යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට වචනයෙන්, ක‍්‍රියාවෙන් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් කිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක සැකකරුවකු පොලිසියට වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකිය. පොලිසියට එවැනි පැමිණිල්ලක් සමථයකට පත් කළ නොහැකිය. එවැනි චෝදනාවකට ලක්වූවකු මහේස්ත‍්‍රාත්වරයෙක් ඉදිරියට පැමිණවීම අනිවාර්ය වෙයි.
මේ දණ්ඩ නීති සංග‍්‍රහයට 1995 දී එක්වූ අංක 22 දරන සංශෝධනයේ 345 වගන්තියයි.
යම් ආයතනයක ඉහළ නිලධාරියකු විසින් තමන් යටතේ සේවය කරන හෝ ක‍්‍රියාකරන අයකුට මේ හා සමාන හිංසන කිරීමද මෙකී නීතියට යටත් වන බවද එම සංශෝධනයේ සඳහන්වෙයි.
මෙවන් නීතියක් බලාත්මකව පවතින ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය ආයතනයක සතියකට ලිංගික හිංසන පිළිබඳව පැමිණිලි 8x10ක් තරම් ප‍්‍රමාණයක් සිදුවෙතැයි කීම කෙනකු විශ්වාස නොකරන තරමේ කථාවකි. එහෙත් එය සත්‍යයකි.
වෛද්‍යවරුන්, වරියන් 14,000ක්, හෙද හෙදියන් 24000ක් ඇතුළුව 109000ක සේවා බලඇණියක් සහිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ඇතුළු අනුබද්ධ ආයතන මගින් මෙසේ පැමිණිලි ලැබෙන බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශමය.
තවත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරයෙකි. ඔහු රජයේ අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියක නායකයෙකි. වෘත්තිය සමිති කටයුතුවලට මුදා හැර සිටින්නෙකි. වෘත්තීය සමිති කටයුතුවලට ඔහු රෝහලට එන්නේ රාත‍්‍රී 10 න් පසුවය. වෘත්තිය සමිති කටයුතුවලට බව කියමින් රෝහල් සේවිකාවන් ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගන්නා මේ අනංගයා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගනී. ඔහුගේ බිරිඳ ද එම රෝහලේම සේවිකාවකි. සැමියාගේ සල්ලාල වැඩවලට විරුද්ධවීම නිසා දෙදෙනා අතර ඇතිවූ ගැටුම අවසන් වුණේ බිරිඳ කොළඹ තවත් රෝහලකට මාරුකර යැවීමෙනි. සැමියා තවමත් පුරුදු රංගනයේමය. |
කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා වූ විවිධ තරාතිරම්වල පිරිස් සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනි පැමිණිලි වැඩිපුරම ලැබෙන්නේ කනිෂ්ඨ සේවක මණ්ඩල අතරින් බවත් ඒ අතර ඕවර්සියර්වරුන් ගෙන් සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ පැමිණිලි වැඩි බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඕවර්සියර්වරයා කැමති ඇහැට කණට පෙනෙන කම්කරු සේවිකාවක පැමිණිය හොත් බොහෝ විට සිදුවන්නේ ඇයට බර වැඩ දීමය. නොඑසේ නම් බාහිර රෝගීන් වැඩිපුර ගැවසෙන ප‍්‍රදේශවල අතුගෑම වැනි පිරිසිදු කිරීම් කටයුත්තක යෙදවීමය. තරුණියක නම් ඇය එහි සේවයට තරමක් මැලි වන්නීය. ඇය කාටවත් නොපෙනෙන තැනක රාජකාරියක් ඉල්ලයි. ඕවර්සියර්වරයා ඒ සඳහා ලිංගික අල්ලස් ඉල්ලයි. ඊට අකමැති වන්නෝ බරපතළ රාජකාරිවල යෙදෙන්නට සූදානම් විය යුතුය.
එක්තරා ප‍්‍රධාන රෝහලක ඕවර්සියර් කෙනකුගේ කැමැත්තට අලූත් කම්කරු සේවිකා තරුණියක් කැමති වුණේ නැත. අවසානයේ ඔහු ඇයට විවිධ රාජකාරි පැවැරුවේය. පළමුව බාහිර රෝගී අංශ පිරිසුදු කිරීම වැනි වැඩ. එහෙත් ඇය ඒ සියල්ල නොපිරිහෙලා ඉටුකළාය. ඇයට රිද්දන්නට අවස්ථාවක් බලා සිටි ඕවර්සියර්වරයාට අපූරු අවස්ථාවක් ලැබිණි. ඒ මෘත ශරීරාගාරයට කම්කරුවකු ඉල්ලා තිබීමයි.
