ගාමිණී වීරක්කොඩි කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මා ගතිගුණවලින් අනූන අයෙකි.
ගාමිණී මහරගම පිළිකා රෝහල ආසන්නයේ සිය ත්‍රීරෝද රථය තබාගෙන කුලී ගමන් යාමේ නිතරව සිටින රියදුරෙකි.
ඔහු මෙතැන ත්‍රීරෝද රථ රියදුරු රස්සාව කරන්නේ අවුරුදු 15 ක පමණ කාලයක් තිස්සේ සිටය.
ත්‍රීවිල් රියදුරු රස්සාවට එන්න කලින් ගාමිණී රස්සාව කළේ කොළඹ වරායේය.
වරායේ රස්සාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ත්‍රීවිල් එකක් අරගෙන හයර් කිරීමට පටන්ගත්තේ ගෙදර නිකම් කාලය ගත කිරීමට නොහැකි නිසාමය.
නමුත් ගාමිණී ත්‍රීවිල් රියදුරු රස්සාවට බැස්සේ මුදල් හරි හම්බකර ගැනීමේ පරමාර්ථයෙන්ම නම් නොවන බව මුලින්ම කිව යුතුව ඇත.
මහරගම පිළිකා රෝහලට බෙහෙත් හේත් ගැනීමට නිතර යන එන රෝගීන් ඔවුන්ගේ ඥාතීන් සහෝදර ත්‍රීරෝද රථ රියදුරන් පමණක් නොව පිළිකා රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සේවක සේවිකාවන් වැඩි දෙනෙක් ගාමිණී කවුරුන්ද කියන වග දන්නේ බොහෝ කාලයක පටන්ය.
පිළිකා රෝහල ළඟ සිට කුලී ගමනක් යාමට කතා කරන අසරණ දුගී දුප්පත් රෝගීන්ගෙන් ඒ ගමන සඳහා ගාමිණි සත පහක්වත් ගත්තේ නැත.
එපමණක් නොව බෙහෙත් හේත් ගන්න වත්කමක් නොමැතිව සෝසුසුම් හෙළමින් අසරණව සිටින රෝගීන්ට අත දිග හැර ගාමිණී වියදම් කර ඇත්තේ ඔවුන් කෙරෙහි හදපත්ලෙන්ම ඇතිවූ දයානුකම්පාවෙනි.
හිමිදිරියේම මහරගම පිළිකා රෝහල ළඟට රස්සාවට යන ගාමිණී සමහර දවස්වලට රෑ බෝවී ගෙදරට ගොඩ වදින්නේ අතේ මිටේ සත පහක්වත් නැතිවය.
ඒත් ඔහුගේ හිත පිරිලාය. ඒ වෙන කිසිවක් නිසා නොව අසරණයන්ට පිහිටවීමෙන් ලැබූ සතුට නිසාය.
මිනිස්සුන්ට පමණක් නොව ඔහු සතා සීපාවට ගහට කොළට ද අපරිමිත ආදරයක් දැක්වූ සැබෑ මහත්මයෙකි.
මහරගම පිළිකා රෝහල අවට ගැවසුණු සුනඛයින් රැළක්ට දන්නා කියන කලක සිට කන්න බොන්න දී ලෙඩ රෝග ඇතිවූ පසු පශු වෛද්‍යවරුන් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කර රැක බලා ගැනීමේ කාර්ය ද කළේ මේ ගාමිණීය.
අසරණ රෝගීන්ට පමණක් නොව ගහට කොළට සතා සීපාවාට අපරිමිත ආදරයක් කරුණාවක් දැක්වූ ගාමිණී හදිසියේ හෘදයාබාධයකට ලක්වී මියගියේ මීට සතියකට පමණ කලින්ය.
හෘදයාබාධයක් වැළඳී ගාමිණී හදිසියේ මියගියාට පස්සේ මොකද වුණේ? ඒ කතාව ඔබ එකවර විශ්වාස කිරීමට පිළිගැනීමට මැළිවනවා නොනුමානය.
මේ කතාව කිව්වේ වෙන කවුරුවත් නොව මහරගම පිළිකා රෝහලේ සේවය කරන වෛද්‍යවරියක වන පී. රණතුංග මහත්මිය වෛද්‍යවරිය මට හඳුන්වාදී මේ කතාව ඇයගෙන් අසා දැන ගන්නා ලෙස පැවසුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගම්මන්පිල මහතාය.
