පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අගවිනිසුරුවරියට එරෙහිව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලංකාදීප පුවත්පත දෙසැම්බර් 12 දින සිට කොටස් වශයෙන් පළකරනු ලැබීය, එහි අවසන් කොටස දෙසැම්බර් 17 වන දින පළ විය. දෝෂාභියෝගය පිළිබඳව විරුද්ධ මත පළකරන බොහෝ දෙනකු එම වාර්තාව දැක නැතැයි සිතමි. එම වාර්තාව කියවූයේ නම් දෝෂාභියෝගයට එරෙහි අය වුවද තමන්ගේ ස්ථාවරය පිළිබඳව දෙවරක් සිතා බලනු ඇත. රජය කළ යුත්තේ සම්පූර්ණ වාර්තාව සියලූ ලේඛන සහිතව ඉතා ඉක්මනින් මහජනතාව අතට පත්වන ආකාරයෙන් මුද්‍රණය කර බෙදා හැරීමයි. මහජනතාවට සත්‍යය දැනගැනීමට ඉඩ සැලසීම රජයේ යුතුකමකි. අවශ්‍ය කෙනකුට ලබාගත හැකි ආකාරයට අඩු මිලකට අලෙවි කිරීම හෝ නොමිලේ ලබාදීම කළ යුතුව ඇත. දෝෂාභියෝගයේ පළමුවැනි චෝදනාව වන්නේ ගෝල්ඩන් කී අර්බුදයට අදාළ මූලික අයිතිවාසිකම් නඩු තුනක් වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී විභාග වෙමින් තිබියදී අගවිනිසුරුවරිය ඒවා තමන් වෙත පවරාගත් බවත් එම නඩුවට අදාළ දේපළක් අගවිනිසුරුවරිය ඇගේ සහෝදරිය සහ මස්සිනා වෙනුවෙන් මිල දී ගත් බවත්ය. මෙම චෝදනාවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතාව අනුව දෙවන විනිසුරුවරිය වන ශිරාණි තිලකවර්ධන මහත්මි ලබාදුන් සාක්ෂියේ සම්පිණ්ඩනයක් එම වාර්තාවේ අඩංගු වේ. එම නඩුව මුලින්ම විභාග කරන ලද්දේ සරත් එන්. සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශිරාණි තිලකවර්ධන මහත්මිය සාමාජිකත්වය දැරූ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ය. සරත් එන් සිල්වා මහතා විශ‍්‍රාම යාමෙන් පසු ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය එහි සභාපති තනතුරට පත් වූවාය. විපතට පත් 9000 ක් පමණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙම විනිසුරු මඬුල්ල උපරිම යුක්තියක් ඉටු කිරීම සදහා අලූත් මං සොයමින් දැඩි කැපවීමකින් කටයුතු කළේය. එකී සමාගම්වලට අයත් දේපළ වරලත් ගණකාධිකාරී මණ්ඩලයක් ලවා තක්සේරු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව අලෙවි කිරීමට නොහැකි අන්දමින් කටයුතු කළේය. ඒ ආකාරයට ගනුදෙනුකරුවන් වෙනුවෙන් උපරිම සහනයක් සැලසීම සඳහා කටයුතු කරද්දී එක් පුද්ගලයෙක් මෙය පස්දෙනකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත යුතු යැයි සදහන් කරමින් උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කළේය. තිලකවර්ධන විනිසුරුවරිය මෙය අගවිනිසුරුවරියට ඉදිරිපත් කළාය. එසේ කරන ලද්දේ එවැනි ඉල්ලීමක් පිළිබදව තීරණයක් ගත හැක්කේ අගවිනිසුරුවරියට බැවිනි. එහෙත් අගවිනිසුරුවරිය ඒ පිළිබදව තීරණයක් නොගත්තාය. ඒ වෙනුවට අගවිනිසුරුවරිය නව විනිශ්චය මණ්ඩලයක් පත් කළාය. එහි සභාපති වූයේ අගවිනිසුරුවරියයි. තිලකවර්ධන මහත්මිය එම මණ්ඩලයට අයත් නොවූවාය. ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් දෝෂාභියෝගය පිළිබදව අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණ කරන හේතුව මට පැහැදිලිවූයේ මෙම වාර්තාව කියවන විටය. ගෝල්ඩන් කී නඩුවලට අදාළව එම සමාගම්වල ඉහළ කළමනාකරුවකු වන ජනක රත්නායක මහතා බලවත් විෂමාචාරයක යෙදී ඇති බැවින් ඔහුට විරුද්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස තිලකවර්ධන විනිසුරුතුමිය රහස් පොලීසියට නියෝග කළාය. තිලකවර්ධන විනිසුරුවරිය විභාග කළ නඩුව අගවිනිසුරුවරිය විසින් විභාග කිරීමට කටයුතු කිරීම, එම සමාගමෙන් දේපළක් මිලදී ගැනීම, ජනක රත්නායකට එරෙහිව තිලකවර්ධන මහත්මියගේ පැමිණිල්ල සහ ජනක රත්නායක ඔප්පුවට අත්සන් කිරීම යන දේවල්වලින් තදබල විෂමාචාරයක තොරතුරු නිරාවරණය වේ. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේ හතරවන චෝදනාව වන්නේ එන්.ඩි.බී. බැංකුවේ ගිණුම් නවයක් ඇතුළු විවිධ බැංකුවල ගිණුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යාමත් එකී තොරතුරු අධිකරණ නිලධාරියකු වශයෙන් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයේ සදහන් නොකිරීමත්ය. දෝෂාභියෝග විමර්ශන වාර්තාවේ අගවිනිසුරුවරියගේ වත්කම් ප‍්‍රකාශනයට ඇතුළත් කර නැති ගිණුම් රැුසක විස්තර ඉදිරිපත් කර ඇත. එයින් ගිණුම් කිහිපයක් පිළිබදව ඉදිරිපත් කර ඇති කරුණු එම වාර්තාවෙන් උපුටා දක්වමි. ගිණුම් අංකය: (පැරණි) 100002001967 ගිණුම් අංකය: (නව) 10110002778 බැංකුව: එන්.ඞී.බී. ගිණුම් හිමියාගේ නම: ශිරානි අංශුමාලා බණ්ඩාරනායක වර්ෂ 2010.04.15 දක්වා මෙම ගිණුම ඉතා සක‍්‍රීයව පැවති ගිණුමකි. වර්ෂ 2012.04.15 වන දින රුපියල් 4,653,468.92 ක මුදලක් ආයෝජනය කිරීම සදහා :ීැජමරසඑසැි* ආපසුගෙන ඇත. ශේෂය වූ 736.47 ක මුදල ගිණුමේ තවමත් පවතී. මෙම ගිණුම අග‍්‍රවිනිශ්චයකාරවරිය කිසිදු වර්ෂයක වත්කම් හා බැරකම් ප‍්‍රකාශවල හෙළිදරව්කර නොමැත. අග‍්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිණුමේ මාර්තු මස 31 වන දිනට ප‍්‍රථම හා මාර්තු මස 31 දිනෙන් පසුව මුදල් තිබූ ආකාරය මෙලෙස දැක්විය හැකිය.
දිනය | ශේෂය |
13.01.2010 | 4,566,724.47 |
13.01.2010 | 00 |
15.04.2010 | 4,566,724.00 |
15.04.2010 | 736.47 |
03.11.2011 | 736.47 |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හැංගුණු සත්‍යය
බුද්ධි Friday, 21 December 2012 01:48 PM
කාටහරි රිදුනද දන්නෙ නැහැ..!(නු)
ජිනා Friday, 21 December 2012 04:19 PM
අපි ඇහුම්කන්දීමයි වැදගත්. (නි)
වසන්ත Friday, 21 December 2012 07:15 PM
මොකද මේකට කාගෙවත් අදහස් නැත්තේ? (නි)
රෝහණ වීරවංශ Friday, 21 December 2012 07:42 PM
සෑම දේකටම සීමාවක් තියෙන්න ඕන..!(නු)
අනුර Saturday, 22 December 2012 01:16 AM
හරියට නාට්‍යයක් රග පානවා වගේ.. උගත් අයගේ කෙරුවාවල් පේනවා...!(නු)
දයා Saturday, 22 December 2012 10:16 AM
මටනම් මොකුත් තේරෙන්නේ නැහැ අප්පා (දී)
සුමනා මානවඩු Saturday, 22 December 2012 01:01 PM
මේ සියල්ල ඇතිවීමට හේතුව අපි දන්නවා..!(නු)
සදුනි Saturday, 22 December 2012 02:43 PM
හැංගි හැංගි වෙස් බැන්දට නටන්නවෙන්නේ එළියේ (දී)
අචිනි Saturday, 22 December 2012 06:57 PM
අපි මොකුත් දන්නේ නැහැ, අපිට මොකුත් මතක නැහැ (දී)
සදුන් Sunday, 23 December 2012 07:44 AM
අපි මේවා දන්නෙ නැහැනේ. (නි)
සිරිමල් Sunday, 23 December 2012 11:03 AM
අපෙ මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අවංකකම තමා, ගොඩක් අයගේ අදහස් දැක්වීම් වලට එයලගේ දේශපාලන අන්තගාමී කම ගාව ගන්නවා.සාධාරන විවෙච්නයක් නැ .මම කතාවක් කියන්නම්. දවසක් මාව පොලිසියෙන් ඇල්ලුවා තනි ඉර කපලා. මට දඩ කොලයක් ලියනකොට මම දැක්ක තව අය ඉර කපලා යනවා. මම එක කිව්වාම රාළහාමි කිව්වෙ, "දැන් මහත්තයා කරපු වැරද්ද වැරද්දක් නෙමෙ ද, වෙන අයත් ඒ වැරද්දම කෙරුවම ? - මට හැමොම එක වර අල්ලන්ඩ බැ. ඒත් අහුවෙන කෙනාට දඩුවම් දෙනවා". මෙක මට හිතන්ඩ දෙයක් ඉතුරු කලා. වැරදි නම් දඩුවම් ලැබිය යුතුයි.නැත්නම් දඩුවම් නොදිය යුතුයි කීම හරිද? කලා නම් ( ඔප්පු කරන කම් ඔනිම කෙනෙක් නිවැරදි කරුවෙක් ) (දී)