ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ කාර්යාලයට පැමිණිය හැක.
සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරතිබේ.
මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 ) භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.
මෙහි උද්‍යාන භාරකරු ඉන්දික ගල්පාත මහතායි.
මිනිස් හා වෙනත් උපද්‍රවයයන්ගෙන් අවතැන් වුණු සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.
හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.
වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබනඋද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.
උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.
මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.
උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.
මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.
මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.
උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.
මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.
සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.
හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත. එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුලින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකිවනු ඇත. වනසතුන් තුරුලතාවන් නගන හඬට කන්දෙන්න ඉන් ඔබේ සිතට සහනයක් දැනෙනු ඇත.
උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය.
එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩුය. බලධාරීන් ඒ ගැන සොයා බලා එම පහසුකම් සලසන්නේනම් අනෙක් වනෝද්‍යාන තරමටම මේ වනෝද්‍යානයද වටිනාකමින් වැඩි වනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
පිවිසුම් මාර්ගය
තුවාල ලබා සිටින උකුස්සෙකුට ප්‍රතිකාර කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශක සංජය රුවන් කුමාර මහතා
මුතුරාජවෙල සිට ගෙන ආ සර්ප උකුස්සා 2011 සිට ප්‍රතිකාර ලබමින් සිටියි.
තුවාල ලබා සිටින පෙරලි කොන්ඩ උකුස්සා
තුවාල ලබා සිටින පෙරලි කොන්ඩ උකුස්සා
මිහිරිගම කන්දලම ප්‍රදේශයේ විදුලි සර වැදී තුවාල වී සිටින සර්ප උකුස්සා
හදුන් දිවියා
මිනිසුන්ට තරමක් හිලෑ වූ හදුන් දිවියෙක්
පිනුම් කටුස්සා
ගෙරි කුහුඹුවන්
අභි ශාක
විල් මුවා ( වදවීමේ තර්ජනයට ලක් සතෙක් බෝකිරීම සදහා රැගෙන විත් ඇත )
වටැස්ස
කොක්මොට ශාකය
විල් මුවන් බෝකිරීමේ ස්ථානය
ඉත්තෑවන්ගේ ගුහා
බබර වැල්
මුවන් සදහා වවා ඇති තෘණ විශේෂ
කදුලැස්ස ( මාංශ භක්ෂක ශාක )
ගොඩපර
පුස් වැල
වල් ඇහැල
වල් මිදී
පුස් වැලක මලක් ( ඉතාම සුවදකින් යුක්තයි )
වෙනිවැල්
වෙනිවැල් ශාකයේ පොතු ඉත්තෑවන් ආහාරයට ගෙන ඇති ස්ථාන
බෙහෙත් ගොළුබෙල්ලා ( කැඩුම් බිදුම් සදහා දේශීය අයුරුවේදයේ යොදාගනී )
තුවාල වී සිටින ගිරා මලිත්තෙක්
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරගොල්ල කුඩාම ජාතික වන උද්‍යානය
තිලාන් Wednesday, 29 May 2013 01:46 PM
අපේ දේවල් අපි රැක ගන්න ඕනෑ.ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ (නි)
කේ චන්ද්‍රසිරි Monday, 30 May 2016 04:00 AM
රැකගතයුතු උරුමයක් වන මෙය ඉදිරිපත් කිරීම පිළිබදව සියළුදෙනාටම ස්තුතියි (ම)
අභය Friday, 23 October 2015 05:22 AM
ඉතාම වටිනා ලිපියක් (නි)
වික්‍රමාරච්චි Friday, 23 October 2015 03:40 AM
චඳ වී යන බෙහෙත් සංරක්ෂණය කිරීම ගැන මම ගොඩක් තුති පුදනවා. (නි)
සනත් පිරිස් Monday, 03 June 2013 02:28 PM
ඉතාම වටිනා ලිපියක්. බොහෝ දෙනෙක් නොදන්නා විස්තර ගොඩක් අන්තර්ගතයි. හොරගොල්ල ප්‍රදේශයේ මෙවැනි තැනක් තිබෙන බව නිකමටවත් දැනගෙන තිබුනේ නැහැ. ලංකාදීපයට ස්තුතියි (නි)
රාෂි Monday, 03 June 2013 10:21 AM
කැඩුම් බිදුම් සදහා පමණක් නොව පිළිස්සුම් තුවාල සදහාද බෙහෙත් ගොලුබෙල්ලගේ සාරු යොදාගැනීම විශේෂයි , රැක ගත යුතු උරුමයන් බව අවිවාදයෙන් පිළිගත්තත් වගකිවයුතු බලධාරීන්ගේ ඇස් අරවන්නේ කොහොමද...?(ස)
සතිෂ් Saturday, 01 June 2013 09:41 AM
පාර ලොකු කරන්න එපා. වල්ල පට්ටත් වගා කළා නම් හොද ආදායමක් ගන්න තිබුනා. ලංකාදීපයට ස්තුති, මෙවැනි දේවල් හෙළි කරනවට. (ස)
ආනන්දආර් Friday, 31 May 2013 05:36 PM
පාර ලොකු කලොත් ඔය තියන සුන්දරත්වය අහෝසි වෙලා යනවා. හොඳම උදාහරණය බෝපත් ඇල්ල. (නි)
වාසල Wednesday, 29 May 2013 04:50 PM
තව ටික දවසකින් කවුරුන් හරි මේක හෝටලයකට ගත්තා කියා අසන්නට නොලැබේවා!!! (නි)
අමල් Tuesday, 14 May 2013 03:16 PM
අපුරු වනයක්. (ස)
ප්‍රදීපා Wednesday, 29 May 2013 11:54 AM
හරිම සුන්දර තැනක්. සමහරවිට කිට්ටුව පදිංචි නිසා අපිට අගයක් නැතිවෙන්න ඇති. ලංකාදීපයට තුති දැනුවත් කිරීම ගැන. (නි)
බුද්ධික Wednesday, 29 May 2013 09:48 AM
පුදුම දෙවල් තමයි තියෙන්නේ
සංජිව Wednesday, 29 May 2013 09:12 AM
වටිනා ලිපියක් (දී)
සෙනරත් Wednesday, 29 May 2013 01:45 AM
ඔය අඩි පාර ඔහොමම තිබියදෙන්, ලොකු කරන්න වුවමනා නැහැ (නි)
ශාමන් Tuesday, 14 May 2013 03:18 PM
මේවා රැක ගන්න ක්‍රමයක් හැදුවනම් වටිනවා.(ස)
සීතා Tuesday, 14 May 2013 03:17 PM
මේවට මිට වඩා ආරක්ෂාවක් දෙන්න ඕන. (ස)
හේමන්ත Tuesday, 14 May 2013 03:16 PM
මෙන්න අපි රැක ගත යුතු උරුමයන්. (ස)