ඔහු කළේ මෙම සේවිකාව යැවීමය. ඒ රාජකාරියටද ඇය වාර්තා කළාය. එහි සේවයට වාර්තා කොට දින කිහිපයකින් මැදියම් රැුයේ මෘත ශාරීරයක් එසවීමට මෘත ශරීරාගාර සේවකයෝ ඇයට අඬ ගැසුවේය. මෘත ශරීරය ඔසවන්නට හිත දැඩි කරගත් නමුත් එයට අත ගැසූ මොහොතේ ඇය සිහිසුන් වූවාය. ඇයට යළි පියවි සිහිය ලැබෙද්දී ඇය දුෂණයට ලක්ව සිටි බවත්, එම අවස්ථාව වන විට ඇඳ සිටි ඇඳුම් පවා සිරුරේ නොතිබූ බවත් මෙම තරුණිය කළ පැමිණිල්ලේ සඳහන්වේ.
වෛද්‍ය සැපයුම් අංශයට අනුයුක්තව සේවය කරන වෘත්තිය සමිති ක‍්‍රියාකාරයෙක් එහි සේවය කරන කම්කරු කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කරනු ලැබූ සිද්ධියක් මෑතකදී වාර්තා විය. මෙකී තරුණ කම්කරු කාන්තාවන් කෙළින්ම පැමිණිලි කොට තිබුණේ ඇමැතිවරයාටය.
සහෝදර සේවකාවන්ට පමණක් නොවේ, රෝගී කාන්තාවන්ට පවා අතවර කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීහු සිටිති.
උතුරු මැද එක්තරා මහ රෝහලක හෙද නිලධාරීහු දෙදෙනෙක් වරක් රෝගී කාන්තාවකට අතවර කළහ. සිද්ධිය පිළිබඳ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්නට එම රෝගී කාන්තාවගේ පාර්ශවය කටයුතු කළහ. ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවනු ලැබිණි. එහෙත් ඔවුන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් එම රෝහලේ හෙදxහෙදියෝ වර්ජනයකට එළැඹුණහ.
රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හේතුවෙන් යළි ඔවුන් දෙදෙනා සේවයේ පිහිටුවීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. මෙවැනි සිදුවීම්ද මේ අතර වෙයි. වෘත්තීය සමිතිවලට නායකත්වය දෙන සමහරු පවා මේ අවස්ථාවේ මෙම චූදිතයන් දෙදෙනා සේවයේ පිහිටුවන ලෙස බලකිරීම කනගාටුවට කරුණකි.
නිරන්තර ලැබෙන පැමිණිලි අතර ලිංගික අතවර, හිංසා, අඩන්තේට්ටම් වන අතර අමුතු අන්දමේ පැමිණිලි තිබේ. ප‍්‍රධානතම රෝහලක අපූරු වෛද්‍යවරයෙක් සිටී. ඔහු නාරි හා ප‍්‍රසවවේද විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු දෛනිකව රෝගීන් පරික්ෂාවට වාට්ටුවට එන්නේ රාත‍්‍රි 12 ටය. මෙය රෝගීන්ට පමණක් නොව වාට්ටුවේ සේවය කරන අනෙක් කාර්ය මණ්ඩලවලටද හිරිහැරයකි. එහෙත් ඔහුගේ අදත් පුරුද්ද එයමය. විවිධ රෝගාබාධ වලින් පෙළෙන ගැබිණි මව්වරුන් මේ වාට්ටුවට එවනු ලැබ ඇත. මේ ගැබිනි මව්වරුන් වෙත කළ යුතු විශේෂ පරීක්ෂණ මෙම වෛද්‍යවරයා අදත් කරනු ලබන්නේ මැදියම් රැුයේදීය. මෙයට විරුද්ධ වූ හෙද නිලධාරිනියන් කිහිප දෙනකුම එම වාට්ටුවෙන් මාරුවී ගොස් සිටී.
තවත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරයෙකි. ඔහු රජයේ අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියක නායකයෙකි. ඔහු වෘත්තිය සමිති කටයුතුවලට මුදා හැර සිටින්නෙකි. වෘත්තීය සමිති කටයුතුවලට ඔහු රෝහලට එන්නේ රාත‍්‍රී 10 න් පසුවය. වෘත්තිය සමිති කටයුතුවලට බව කියමින් රෝහල් සේවිකාවෝ ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගන්නා මේ අනංගයා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගනී. ඔහුගේ බිරිඳ ද එම රෝහලේම සේවිකාවකි. සැමියාගේ සල්ලාල වැඩවලට විරුද්ධවීම නිසා දෙදෙනා අතර ඇතිවූ ගැටුම අවසන් වුණේ බිරිඳ කොළඹ තවත් රෝහලකට මාරුකර යැවීමෙනි. සැමියා තවමත් පුරුදු රංගනයේමය.
ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් බොහොමයක හදා ඉවර කරන්නට බැරි විදුලි බුබුළු තිබේ. එවැනි තැන් අඳුරේ තබා ගැනීම සඳහා අලූත්වැඩියා කරන සෑම අවස්ථාවකම විදුලි බුබුළු බිඳින්නට කටයුතු කෙරේ.
