(විනීතා එම්. ගමගේ සහ ඩයනා උදයංගනී)
ළමා ලෝකයේ කතා රැජිනියක, ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක මෙන්ම ළමා කතා ලේඛිකාවක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 1927 ඔක්තෝබර් 31 වැනිදා දකුණු ලක, ගාල්ලේ, ගිංතොට දී උපන් ඇය මියයනවිට 93 හැවිරිදි වියේ පසුවූවාය.
සිබිල් වෙත්තසිංහ මහත්මිය ළමුන් අතර ජනප්‍රිය වූයේ ‘සිබිල් නැන්දා’ ලෙසිනි.
ගිංතොට මිශ්‍ර පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ගැමි මිහිරෙන් පිරි ගිංතොට හැරදා අට හැවිරිදි වියේ දී කොළඹට පැමිණියේ මව්පියන් කොළඹ පදිංචියට පැමිණි නිසාය. අනතුරුව ඇය අධ්‍යාපනය ලැබුවේ කොළඹ, බම්බලපිටිය ශුද්ධවූ කන්‍යාරාමයෙනි.
ගම හැරදා කොළඹට පැමිණියත් තමන් හදවතින් ජීවත් වන්නේ ගම්මානයේය යන්න ඇයගේ මුවෙහි නිරන්තරයෙන් රැඳී තිබිණි. ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක කිරීමට මව්පියන් ගේ කැමැත්ත වුවද පාසල් සමයේ සිට ඇය සිතුවම් ඇඳීමට දැක්වූ දක්ෂතාව ඇගේ පියා හඳුනාගත් බැවින් ඇයට අති දක්ෂ චිත්‍ර ශිල්පිනයක වන්නට මං පෑදිණි.
මුල් කාලයේ දී ඇය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම, නාරද හිමියන්ගේ සදහම්පොත්, එච්.ඩී සුගතපාල මහතාගේ නවමග, ඩී.එෆ්.ඊ පනාගොඩ මහතාගේ හා කේ.ජී පෙරේරා මහතාගේ පද්‍ය රසය වැනි කෘතීන්ට සිතුවම් ඇන්දාය. ලංකාදීපය සමග එක්වූ පළමු කාන්තාව ලෙස ඇය ටයිම්ස් පුවත්පත් ආයතනය මගින් ප්‍රකාශයට පත්කළ පැරණි ලංකාදීප පුවත්පත හා එක්වූවාය.
අනතුරුව ඇය 1952 වසරේ දී ලේක්හවුස් ආයතනයේ සේවයට එක්ව තිබේ.
ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතෙහි ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය ලෙස ද කටයුතු කර ඇති සිබිල් වෙත්තසිංහ මහත්මිය එම ආයතනය මගින් මුද්‍රණය කළ සන්ඬේ ඔබ්සවර්, සිළුමිණ, ඬේලිනිවුස්, සරසවිය, මෙන්ම උපාලි පුවත්පත් ආයතනය මගින් ප්‍රකාශයට පත්කළ බිංදු ආදී පුවත්පත්ද තම සිතුවමින් හැඩගැන්වූවාය.
ඇය ‘සූත්තර පුංචා’ ළමා කතාව සිතුවම් අඳිමින් රචනා කළේ ද සිළුමිණ පුවත්පත වෙනුවෙනි. සරසවිය පුවත්පත වෙනුවෙන් සරසවිය පුවත්පත වෙනුවෙන් රචනා කරමින් සිතුවම් ද ඇන්දාය.‘සූත්තර පුංචා’ එකල ළමයින් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් විය.
සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් සිතුවම් සහිතව රචනා කළ කුඩ හොරා ළමා කතාව පසුකලෙක දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද ඉතා ජනප්‍රිය විය. ඇය 1955 දී මෙම කෘතිය රචනා කරමින් ජාත්‍යන්තර ළමා ප්‍රජාව ආක්‍රමණය කළා යැයි කිවහොත් නිවැරදිය.
ජපානයේ දී පැවැත්වුණු ළමා පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරඟයකදී ‘කුඩ හොරා‘ ළමා කතාවට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය හිමිවූ අතර ජපානයේ පළ වූ ජනප්‍රියම විදෙස් කතාව ලෙස ද ටෝකියෝ නුවර ළමා පුස්තකාලය මගින් ‘කුඩ හොරා’ කෘතිය නම් කරනු ලැබිණි. ඇය විසින් රචනා කළ ‘දුවන රැවුල’ කෘතියට 2003 වසරේදී හොඳම සැලසුම්සහගත ළමා කෘතිය ලෙස සාක් සම්මාන හිමිවිය.
