සිත, කය, වචනය යනුවෙන් දොරටු තුනක් පිළිබඳව බුදුසමය උගන්වයි. මිනිසා සමාජය හා සහසම්බන්ධතා පවත්වනු ලබන්නේ මෙම දොරටු තුනෙන් හෝ ඉන් එකකින් හෝ දෙකකින් ය. බුදුසමයේ උගන්වන හැටියට සිත, කය, වචනය යනුවෙන් දොරටු තුනක් දැක්වුව ද එම දොරටු තුනට ඇත්තේ සමාන බලතල නොවේ. එහි බෙදීම වන්නේ සිතට විශේෂ බලතල ද කය සහ වචනය යන දෙකට සමාන බලතල ද වීමයි. සිත සියල්ලෙහි නායකයාය. සිත පළමුව සිතන සිතිවිල්ල දෙවනුව කටින් එළියට දමයි. මිනිසා කතා කරනවා යයි කියන්නේ එයටය. මිනිසා සිතින් සිතාම කටින් වචන කතා කරයි. සිත පළමුව සිතන සිතිවිල්ල කය දෙවනුව ක්‍රියාත්මක කරයි. මිනිසා සිතින් සිතාම කයින් ක්‍රියා කරයි. තුන් දොරේ ප්‍රධානියා සිතය. කයෙහි ප්‍රධානියා ද සිතය. මිනිසා නැමති ලෝකයේ ප්‍රධානියා ද සිතය. සිත සියල්ලට පෙරටුව ගමන් කරයි. සිතින් සිතාම මිනිසා සියල්ල කරයි. විද්‍යාත්මක ලෝකයේ මොළය යනුවෙන් ද, සාමාන්‍ය සමාජයේ ඔලුව යනුවෙන් ද ආගමික සමාජයේ මනස යනුවෙන් ද භාවිත කරනු ලබන්නේ සිතය. සිතින් සිතාම බිනීමත් කිරීමත් අයිති වන්නේ සචේතනික ක්‍රියා හැටියටයි. කර්ම විපාක ලැබෙන්නේ එබඳු ක්‍රියාවලට පමණයි. එසේ නොවන ක්‍රියාවලට කර්ම විපාක නොලැබේ. එයට හේතුව ඒවා අචේතනික ක්‍රියා වීමය. කෙනෙකු විසින් කරනු ලබන අචේතනික ක්‍රියාවක් අකුසල කර්මයක් වුව ද එය අකුසල කර්මයක් ලෙස බුදුසමයේ සලකනු ලබන්නේ නැත. අචේතනික ක්‍රියාවක් කුසල කර්මයක් වුව ද එය කුසල කර්මයක් ලෙස බුදුසමයේ සලකනු ලබන්නේ ද නැත. දිව්‍ය ලෝකයට යාමට සහ අපායට යාමට අචේතනික කර්ම හේතු නොවේ.
කෙනෙකුගේ සිතත් ඒ සිතට නැගෙන සිතුවිලිත් අතර සහසම්බන්ධතාවක් තිබේ. සිතිවිලිවලින් තොරව සිතකට පවතින්නට බැරිය. සිතක් නැතිව සිතුවිලි හටගැනීමක් සිදුවන්නේ ද නැත. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවයක් පවතියි. සිතට සිතුවිලි නැගීමත් පුද්ගලයා සිතන ආකාරයත් අතර ද සම්බන්ධතාවක් පවතින බව ඒ ගැන සියුම්ව පරීක්ෂා කර බලන විට දක්නට ලැබේ. එනම්, සිතට සිතූවිලි නැගෙන්නේ තමන් සිතන ආකාරයට අනුවයි. තමන් සිතන විදිහට සිත විසින් සැනින් අදහස් ගෙන දෙනු ලබයි. තමන් කෙනෙකු දෙස වෛරයෙන් බැලුවහොත් වෛර සිතුවිලි ද, මාන්නයෙන් බැලුවහොත් මාන්න සිතුවිලි ද, රාගයෙන් බැලුවහොත් රාග