කැලෑ පත්තර ගැසීමටද අංක එක ගන්නේ සෞඛ්‍ය සේවයයි. නම්මා ගත නොහැකි සේවිකාවන් වෙනුවෙන් කැලෑ පත්තර ගැසීම සිය රාජකාරියට වඩා උනන්දුවෙන් කරන කංකානිවරු සිටිති.
සුළු සේවක මණ්ඩල අතර පමණක් නොවේ, ඉහළ මට්ටමේ ද මේ ප‍්‍රශ්න අඩු වැඩි ලෙස තිබේ. එක්තරා සහකාර අධ්‍යක්ෂවරයෙක් හැට පැන සිටියත් තම අංශයේම විශේෂඥ වෛද්‍යවරියකට සිය පේ‍්‍රමය දන්වා කෙටි පණිවුඩ යැව්වේය. මේ කෙටි පණිවුඩ වෛද්‍යවරියගේ සැමියා දුටුවේය. ඒ ගෙදර ඇතිවූ ආරවුල අදාළ ආයතනය දක්වාම ආපසු පැමිණියේය.පිටරට සංචාරවලට යනවිට තම අංශයේ මෙන් කැමති නිලධාරිනියද තෝරාගෙන යන අධ්‍යක්ෂවරු සිටිති. වැඩමුළු සම්මන්ත‍්‍රණ ආවරණය කරන්නට යන ඔවුන් වෙනුවෙන් වැය වන මුදල පියැවෙන්නේ මේ රටේ පොදු මහජනතාවගේ මුදලිනි.
ලිංගික අල්ලස් ගැනීම් පිළිබඳව හිටපු ඇමැතිවරුන්ට පවා එරෙහිව චෝදනා තිබිණි. පහළ මට්ටමට මේ තත්ත්වය වැඩිදියුණු වන්නට එයද එක් හේතුවක් විය. දිගින් දිගටම මෙවැනි සිද්ධි වාර්තා වීම හේතුවෙන් මේවා පිළිබඳ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කරන්නට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එහෙත් ඉකුත් බදාදා වන තුරුත් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කිසිදු පැමිණිල්ලක් නොලද බව එහි ප‍්‍රකාශකයෙක් කීවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිගින් දිගටම සිදුවන මේ හානිය වළක්වන්නට නම් ඉහළ සිට පහළටම වරද දුටු තැන දඬුවම් දිය යුතු බව අමාත්‍යාංශයට සම්බන්ධ බොහෝ දෙනාගේ අදහසයි. සමහරුන්ට දඬුවම් දීමටත්, සමහරු ලිස්සා යාමටත් ඉඩ තැබීම ප‍්‍රශ්න වැඩි දියුණුවීමට හේතුවන බව ඔවුන්ගේ හැඟීමයි.
සැබැවින්ම පොලිසිය අවශ්‍ය නැත. අමාත්‍යාංශයටම එහි විමර්ශන ඒකකය හරහා අදාළ පැමිණිල්ල විභාග කොට වැරදිකරුට දඬුවම් දීමට හැකි තත්ත්වයක් තිබේ. එය සිදුවන්නේ නම් මෙවන් පැමිණිලි බොහොමයක් අඩුවනු ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලිංගික හිංසන
සිලවා Sunday, 30 December 2012 01:57 PM
මේවා අනුමත කරන්න බැහැ (දී)
දිල්ශාන් Sunday, 30 December 2012 03:20 PM
අයියෝ අපේ සල්ලි! (නි)
නොයෙල් Sunday, 30 December 2012 09:39 PM
නිතර බුදු බණ අහන රටක් නේද? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියන්නේ නිකන්ද? (නි)
භක්ති Monday, 31 December 2012 02:09 PM
මේ ලිපියෙන් පවසන සියල්ල සම්පූර්ණ ඇත්ත. (නි)
බන්දුල Monday, 31 December 2012 03:41 PM
එතකොට රෝහල් පොලිසිය? (නි)
රජිත Monday, 31 December 2012 08:51 PM
කවුද එතකොට මේවට වගකියන්න ඕනෑ? (නි)
විශ්ව Tuesday, 01 January 2013 01:53 AM
ගූගල් සර්ච් කරන්නේ ඒවා වැඩි නිසා වෙන්න ඇති. (නි)
කුමාරසිංහ Tuesday, 01 January 2013 06:15 PM
අවශ්‍ය වූ විට තැනට සුදුසු දඩුවම් ලබා දිය හැකිනම් මෙවන් අපරාධ අඩුකර ගත හැක. (නි)
වරුණ Wednesday, 02 January 2013 12:40 PM
මෙවන් දේවල් බොහෝවිට සිදුවිය හැක්කේ ප්‍රසව සහ නාරි වෛද්‍යවරුන්ගෙන් බව මගේ හැගීමයි. (නි)
භාතිය Friday, 04 January 2013 05:38 PM
වගකීමක් නැති දේශපාලඥයින් සිටිනාතාක් නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙලෙසද? (නි)
මහේෂ් Thursday, 17 January 2013 09:25 AM
අතවර කළ සියල්ලම අල්ලලා ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුයි. (නි)