අවුරුදු කිහිපයක් තිස්සේ සිට සුනඛයන්ට කන්න, බොන්න දී ලෙඩ රෝග ඇතිවූ පසු පශු වෛද්‍යවරුන් ළඟට රැගෙන ගොස් ප්‍රතිකාර කළ හාම්පුතාවූ ගාමිණී මියගියදා පටන් ඒ සුනඛයින් සාංකාවට පත්ව කෑම ගැනීමෙන් වැළකී සිටින බව වෛද්‍ය රණතුංග මහත්මිය පවසන්නීය.
ගාමිණීගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ ඇරැව්වල පොදු සුසාන භූමියේදීය.
ගාමිණීගෙන් ආදර සැලකුම් ලැබූ එක් සුනඛයෙක් ඔහු භූමදානය කළදා පටන් ඇරැව්වල සුසාන භූමිය අසල ගැවසෙමින් සිටින බවද වෛද්‍යවරිය පැවසුවාය.
මහරගම පිළිකා රෝහල අසල ගැවසෙමින් සිටියදී ගාමිණී කන්න බොන්න දී හදාවඩාගත් දඩාවතේ යන සුනඛයන්ගේ සංඛ්‍යාව 10 දෙනෙකුට නම් වැඩිය.
“ගාමිණී මියගියාට පස්සේ මම ඒ අහිංසක සතුන්ට කන්න දුන්නා. ඒත් ඒ සත්තු කෑම කෑවේ නැහැ. මට අදහාගන්න බැරි දෙයක් වුණා. මේ වෙනකොට මේ සුනඛයන්ගෙන් වැඩි දෙනෙක් ඉස්පිරිතාලය ළඟ පේන්නත් නැහැ” යැයි වෛද්‍ය රණතුංග මහත්මිය පවසන්නීය.
මහරගම පිළිකා රෝහල අසල සිටි එක් සුනඛයෙක් ගාමිණී මියයන්න සති දෙකකට තුනකට විතර කලින් වාහනයකට යටවී බරපතළ තුවාල ලබා ඇත.
ඒ සුනඛයා වහා සිය ත්‍රීරෝද රථයේ දමාගෙන පශු වෛද්‍යවරයකු ළඟට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී ඇති අතර ඒ සඳහා ඔහුට වැයවූ මුදල රුපියල් 7,500 කි.
මේ කතාව කිව්වේද වෛද්‍ය රණතුංග මහත්මිය වන්නීය.
වෛද්‍ය රණතුංග මහත්මිය පවසන ආකාරයට රෝහලට ප්‍රතිකාර ගැනීමට එන දුප්පත් අසරණ රෝගීන්ගෙන් ගාමිණී හයර් යාමට ගාස්තුවක් අය කර නොමැත.
වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ බෙහෙත් හේත් ගන්න වත්කමක් නොමැති රෝගීන්ට පවා ගාමිණී මුදල් දුන් අවස්ථා ඕනෑතරම් තිබෙනවා යැයි කියාය.
ගාමිණී නැති පාඩුව හිස්තැන පුරවන්න කෙනෙක් බිහිවෙයි කියා හිතන්නවත් අමාරු බව වෛද්‍යවරිය අවසාන වශයෙන් පැවසුවාය.
සතුන්ට පමණක් නොව නැති බැරි කාටත් අපිරිමිත දයාවෙන් හැකි අයුරින් පිහිටවූ මේ සත්පුරුෂ මනුස්සයා පදිංචිව සිටියේ පිළියන්දල ගොරකපිටිය ඇළපහළ පාරේ 414/සී දරන නිවසේය.
ධනුෂිකා වීරක්කොඩි මහත්මිය ගාමිණී මහතාගේ එකම දියණිය වන අතර ඇය සිය පියා ගැන මතකය අවදිකරමින් කතා කළේ කඳුළු අතරිනි.
-මම පවුලේ වැඩිමලා. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ගණකාධිකාරවරයෙක් විදිහට රස්සාව කරනවා. මම පෞද්ගලික ආයතනයක රැකියාවේ නියැලී ඉන්නවා. අපි ලොකුවට සල්ලි තියෙන අය නෙමේ. ඒත් තාත්තා අපිට ඉගැන්නුවා. අපිට විය යුතු සියලුම යුතුකම් ඉටුකළ දයාබර පියෙක්. අපි දන්නා කියන කාලේ ඉඳලම තාත්තා දනට පිනට බොහොම ළැදි කෙනෙක්. ඒ වගේම සතා සීපාවට පවා පුදුම ආදරයක් ලෙන්ගතුකමක් තිබුණා.