සිතුවිලි ද සැනින් තමාට සිත ගෙනැවිත් දෙන්නේ ඒ නිසාය. බොහෝ විට මිනිසා ඒ බව දන්නේ නැත. මිනිසා බොහෝ විට දන්නේ දෙවෙනි අවස්ථාවයි. එනම්, මිනිසා වැඩ කරන්නේ තමන්ගේ හිතට සිතෙන විදියටයි. සිත සහ සිතුවිලි අතර පවතින සම්බන්ධතාව හරිම අසිරිමත්ය. තමන් සිතන විදිහට සිතට නැගෙන සිතුවිලි සිත වටකර හැසිරෙන විදිය ද හරිම අසිරිමත්ය. ඇතැම් සිතුවිලි චණ්ඩ ද පරුෂ ද රෞද්‍ර ද වෙයි. ඇතැම් සිතුවිලි සෞම්‍ය ද පියකරු ද සොඳුරු ද වෙයි. චණ්ඩ ද පරුෂ ද රෞද්‍ර ද සිතුවිලි මනස අවුල් අපිළිවෙල කරයි. මනස අපිළිවෙළ කරනු ලබන්නේ මනසෙහිම හටගත් සිතුවිලි විසින්ය. එබඳු සිතුවිලි මනසේ හටගනු ලැබුවේ ඒ විදියට සිතූ නිසාය. සෞම්‍ය ද පියකරු ද සොඳුරු ද සිතුවිලි විසින් සිත තැන්පත් කරවයි. සිතෙහි තරහ නිවයි. කේන්තිය නැති කරයි. සිතට සැහැල්ලුව අරගෙන එයි. එබඳු සහනයක් සිතට දැනෙන්නේ එසේ සිතූ නිසාය.
“ඉවසීමෙන් සැනසිල්ල ලැබේ” “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන කියමන් දුටු සැණින් “ඕවා අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ කතා. ඒවා දැන් යුගයට හරියන්නේ නැහැ” යි යන සිතුවිල්ල ඔබගේ හිතට එකවරම නැඟුණා නේ ද? හිතේ හැටි එහෙමයි. යමක් කියූ සැණින් පෙර අසා පුරුදු දෙයක් නම් එය අවලංගු කර දමන්නට ඉක්මන් වෙයි. අසා නැති නොදන්නා දෙයක් නම් “ඕවා අපට වැටහෙන්නේ නැහැ” යනුවෙන් ඉක්මන් තීරණ ලබා දෙයි. කොතරම් තාක්ෂණික උපකරණ නිපදවූවත් ඒ තුළින් මොනතරම් ඉක්මනට තීරණ ගන්න හුරුකෙරුවත් හිත ඊට වඩා ඉක්මන්.
ඒ නිසා ම නොවේ ද ඕවා පරණ කතා කියන අදහස තීරණයක් විදිහට අරගෙන දුන්නේ. එම පිළිගැනීමේම නොසිට තවත් ඔබ්බට යමක් හිතන්නට නො වෙහෙසෙන්නේ ඇයි? ඒවා ගැන හිත හිතා මිඩංගු කර දමන්න කාලය නැති හින්ද ද, නැත්නම් එයට වඩා වටිනා දේවල් ගැන සිත යොමු කරලා නවීන තාක්ෂණික හෙට දවසට පලක් ප්‍රයෝජනයක් නැති හින්ද ද? ඇත්තට ම ඇයි එහෙම හිතන්නේ? ඔබ දවසක් ඉවසන්නට ගොසින් සිදු වුණු එකම ලාභයක්වත් මතක නැද්ද? ඔබගේ හිත මෙතරම් අකාරුණික වෙන්නේ ඇයි? ඇත්තට ම ඉවසීමෙන් ලැබූ ජයක් නැද්ද? ඔබේ ජීවිතය ගැන ඔබ දන්න තොරතුරුවලට අනුව ඉවසීම ජයග්‍රහණ කරා යන ඔබේ ජීවිතයට අවශ්‍යද? එහෙම නැත්නම් අත්‍යවශ්‍යද? අනවශ්‍යද?
