස්සේ මම එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තා. මට සුජීවා දැකපු මුල් දවසේම එයා ගැන ආදරයක් ඇති වුණා. මට කිසිම දවසක පිරිමින් ගැන ආදරයක් ඇතිවෙලා නැහැ.” යනුවෙන් ප්‍රධාන සැකකාරිය මෙතෙක් කල් තමන් රැකගෙන සිටි රහස එලෙස පොලිසිය හමුවේ හෙළි කළාය.


සමාජයේ පිරිමියෙකු ලෙස පෙනී සිටි ඇය පිරිමින් සමඟ සම සමව විවිධ රැකියාවල නිරත වෙමින් ඔවුන් සමඟ එක්ව මත්පැන්, සිගරැට්, ගංජා පවා පානය කර ඇති බවද නිතරම සිගරැට් පානය කර ඇති බවද අනාවරණය වී ඇත.


ඇය සුජීවා සමග සම්බන්ධයක් ගොඩනඟාගෙන ඇත්තේද ඇයගේ කැමැත්ත මතය. විවාහක යුවළක් ලෙස එකම නිවෙසක විසීමට පටන් ගන්නා විට සුජීවා එක්දරු මවකි. මේ වනවිට එම දරුවාගේ වයස අවුරුදු තුනහමාරකි. එම දරුවා සුජීවාගේ මවගේ භාරයේ ඇති දැඩි වෙමින් සිටියි. 


සුජීවා පාසල් වියේදීම වයස අවුරු 16 දී එවකට ඇගේ පෙම්වතා අතින් ගැබ්ගෙන ඇත. දරුවා ලැබුණද ඔවුන් නිත්‍යානුකූලව විවාහවී නැත. ඇයට ප්‍රධාන සැකකාරිය මුණ ගැසෙන්නේ ඉන් පසුවය.


ප්‍රධාන සැකකාරිය තම ඥාති පවුලක සාමාජිකයෙකු බව සුජීවා දැන ගත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මුණගැසීමෙන් පසුවය. සුදුසු සහකරුවෙකු නොමැතිව අතරමංව සිටි සුජීවාට පිරිමියෙකු සේ පෙනී සිටි ප්‍රධාන සැකකරු සමඟ ඇසුරක් අරඹන්නේ ඇය තමන්ට ගැළපෙන පිරිමියෙකු බව සිතාය.


දෙදෙනාගේ ඇසුර අසම්මත ඇසුරක් දක්වා දුරදිග යන අතර එම සම්බන්ධයේදී මෙතෙක් කල් පිරිමියෙකු යැයි සිතා තමන් ඇසුරු කළේ ගැහැනියක බව සුජීවා දැන ගත්තද කෙසේ හෝ අවසානයේදී එම අසම්මත ඇසුරට ඇයද පෙළඹී තිබේ.


මේ සුජීවා පොලිසියට ප්‍රකාශ කළ දේය.


“එයා පිරිමියෙක් නොවෙයි කියලා දැන ගත්තත් මට එයාව අත හරින්න බැරිවුණා. එයා විවාහක සැමියෙක් වගේම මාව ආදරයෙන් බලා ගත්තා. මටත් ඕනෑ වුණේ මගේ දරුවාත් එක්ක අනාථ නොවී ජීවත් වෙන්නයි. එයා පිරිමියෙක් වාගේ එක එක රස්සා කරලා සල්ලි හොයලා කන්න බොන්න අඳින්න පලඳින්න දීලා මාව හොඳට බලා ගත්තා.” 


“මේ බව අපේ පවුල්වල අය පවා දැන ගෙන හිටියත් ඔවුන් අපිට මොනවත්ම කීවේ නැහැ.”


“ඊට පස්සේ අපි දෙන්නා එක එක තැන්වල ගෙවල් කුලියට අරගෙන ජීවත්වුණා. ඒ හිටපු කිසිම තැනක කවුරුවත්ම අපි දෙන්නව සැක කළේ නැහැ. ඔවුන් හිතුවේ අපි බැඳපු ජෝඩුවක් කියලයි.”


“එයා මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එන සමහර දවස්වලට බියර් ගෙනල්ලා බීවා. සිගරැට් නම් නිතරම බීවා. මම ඒවාට විරුද්ධ වුණේ නැහැ. මාසයකට කීප සැරයක්ම අපි දෙන්නා සමිපව ඇසුරු කළා ...” මේ සුජීවා අනාවරණය කළ තොරතුරුය.