තාත්තා කාලයක ඉඳලාම මහරගම පිළිකා රෝහල ළඟ ඉන්න සුනඛයින්ට කෑම අරගෙන දෙනවා. ලෙඩදුක් ඇතිවුණාම බෙහෙත් කරනවා. ඒ විතරක් නෙමේ උන්ව නහවා පිරිසිදු කිරීම පවා කරනවා” යැයි ධනුෂිකා මහත්මිය පැවසුවාය.
-සිංහල අලුත් අවුරුදු දවසට අඳින්න තාත්තා අලුත් ඇඳුම් අපි සේරමට අරගෙන ඇවිත් තිබුණා. තාත්තාට ගේන අලුත් අලුත් ඇඳුම් සේරම අලුත් ඇඳුම් නැති කෙනෙකුට දීලා එයා පරණ ඇඳුම් වගයක් ඇඳ ගත්තා. කීයක් හරි ඉල්ලගෙන ආපු කෙනෙක් හිස් අතින් ඇරියේ නැහැ. ආයේ ඉල්ලාගෙන ගියේ නැහැ” යැයි ද ධනුෂිකා මහත්මිය සිය පියා ගැන මතකය අවදි කරමින් කීවාය.
ඇය මෙසේ ද කීවාය.
-තාත්තා මිය යන්න ටික දවසකට කලින් මාත් එක්ක කිව්වා දුවේ මම පිළිකා රෝගියෙක් එයාගේ ගෙදර අරගෙන ගියා හයර් එක දෙන්න ගෙදර තිබුණ කැටේ කඩනවා දැක්කා. මට හරියට දුක හිතුණා. මම හයර් එක ගත්තේ නැතිව ආවා කියා. තාත්තා අසරණ රෝගීන්ගෙන් සල්ලි ගත්තේ නැහැ. එහෙම උතුම් ගුණාංග තිබුණ තාත්තා කෙනෙක් තමා අපට නැතිවුණේ”
දිලීප වීරක්කොඩි මහතා සිය ආදරණීය පියාණන් ගැන මතකය අවදි කරමින් පැවැසුවේ ගමේ ඇළපහළ පාර සංවර්ධනය කර ඒ පාරට විදුලි බලය 1992 වසරේ ලබාදුන්නේ තම පියාගේ පෞද්ගලික වියදමින් බවය.
සිය ආදරණීය සැමියාගේ වියෝවෙන් ගාමිණීගේ බිරිඳ ශ්‍රියා වීරක්කොඩි මහත්මිය තවමත් පසුවන්නේ හැඬූ කඳුළිනි.
ගාමිණී විවාහ සිටියදී කියා තිබුණේ කවදා හෝ තමා මියගිය දවසක සුනඛයින් වෙනුවෙන් දානයක් දෙන ලෙසය.
ඔහුගේ ඒ ඉල්ලීම හත් දවසේ දානය යෙදී තිබුණ පසුගිය 29 වැනිදා පවුලේ අය විසින් ඔහුගේ ඉල්ලීම ඉටු කළේය.
ගාමිණී කියන මේ උතුම් මනුස්සයා ගැන මෙවර ඇගයීමට ලක්කරන බව ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකීර්ති හිමියෝ පැවසූහ.
නූතන අණේපිඬු සිටාණන්ගේ අවසන් කටයුතු ඇරැව්වල සුසාන භූමියේදී සිදුකෙරුණේ කළගුණ දත් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිතවතාගේ මිනී වළ ළඟ තනි රකින සුනඛයෝ
ආරි Tuesday, 07 February 2017 04:12 PM
ඔබගේ සංසාර පුරුද්ද වෙන්න ඇති මේ ආත්මයේදීත් පෙන්නුම් කළේ. මියගිය ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මේ භවයේදීම. (නි)
සාමා Wednesday, 08 February 2017 12:13 AM
ගාමිණී, ඔයා බෝධිසත්ව ගුණ තියෙන මනුස්සයෙක්. ඔයාට මරණින් පස්සේ සුගතියක්ම වේවා!!! (නි)
සෙනරත් Wednesday, 08 February 2017 10:43 AM
ඔබතුමාට නිවන් සුව පතනවා (ම)
අතුල k Wednesday, 08 February 2017 11:32 AM
නිවන් සුව ලැබේවා. හොඳ මිනිස්සුන්ගේ ආයුෂ අඩුයි. (අ)
තිෂාන් Wednesday, 08 February 2017 11:46 AM
සතුන්ට අාදරේ කරන කෙනෙක් හැටියට මේ වගේ පුද්ගලයන් මේ රටේ හිටිය කියලා දකින කොට හිතෙන්නේ අපේ රට ගොඩක් අවාසනාවන්ත නැහැ කියන එක. (අ)
නාමල් Monday, 13 February 2017 04:14 AM
ඉතා හොදයි. (අ)