දැන් මතකයට ටික ටික එන හැටි. ඉස්සර නං මං කොච්චර ඉවසන කෙනෙක් ද? දැන්නම් ඉවසීම බින්දුවට ම බැහැලා. ඒ තත්ත්වයට පත් වෙලා ඉන්න හින්ද නේ ද ඕවා යල් පැන ගිය ඒවා කියලා හිතුණේ. ඉස්සර ඉවසීමෙන් දිනූ ජීවන දිනුම්වලින් සොළොසින් එකක් තරම්වත් දැන් ලැබෙනවා ද, ඉවසීම නිෂ්ඵල ක්‍රියාවක් ය කියලා කියන්නේ එය නැති මිනිස්සු. ඒවායේ ඇති හරයක් නැහැ. තියෙන තරම් තියෙන්නේ මුසාවයි. මුළාවයි. කියලා හිතන කොටත් එහි ආනිසංස හිතට ලැබෙනවා නේ ද? ශරීරය තුළ ඇති සැහැල්ලුව මොනතරම් ද? මං හදිස්සි වුණා වැඩියි. අපරාදෙ ඉක්මන් වුණා. දැන් බලන්න ඔබගේ හිත ඔබටත් එරෙහිව යහපත් සිතුවිලි අරගෙන දෙන හැටි. ඒවායේ ගුණ මෙනෙහි කරවන්නට හුරු පුරුදු කරවන්නට වෙර දරන හැටි.
වරද දැක දැක එයම කළේ ඇයි?
සමහර වෙලාවට තමා ඉන්න ස්ථාවරය වැරදි බව වැටහුණත් ඉන් මිදෙන්න කල්පනා කරන්න හිත ඉඩ නොදෙන හැටි. මං මේ තීරණය වෙනස් කළොත් හොඳ නැහැ. එය ලජ්ජාවට කරුණක්. නිවැරදි දෙය දැක දැකත් වැරදි දෙයෙහි ම එල්බ ගන්න හිත වලි කන අපූරුව.
හොඳයි හොඳ දේ නම්
නරකයි නරක දේ නම්
හොඳට පවතී නම්
හොඳයි හොඳ සිරිතේ යෙදේ නම්
නරක අයහපත් දෙය ඔබ කළත් වෙන කෙනෙකු කළත් නරක ම මිස යහපතක් නො වෙයි. එබැවින් යෙදිය යුත්තේ ද, සිතිය යුත්තේ ද, සිටිය යුත්තේ ද හොඳ සිරිතෙහි ය. එම පක්ෂයෙහිමත්, තමා කොතරම් හොඳට සිටියත් සමාජය තමාට ලබා දෙන්නේ අයහපතක් ම නේ ද? හොඳ අයට ම ඇයි විපත්ති වෙන්නේ කියලත් ඔබට සිතුණා නේ ද? එහෙම කල්පනා වූ අවස්ථාවක් පිළිබඳව මෙනෙහි කරන්න. අනිවාර්යෙන් ම ඔබට පාඩුවක් හෝ අලාභයක් ඒ වෙලාවේ සිදුවන්නට ඇති. ඒකයි එහෙම කල්පනාවට ආවේ. අන්‍ය කෙනෙකුට දැන හෝ නොදැන වරදක් කළ විට හෝ ඉන් පසුව ඒ අදහස් එලෙසින් ම සිතට එන්නත් තිබුණා නේද? ඇයි එහෙම නොවුණේ? ඒකට හේතු තියෙනවා. ඒ තමයි තමාට වාසි සහගත යහපත් දෙය ම ලැබීම පිළිබඳ හිත යට ඇති කරගෙන, හිතට හුරු කළ සාවද්‍ය අදහස. ඒ සිතුවිල්ල අයින් කර නොගන්නා තුරු ඔබට එහෙම කල්පනාවට ඒවි. හොඳ මිනිසුන්ට ම යි විපත්ති වෙන්නේ කියලා. එය එහෙම නොවෙයි. අයහපත් කරන අයටයි ඒවා ඇහෙන්නේ. යහපතෙහි නිරත වුණු අයටයි එම ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබ පටු විදියට හිතන්න, හුරුපුරුදු වුණේ කවදා ඉඳලා ද? හොඳයි හොඳ දේ නම් කියලා කියන්නේ ඇයි කියලා හිතන්න බැරි ඔබේ හිත ඔබට යහපතක් අත්කර දෙයි කියලා හිතනවා ද? ඉවසීමෙන් ලැබූ ජයග්‍රහණ මෙතරම් තියෙද්දිත් ඕවා යල් පැන ගිය පරණ කතා කියලා තීරණයකට බැස්සේ එම නිස යි.
