X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


හරක් සොරකම් කළ සුමිතුරන් විපාක ලද හැටි

ජීවිතය නිවැරදි මගට ගැනීමට මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 


පදවිය මහසෙන්පුර, නන්දසේන මුරාගම මහතා ලියා එවූ කතාවක් මෙසේය. 


මේ 50  දශකයේ අගභාගයේ මා සියැසින් දුටු සත්‍ය සිදුවීමකි. වසරෙන් දිගුකලක්ම දැඩි වියළි ස්වභාවයක් පවතින රජරට පෙදෙසෙහි අතිශයින්ම පිටිසර වනගත ගම් දනව්වක පංච දුශ්චරිතයෙහිම ඇලී ගැලී දිවිගෙවූ පාපෂ්ඨ මිනිසෙකු මේ භවයේදී කළ දැවැන්ත අකුසල කර්මවල අනිටු පළවිපාක තමා වෙත පැමිණි ඒ අතිශය අනුවේදනීය සිද්ධිදාමයේ සත්‍ය පෙළගැස්මයි. 

 fg
අපි මොහු හේරත් බණ්ඩා නමින් හඳුන්වමු. හේන් ගොවිතැන හැරුණුවිට හෙතෙම ජීවනෝපාය වශයෙන් වන සතුන් දඩයම් කිරීම මස් පිණිස එළුවන් කුකුළන් හරකුන් ඇති කිරීම ආදිය කළේය. ගමේ පාසලේ 2 වැනි පන්තිය දක්වා පමණක් ඉගෙනුම ලැබු මොහු නපුරට හැරුණු කිලිටිවූ සිතිවිලි සමුදායකින් හෙබි අන්‍යයන්ගේ දුක් දොම්නස් හමුවේ සංවේදී නොවන මිනිසකු වූ නිසාම ගමේ කිසිවෙකුත් ඔහු කෙරෙහි දැඩි ප්‍රියමනාප බවක් නොදැක්වූහ. සහෝදරයන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමලා ඔහුය. අනෙක් සොයුරන් සිව්දෙනාම ජීවන අරගලයට මුහුණ දුන්නේ හොර සුරා පෙරා අලවි කිරීමෙන්  හා අහිංසක සතුන් දඩයම්කොට මස් විකුණා උපයා ගන්නා මුදල් වලිනි. අපේ කථා නාකයකා වූ හේරත් බණ්ඩා දරු තිදෙනෙකුගේ පියකුවන අතර පියාගේ ආභාෂය ලබන දරුවන් කළේද පව්කම්ය. වෙසෙසින්ම දරුවාගේ මුල්ම පෙර පාසල තම නිවසයි. මාපියන්ගේ නොමනා ක්‍රියා කලාපයන් මෙන්ම හැසිරීම් රටාවන් සියල්ලක් නොමේරූ ළමා මනසට කාන්දුකර ගන්නා දරුවන් අනාගතයේදී  සමාජයට සිදු කරන්නේ අවැඩක්ම ය. 