ප්‍රධාන සැකකාරිය මීට පෙර කාන්තාවන් කීප දෙනෙකුම සමඟ අසම්මත පෙම් සබඳතා පවත්වා ඇති බවද, ඉන් එක් විවාහක කාන්තාවක් ඇය සුජීවා සමඟ සබඳතාවක් පටන් ගැනීමෙන් පසුව ඒ පිළිබඳව සිත් කලකිරී ගිනිතබාගෙන සිය දිවි හානිකරගෙන තිබූ බවද පොලිසිය කියයි.


මේ ආකාරයට දෙදෙනා අතර අසම්මත ඇසුරක් පවතිද්දී සුජීවා වෙනත් පුද්ගලයකු සමග නැවත සබඳතාවක් ඇතිකරගෙන තිබේ. එම අනියම් සබඳතාවයේ ප්‍රතිඵලයක් විදිහට සුජීවා දෙවන වරටද ගැබ් ගත්තාය. එයින් දැඩි ලෙස කෝපයට පත්වූ ප්‍රධාන සැකකාරිය මීට මාස කීපයකට පෙරදී කුරුණෑගල නගරයේදී සුජීවාට පිහියකින් ඇන තුවාල සිදුකළාය.


එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇය අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියදී මෙම සොරකම සම්බන්ධයෙන් නැවත අත්අඩංගුවට පත්විය.


මොවුන් දෙදෙනා මීට පෙර වීරඹුගෙදර සහ නාරම්මල ප්‍රදේශවලද වෙළෙඳසල් කැඩීමට උත්සාහ දරා තිබුණද එය අසාර්ථක වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 


මෙසේ සොරකම්වලට යොමුවී සිටියදීම ප්‍රධාන සැකකාරිය අබලි යකඩ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ස්වයං රැකියාවකද නිරතව සිට ඇත. ඒ ද පිරිමියෙකු ලෙස පෙනී සිටිමින් ය.


ගැබිනි කත සමඟ යතුරු පැදියකින් පැමිණි ඈ යන්තම්පලාව නගර මධ්‍යයේ පිහිටි සිල්ලර වෙළෙඳසල බිඳ ඇත්තේ කිසිදු බියකින් සැකයකින් තොරවය.
වෙළෙඳසැලේ දොරට දමා තිබූ යකඩ ඉබ්බන් කඩා දමා දොරගුළු විවර කරගෙන සොරකමෙහි යෙදීමට ඇය සමත්වී ඇත. සොරකම් කරගත් භාණ්ඩ සමඟ වෙළෙඳසැලේ තිබූ රුපියල් 700ක මුදලක්ද සොරකම් කරගෙන ඒවා සැකකාර ගැබිනියගේ ඇඳුම තුළ රඳවාගෙන යතුරු පැදියෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි. 


කෙසේ හෝ මොවුන් දෙදෙනා විවාහක අඹු සැමි යුවළක් ලෙස සමාජය රවටමින් වසර තුනක පමණ දිගු කාලයක් ගැටලුවකින් තොරව විසීමට සමත්වීම අපූරු කරුණකි.


එසේම ප්‍රධාන සැකකාරිය සැමියා ලෙස පෙනී සිටිමින් තම අනියම් ගැබිනි පෙම්වතිය මාතෘ සායනවලට පවා කැඳවාගෙන ගොස් තිබුණාය.


කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජන්ත සමරකෝන්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් අනුව, සහකාර පොලිස් අධිකාරි එගොඩවෙල මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ, සැරයන් (23832) ක්වීන්ටස්, (57676) බණ්ඩාර, (37641) රත්නායක, කොස්තාපල් (36757) කීර්ති, (31838) උදයකුමාර, කාන්තා කොස්තාපල් (2170) චාරුලතා මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

m



අදහස් (0)

සොරකමේ ආ අඹුසැමි යුවළ පරීක්ෂා කළාම දෙන්නම ගෑනු

රුපවතී Tuesday, 04 October 2016 11:05 AM

පව් අසරණ මිනිසුන් මෙවන් දේවලට පැටලෙන්නේ සමාජයේ කොතනකහෝ ඇති විශාල දුර්වලකමකින් ..?ඒ දුර්වල තැන සොයා පිළියම් කලයුතුයි...? ඒ වගේම හිදගොල්ලේ අපේ තිලංක සොයුර පොලිස් මල්ලිට තෙරුවන් සරණයි ..? (රේ)

:       0       0

ටෙරන්ස් Wednesday, 05 October 2016 05:17 PM

දැන් කාලේ සොරු මොනතරම් සූක්ෂමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site