නිවැරදි දේ සිතුවහම ඒවා ක්‍රියාවට පෙරළුවහම එයින් යහපතක් වෙනවාය කියන විශ්වාසය පළමු ව ඇතිකර ගැනීම වැදගත්, අනතුරුව එබඳු දේ දිගින් දිගට ම කරන්න පුරුදු වෙන්න. අතින් පාඩු කරගෙන ඒවා කරන්න කියල ම නොවෙයි මේ කියන්නේ. තමන්ට අලාභයක් නොවන විදිහේ යහපතක් සමාජයට කරන්න. එවිට හිත සැහැල්ලු වෙනවා. තමන් කළ යහපත නිසා අන්‍යයන්ගේ සම්භාවනාවට පත් වෙන්න ඕනැය කියලවත් එහි ක්‍රියාවේ ප්‍රතිඵලය ඉක්මනින් ලැබෙන්න ඕනැ ය කියලවත් හිතන්න යන්න එපා. ලැබෙන දෙය ලැබේවි. කරන දෙය කරන්න. ඒක තමයි යහපත් මිනිසාගේ හැටි. ඔබ යහපත් කෙනෙකු යැයි අවංකව හිතන්නට තරම් හේතු තියෙනවා ද? නැහැනේ ද? ඔබ කළ දේ දන්නේ ඔබ ම නොවේ ද? ඒත් හැම වෙලාවෙ ම වැරදි නැති මිනිස්සු තෝරන්න වලි කන්නේ ඇයි? එහෙම අය ඉස්සර හිටියට දැන් සමාජයේ නැහැයි කියල දුක් වෙන්න අවසර ගත්තේ කාගෙන් ද? තමගේ යහගති ගැන නොහිතා අනුන්ගේ පව් දුර්ගතිවලට මෙතරම් ඇයි තැවෙන්නේ? ටිකක් ඉවසන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ, එය තමා තුළින් ම ඇරඹුවොත් පමණයි. ඉවසන දනා රුපු යුදයට පමණක් නොවෙයි තමාට ම ද ජය කොඩියක් වෙන අයුරු බලා තමාට ම පළමු ව කොඩිය දා ගන්න පු`ඵවන් වේවි.
කේන්ති යන අය ගැන අධ්‍යයනය කර බලනවිට පෙනෙන්නේ කේන්තිය විවිධ බවයි. ඇතැම් අයට ඉක්මණින් කේන්ති යනවා ඉක්මණින් කේන්තිය නිවෙනවා. ඒත් කේන්ති ගිය මොහොතේ කළ ක්‍රියා නිසා කේන්ති නිවුණ පසුවත් දුක් වෙනවා. කේන්තිය සර්ප හිසක් වගෙයි. කේන්තිය මනසට මෙන් ම සිරුරට ද අරගෙන එන්නේ දුකක්. එක දවසකට කී පාරක් මේ දවස්වල ඔබට කේන්ති යනවා ද? හැම දෙයට ම කේන්ති යනව ද? එහෙම නැත්නම් කේන්ති යන විශේෂ වෙලාවල් එහෙම තියෙනවා ද? කේන්ති ගත්තේ නැත්නම් කෑවෙ නැහැ වගේද? කේන්ති නොගත්තොත් තමන්ට හරි නැහැ කියල හිතෙනවා ද? කේන්ති ගැනීම ඔබේ පෞරුෂයේ උසස් ගූණයක්ය කියල හිතෙනවා ද? හිතට කේන්ති අරගෙන ඔබ ඔබේ වීරකමක් සමාජයට පෙන්වනවා කියලා හිතනවාද?