මේ පාපතර මිනිසාගේ දරුවන්ද නිරන්තරයෙන්ම කළේ පව්කම්ය. පාසල ඇරී ගෙදර එන දරුවන් කැටපෝලය ද රැගෙන අසල වන රොදට ගොස් කුරුල්ලත් මරා ගෙනැවිත් පුලුස්සා කෑම පුරුද්දක් කොටගෙන සිටියෝය. මාපිය දෙපළ ඒ සඳහා අබමල් රේණුවක තරමේ විරුද්ධත්වයක් පළ නොකළහ. හේරත් බණ්ඩා කිසිවිටෙකත් එළවළු පලාවර්ග සමඟ අහරගැනීම තදින් පිළිකෙව් කළ පුද්ගලයෙක් විය. දඩමස් නොමැතිව, සමහර දිනවල නිවසේ ඇති කරන දඩයම් බල්ලන් සමගින් ගොස් තලගොයින් සාවුන්, මරා ගෙනැවිත් රසකර බුදියි.  මොහුගේ ඇඹේණියද මහා දුර්ගුණ ඇත්තියක වූවාය. මැය තමන්ගේ දහසකුත් එකක් වැරදි සඟවා අන්‍යයන්ගේ අඩුපාඩු  හුවා දක්වමින් කල් ගෙවීම ඇයගේ ස්වභාවයයි. ගම්මු හැමෝම වාගේ පවසන්නේ මේ දෙපළ කොහොඹ ගහට ගිය කරවිල වැල වගේ ගැළපෙන බවයි. නිතිපතා ගම්මානය අසල පිහිටි වැව වෙත මාළු දැලක්ද රැගෙන යන මොහු මසුන් අල්ලා ගෙනැවිත් සිය ඇඹේනියට දුන්පසු ඇය කරනුයේ පණ ගැහෙන මාළු අමුඅමුවේම කපා ව්‍යංජන සඳහා පිළියෙල කිරීමය. පව්කම්හි ඇලී ගැලී දිවිගෙවන මිනිසා කෙරෙන් “සංවේදිතාව” ගිලිහීයාම නිරායාසයෙන්ම සිදුවන්නකි. තවද වෙසෙසින්ම වන සතුන්ට උගුල් ඇටවීම මොහුගේ දින චර්යාවේ ප්‍රධානතම කාර්යයයි. එක් මද වැසි සහිත දිනෙක සිය කුඹුර ඉස්මත්තේ අටවා තිබූ උගුලකට අහිංසක මුව පොව්වකු අසුවී මර බියෙන් විලාප දෙනු ඇසී පොරවක් හා උල්පිහියක්ද රැගෙනවිත්  මියයන තෙක්ම මුවාට පහර දෙන්නට තරම් මේ තිරස්චීන මිනිසා නපුරු වෙයි. දෙවූ කෙනෙහි කිරි 02--pg13-d--taks--pgsනොමිදෙන්නා සේම පවද කළ තනෙහි ඵල නොදෙන වග මේ නරුමයා නොදැන සිටියා විය හැක. සමහර අවස්ථාවල මොහු බීමතින් පැමිණ සිය වයෝවෘද්ධ රෝගීවූ මවට ඉදල් මිටකින් පහර දෙන්නට තරම් සැහැසිවේ. මොහුගේ මේ අධම ක්‍රියාව ඉවසා සිටිනු නොහැකි  වූ අසල්වැසියෝ හොර රහසේම ගමේ ගම්මුලාදැනි තැන වෙත මේ බව සැලකර සිටියෝය. ගම්මුලාදැනි තැන පැමිණ ඔහුගේ මවගෙන් මේ පිළිබඳව විමසද්දී ඇය එකහෙළාම කියා සිටියේ, මගේ පුතා කිසිදු දිනෙක තමාට හිරිහැර නොකරන බවකි. දරු සෙනෙහසේ උත්තරීතර බවට මෙම සංසිද්ධිය කදිම නිදසුනක් නොවන්නේදැයි නුවණැසින් විමසා බැලීම වටී. ඒත් මේ නරුම මිනිසාට ඒ කිසිත් නොවැටහේ. කානු නැති පාර මඩගොහොරුවක් වන්නාසේම නුවණ නැති මිනිසාට උපදෙසද විෂවගේය. තවද මස් පිණිස එළුවන් ඇති කරන මොහු උන්ගේ බර වැඩිකර ගැනීම සඳහා අලෙවියට සූදානම්කොට ඇති සතුන්ට  කුස පිරෙනතෙක් වතුර බොන්නට සැලැස්වීම (කිලෝ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා) සිරිතය. නපුරට හැරුණ සිතිවිලිවලින්යුතු මිනිසා නිරන්තරයෙන්ම ආගම දහම කෙරෙහි කිසිදු ඇල්මක් නොදැක්වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ පවිටු නපුරු සිත් ඇති මිනිසා කෙරෙන් උතුම් පුරුෂාර්ථ මෙන්ම සාරධර්ම ආදී යහගුණ ගිලිහීයාම අරුමයක් නොවේ. තවද වෙසෙසින්ම මොහු වහා කිපෙන සුළු පුද්ගලයකු නිසාම අසල්වැසි නිවැසියන් සමඟ නිතර ආරවුල් ඇති කර ගැනීම සිරිතය. (අනුවණ පුද්ගලයා වහා කිපෙන සුළුය.) ලෝකයේ අපා දුක් විඳිනුයේ ඉවසීම ප්‍රගුණ නොකළ පුද්ගලයා බව නොකිවමානය. එක් දිනක පදම ඉක්මවා සප්පායම්වී රෑ කල නිවසට පැමිණි මොහු රාත්‍රී ආහාරයට මස් නොමැති බව දැන වහ වහා කුකුල් කොටුව වෙත දිවගොස් කුකුලන් රැගෙනවිත් පිහියකින් ගෙල සිඳ මරා දමන්නට තරම් සැහැසි මේ පුද්ගලයාගේ  සිත කුරිරු වෙයි. පවිටු නපුරු කිලිටිවූ සිත් ඇති මිනිසාට නොකළහැකි පවක් කොයින්ද? ආගම දහමින් ඈත් වූ මිනිසා දිරාගිය දර කඩක් වැන්න. එවන් මිනිසුන් ජීවත්වුව ද සමාජයට දැනෙන්නේ මියගිය වුන් පරිද්දෙනි. තවද මේ අධම මිනිසා නිරන්තරයෙන්ම රාත්‍රියට සිහිණෙන් බියවී “පිච්චෙනවෝ” මරන්න එනවෝයි මරහඬ දෙනවිට  අසල්වැසියන් පවසා සිටියේ “කළ පව් පළ දෙන්නට කාලය එළැඹ ඇති බවකි.” සැබැවින්ම මේ පාපතරයා සිය “පාපකාරී භූමිකාවේ අවසන් රංගනය” කරා ළඟා වෙමින් සිටි මග ගම්මානයේ සෑම දෙනෙකුම පාහේ මැනවින් පසක්කොට ගෙන සිටියෝය.

අබ වපුරා තල නෙළාගත නොහැකිවාක් මෙන් තමා වැපුරූ දේම නෙළා ගන්නට යමෙකුට සිදුවීම සදාතනික සත්‍යයයි. කාලය සුපුරුදු පරිද්දෙන් ගෙවී යද්දී, මේ තිරස්චීන මිනිසා 50 වන විය ඉක්මවූවා පමණි. මේ කර්කෂ වියළි කලාපයේ ගොවීහු නිරන්තරයෙන්ම කැළෑ එළිපෙහෙළිකොට බිම් සකස් කිරීම අරඹන්නේ මාර්තුවේ සිට අගෝස්තු දක්වා කාල සීමාව තුළදීය. අපේ කථානායකයා වූ හේරත් බණ්ඩාද, හේනක් පිළියෙල කිරීම සඳහා පළමුව ලඳු කැලෑව කපා අවසන්කොට ඉතිරි මහගස් සියල්ල කැපීමෙහි නිරතව සිටියහ. පැය කිහිපයක් තිස්සේ මහත් වෙහෙසක් දරා  රූස්ස ගසක්  කපමින් සිටිද්දී නොසිතූ වීරූ ලෙස ගස ඔහුගේ සිරුර මත පතිත විය. ගසට යට වූ ඔහුගේ අත්පා කැඩී බිඳී තිබුණු අතර, හඳුණාගත නොහෙන තරමට මුහුණ විරූපීවී තිබුණි. තවද මේ බිහිසුණු අවස්ථාවෙන් ගැලවී ගන්නට හෙතෙම නොගත් උත්සාහයක් නැත. ඒත් අවාසනාවක මහිම “කළ පව් කම්හි දරුණ ඵල විපාක ප්‍රබල වු බැවින්” කිසිදු අයුරකින් එය වළක්වා ගන්නට මේ පාපකාරී මිනිසාට නොහැකි වූයේ මිනිසකු ලෙස ඉපිද මිනිස්කමට ද  නිගා දෙමින් කරන ලද පාපකර්මවල ඵල විපාක මේ අත්භවයේදීම තමා කරා පැමිණි නිසාය. මෙසේ හෙයින් අප පව් කිරීමට ලජ්ජා විය  යුතුය. බිය විය යුතුය. 

 


අංගොඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය. 


හොර ගවයන් මසට විකුණා දුක් විඳ මියයති. 

 


මෙය මීට දශක පහකට පමණ ඉහතදී බස්නාහිර පළාතට අයත් ගමක වූ සිදුවීමකි. එකල එය ජනයා අඩු වශයෙන් ජීවත්වන  ප්‍රදේශයක්ව පැවති අතර, මංමාවත්, විදුලිය වැනි පහසුකම් ද නොවීය. බොහෝ තැන් ළඳු කැලෑ සහිත විය. නිවෙස් පවා පිහිටා තිබුණේ එකිනෙකට තරමක් දුරිනි. එසේ වුවද එහි වැසියෝ තමනට හැකි අයුරින් ඔවුනොවුනට උදව් කරමින් අහිංසක දිවි පෙවෙතක් ගත කළහ. 