ඉවසීමටත් සීමාවක් තිබෙනවා. ඇයි මං මෙච්චර ඉවසන්නේ. මෙහෙම ඉවසුවහම මිනිස්සු හිතනවා අපි නිවටයෝය කියලා යි ඇතැමුන් මෙහෙම කියනු බොහෝ වෙලාවට ඔබත් අසා ඇති. බොහෝවිට මෙහෙම කියන්නේ කුකුල් කේන්ති කාරයෝ. ඒ කියන්නේ ඉවසීමක් ඇත්තේ ම නැති අය. ජීවිතයේ අතීතයට ආවර්ජනය කරල බලන විට ඉවසීමෙන් ජයගත්ත එකම එක සිද්ධියක්වත් ඔවුන්ගේ ජීවිතවල නොමැති බව පෙනෙනවා. ඉවසීමට සීමාමායිම් සොයන්නේ මෝඩ මිනිස්සු. හැම දෙයට ම සීමාමායිම් තිබුණත් ඉවසීමට එහෙම එකක් නෑ. ඉවසීම කියල කියන්නේ මානව ගුණ ධර්මයක්. ඉවසල ඉවසල බැරිම තැනදිත් ඉවසීමයි ඉවසීම කියල කියන්නේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිතට සිතුවිලි නැගෙන්නේ ඒ ගැන තමන් හිතන විදිහටයි
නිම්මි Monday, 20 June 2016 02:56 PM
සහතික ඇත්ත හාමුදුරුවනේ නමුත් මටත් කේන්ති යනවා මේ රටට වින කරන මිනිස්සු දැක්කම. (බ)
සිරිනිමල් පීරිස් Monday, 18 July 2016 02:45 PM
මානසික ගැටළු කිහිපයකින් පෙළුණු මා හට මෙය මහගු උපකාරයක් වුනි. ඉවසීම ප්‍රගුණ කිරීමට අදිටන් කළෙමි. අවසර අපේ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට බොහොම පින්. (බ)
මංජුල Monday, 11 July 2016 03:33 AM
ඉවසීම යනු සිරකරගෙන සිටීම නොවේ. සිරකරගෙන සිටින පුද්ගලයා ඉවසිලිවන්තයෙක් නොවේ. ඔහු වේදනාවෙන් සිටින අයෙක්. මක්නිසාද යත් තමන්ට කෝපය ඇතිවීමට හේතුවූ කාරණය ඉදිරියේදී තමන් බලාපොරොත්තුවන ආකාරයට වෙනස් වී තමන්ට සැනසීම ලැබෙය යන බලාපොරොත්තුව ඔහු තුළ පවතී. ඉවසන පුද්ගලයා තුළ වේදනාවක් නැත. ඔහු තුළ කෝපවීම නිෂ්ඵල දෙයක් යන අවබෝධය පවතී.ඔහු සිදුවීම තමන්ට කැමති ලෙස නොව එය සිදුවීමට හේතුවන කාරණා දෙස බලා එයට මුහුණදෙයි. කෝපය නිෂ්ඵල ලෙස දකියි. (නි)
ජගත් Thursday, 23 June 2016 06:33 AM
දනීෂ, ඉවසන්න වෙන්නෙ ප්‍රශ්නයක් ඇතිවිට මිසක් හොඳින් ඉන්න වෙලාවට නෙමෙයි. ප්‍රශ්න තියෙනවා කියන්නේ පි්ඩනයෙන් තමයි ඉන්නේ. වචන ලියන්න ලෙහෙසියි, නමුත් ප්‍රායෝගිකව කළ හැකි දේවල් පමණක් ලියන්න (නි)
දනීෂ Wednesday, 22 June 2016 04:23 AM
ඉවසල බැරි තැන පිපිරීමක් ඇති කරගන්නේ සැබවින් නුවනින් ඉවසූ අය නොව පීඩනයක් තෙරපාගෙන සිටීමයි.(ම)
මහසෙන් Tuesday, 21 June 2016 12:54 AM
මමත් ඉවසන්නේ මැදුම් පිළිවෙත අනුවයි. සදාකාලිකව ඉවසන්න ගියොත් මැරෙනකොටවත් සැනසීමක් නැහැ කියලා දැකලා තියෙනවා (නි)
අතුල Tuesday, 21 June 2016 12:52 AM
තම බිරිඳ දිගින් දිගටම කිසිදු පදනමකින් තොරව සැමියාට බනිනවා නම්, සැක කරයි නම්, නිවසේ බඩු බාහිරාදිය පොළොවේ ගසමින් දරුවන්ටද හිරිහැර කරයි නම් කවදා හෝ සැනසීමක් වේ යැයි කියා ඉවසිය යුතුද? වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතුද? (නි)
ගයාත්‍රිකා Tuesday, 21 June 2016 12:40 AM
දර කඩන ගැහැණු දර මිටි බඳින්නට නාගරාජයාව ගත් කතාවද අමතක නොකළ යුතුයි. අන් හැමදේටම වගේ ඉවසීමද සීමාවක් ඇතුව මැදුම් පිළිවෙතින් කළයුතුයි. අන්තගාමි නොවිය යුතුයි. (නි)
නාලිනී Tuesday, 21 June 2016 12:38 AM
සැමදේටම සීමාරහිතව ඉවසන්න යාම නම් අනුවණකමකි. එය කපටින්ට උඩගෙඩිදීමකි. (නි)
දමයන්ති Tuesday, 14 June 2016 09:11 PM
හාමුදුරුවනේ, හරිම අගෙයි. සාධු සාධු සාධු! (නි)
චානක Friday, 17 June 2016 06:45 AM
ඉවසලා ඉවසලා බැරිම තැන නවතින තැන තමයි ඉවසිය යුතුම තැන (බ)
අන්ජානා Friday, 17 June 2016 05:30 AM
සදා ඉවසන්න යාමෙන් සැනසිමක් කෙසේවෙ තත් සදා දුකෙන්ම සිටින්න වෙනවා යන්න මාගේ අදහසයි. සිමාවක් ඇතිව ඉවසිය යුතු අවස්ථා මෙන්ම සීමාවක් නැතිව ඉවසිය යුතු අවස්ථාද ඇත. සැමදේටම සිමා රහිතව ඉවසන්න යාමනම් අනුවන කමකි. (ර)
කෝනාර Friday, 17 June 2016 03:01 AM
පව් පින් යනු එකම කාසියක දෙපැත්ත බඳු දෙයකි. මියගිය පසු පින් අනුමෝදන් කිරීමක් කළද එය සැබවින්ම අනුමෝදන් වෙනවාද? නමුත් කෙනෙකු ජීවත්ව සිටියදි නම් පින් පව් දෙකම අනුමෝදන් කළහැකි බව මාගේ හැඟීමයි. එනම් මම හොඳ වැඩක් කර එය වෙන කෙනෙකුට කිව්වාම ඒ කෙනාටත් ඒ ගැන පැහැදී සිත සතුටු වෙනවා. එය පින් අනුමෝදමක් වගෙයි. මම පව් වැඩක් කර එයත් වෙන කෙනෙකුට කී විට ඒ කෙනා ඒ ගැන දුක් වෙනවා. සිත දූෂණය වෙනවා. එය හරියට මා කළ පව වෙනත් කෙනෙකුටත් දුන්නා වගෙයි කියලයි මට හිතෙන්නේ. (නි)
ගඟන Friday, 17 June 2016 02:56 AM
කේන්තියාම යනු මෝඩකමින් ආරම්භ වී පසුතැවිමෙන් අවසන් වන දෙයක් බවට ඉංග්‍රීසි පිරුළක් ඇත. කල්පනා කර බලනවිට එය 100% ක්ම නිවැරදියි (නි)
කෝනාර Friday, 17 June 2016 02:54 AM
සිත යනු මොළයද, වෙනත් අවයවයක්ද හෝ අතට ඇල්ලිය නොහැකි දෙයක්ද යන්න තවම විද්‍යාත්මකව සොයාගෙන නැත. සමහරුන් මොළය හා සිත යනු එකක් බවද, තවත් අය සිත යනු මොළයේ ක්‍රියාකාරිත්වය බවද, තවත් අය මස් ඇස් සහ සිත සම්බන්ධ කරනුයේ මොළයේ මතකය උපකාරි කරගෙන බවද විශ්වාස කරයි. (නි)
එඩ්වඩ් Thursday, 16 June 2016 09:34 PM
ඉතාමත් හොඳ අදහස් සමූහයක්. (නි)
තිලක් - නුවර Thursday, 16 June 2016 11:11 AM
සිත යනු, තමාගේ ලෝකය සහ භාහිර ලෝකය කියා කිවොත් නිවැරදිය. ඉතාමත් කුඩා සිතුවිල්ලට සිත් දහස් ගණනක් ඉපදිය යුතුය. සිතයනු තත්පරයකින් දාහකින් එකකටත් වඩා ඉතාමත් සියුම් දෙයකි. එය නැවත නැවතත් උපදින්නකි. භාවනායෝගීව සිටින ඕනෙම කෙනෙකුට පළමුවෙන් දැනෙනුයේ ඉපදී කැඩී බිඳී යන සිතය. (ර)