 ඉන් වැඩිදෙනා වී වගාවෙහි යෙදුණු අතර, සුළු පිරිසක් හේන් ගොවිතැන් කිරීමෙහි නිරතව සිටියෝය. වගා කටයුතු සඳහා යොදවා ගනු ලැබීම හේතුවෙන් ගවයා ඔවුනට මහඟු සම්පතක්ව තිබිණ. එමෙන්ම ඌත් නොයෙක් විට නිදැල්ලේ පසු වූහ. එහෙත් එක්තරා පාපතර පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශයෙහි පදිංචියට පැමිණීමත් සමඟම එම සතුන්ගේ ආරක්ෂාවට විවිධ තර්ජන එල්ල වීමට පටන් ගත්තේය. 


අපි ඔවුන් සිරිසේන හා සෝමදාස යනුවෙන් හඳුන්වමු. හැඩි දැඩි සිරුරැති මොවුහු දෙදෙන තියුණු අවි සහිතව නොයෙක්විට ඒ අවට සැරිසරන්නට වූ අතර යම් යම් තර්ජන මගින් ගම් වැසියන් බිය වැද්දීමටද උත්සාහ දැරූහ. ඉන් නොනැවතුණු ඔවුහු දෙදෙන එලෙස නිදැල්ලේ පසුවන ගවයන් රහසේ පැහැරගෙන යාමට ද පසුබට නොවූහ. 


හොර ගව ඝාතකාගාරයක් යාබද ගමෙහි පිහිටා තිබුණ අතර, එය රහසේ පවත්වාගෙන යනු ලැබුවේ අන්‍යජාතිකයෙකු විසිනි.  ඔහුගේ උපදෙස් මත සිරිසේන හා සෝමදාස එලෙස මස් පිණිස ගවයන් සැපයීම සාර්ථක සිදු කරගෙන ගියහ. එමෙන්ම ඔහු විසින් මරනු ලබන ගවයන්ගේ මාංශවලින් කොටසක් තම පරිභෝජනය පිණිස ද ගෙන ඇත. 


ඇඳිරි වැටීමත් සමගම ක්‍රියාත්මක වන එම දෙදෙන විදුලි පන්දම් ආධාරයෙන් ළඳු කැලෑ අතරින් ගවයන් දක්කාගෙන යාම පුරුද්දක් කොටගෙන තිබුණ අතර, නොයෙක් දෙනා හට ද එය රහසක් නොවීය. එනමුදු ඊට එරෙහිව කිසිවක් කිරීමට ඒ කවුරුත් මැළි වූහ. ඒ තම ජීවිතවලට කිසියම් තර්ජනයක් එල්ල වෙතැයි බියෙනි. 


ගව සම්පත ක්‍රමයෙන් විනාශවී යාම පිළිබඳව ඔවුහු මහත් කනස්සල්ලට හා කෝපයට පත් වුවද මොවුන් දෙදෙනගේ එම පාපතර ක්‍රියාවට නොපමාව දඬුවම් ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් පසු වූහ. මෙලෙස කාලය ද ගෙවීගිය අතර, සිරිසේන හදිසියේම රෝගාතුර විය. හෙතෙම දරුණු උදරාබාධයකින්  පෙළෙන්නට වූයේය. සිරුර පුරා කුඩා බිබිළි ද හටගත් අතර, ඉන් තුවාලද සෑදුණි. 


පවුලේ අය නොයෙක් දේශීය ප්‍රතිකර කළ ද සුවයක් නොලැබුණි. කුසට අහරක් පවා ගත නොහැකිව දින ගණනාවක්ම වේදනාවෙන් විළාප නඟන්නට වූ හෙතෙම අවසානයේ මෙලොව හැරගියේ ගව සොරකමෙහි යෙදී සිදු කළ පාපකර්මයට විපාක මේ යැයි කාහටත් පෙන්වා දෙන පරිද්දෙනි.


පුදුමයකට මෙන් සෝමදාස ද ඊට පසුදින රෝගී වූයේය. ඔහුගේ සිරුරෙහි ද තැනින් තැන නොයෙක් බිබිළි හා තුවාලද සෑදී තිබුණ අතර ඉන් ඇති වූ වේදනාව දරාගත නොහැකිව විලාප නඟන්නට වූයේය. ආහාර පාන පවා ගනු ලැබුවේ ස්වල්ප වශයෙනි. නිවැසියන් එක්ව කොතෙක් ප්‍රතිකාර කළ නමුදු නිසි සුවයක් අකාලයේ මිය ගියේ ගව සොරකමේ පාපයට සිය ජීවිතයෙන් වන්දි ගෙවමිනි. 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

m



අදහස් (0)

හරක් සොරකම් කළ සුමිතුරන් විපාක ලද හැටි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site