ඇගේ කෘතින් රුසක් දේශිය විදේශිය සම්භාවනාවට පාත්‍ර වී ඇති අතර ‘කුඩ හොරා’ කෘතිය ජපානය, චීනය, ඇමරිකාව, කොරියාව, පිලිපීනය, ස්විඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, ඇතුළු රටවල් දොළහක දී ඉංග්‍රීසි ලන්දේසි දෙමළ ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ.
දේශිය ළමා කතා සඳහා නවතම ශෛලියක් හඳුන්වා දුන් ඇය ළමා මනස හඳුනා ගනිමින් ඉතා සංයමයෙන් ලියාපළ කෘතින් ගණන 250 කට ආසන්නය. ඇයටම විශේෂිත වූ ආරකින් ඇය ළමා චිත්‍ර නිර්මාණය කළාය. ‘කැවුම් යෝධයා, ‘එන්දො මුත්තා’, ‘කිරියට ලැවරිය’, ‘අලිනෑම’, ‘අවිශ්වාසය’, ‘ඉදුණු පේර’, ‘දිය රකුසා’, ‘මහා ගිරා’, ‘කපුටා කළු වුණ හැටි’, ‘රන් පිහාටු’, ‘අමුතු කෑමක්’ ආදී ළමා කතා ගණනාවක් ඇය විසින් රචනා කර තිබේ.
එකල ඇය රචනා කළ උපහාස රසයෙන් යුත් තීරු ලිපි ද අතිශයින් ජනප්‍රිය විය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් ඇය හිමිකරගත්තාය.
ඇය 1971 දී ලේක්හවුස් ආයතනයෙන් සමුගත්තද ඇය මෑතක් වන තුරුම ග්‍රන්ථකරණයේ මෙන්ම සිතුවම් ඇඳීම ආදී කටයුතුවල නිරත වූවාය.
මෙරට විවිධ ප්‍රදේශවල දරුවන් 20,000ක් එක්කරගෙන එකම කෘතියක් අවසානයන් 20,000ක් සහිතව රචනා කරමින් ඉකුත් මාර්තු මාසයේ දී ඇය ගිනස් වාර්තාවක් ද පිහිටවූවාය. ඒ ලෝක ළමා දිනයට සමගාමීව ”පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කරමිනි.
සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ සංකල්පයක් අනුව රචනා කළ මෙම කෘතිය වෙනුවෙන් හිමිවූ ගිනස් වාර්තාවට අදාළ සහතිකය සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් වෙත ප්‍රදානය කිරීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉකුත් මාර්තු 5 වැනිදා උත්සවාකාරයෙන් පැවැත්විණ.
“මම කවදාවත් වයසට යන්නේ නැහැ. මම තවමත් පසුවන්නේ බොහෝ සුන්දර ළමා හිත් එක්ක. ඒක බොහෝ වැඩිහිටියන්ට තේරෙන්නේ නැහැ. ” යැයි ඇය වරෙක පැවසුවාය.
‘කවදා හරි මම මේ ලෝකෙන් යන දවසට යන්නේ පුදුමාකාර සතුටකින්...මම යන්නෙ ළමයින් වෙනුවෙන් මහා වස්තු සම්භාරයක් ඉතිරි කරලා. එහෙම හිතද්දී දැනෙන්නේ පුදුමාකාර සතුටක් ’ යැයිද ඇය කීවාය.
ළමා හදවත් හඳුනාගෙන ඇය කළ මෙම නිර්මාණ නිසා ලොවවටා සුවහසක් දරුවෝ සිබිල් නැන්දාට ආදරය කළහ.
ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ ඩී.බී වෙත්තසිංහ මහතා සමඟ විවාහ වී සිටි සිබිල් වෙත්තසිංහ මහත්මිය දූ දරුවන් සිව් දෙනෙකුගේ මවක වූවාය.
සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අඩි පාරේ යමින් පසුකලෙක ළමා චිත්‍ර නිර්මාණයට පිවිසි ඇගේ දියණිය කුසලා වෙත්තසිංහ ද කලක් මාධ්‍යවේදිනියක වශයෙන් කටයුතු කළ අතර ඇය පසුකලෙක උපාලි පුවත්පත් සමාගමේ ‘බිංදු’ පුවත්පතේ කතුවරිය ද වූවාය.
නිර්මාණ කරුවන්ට අත දෙන්නට නොපැකිලව කටයුතු කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් අත හිත ලැබූ නිර්මාණ කරුවෝ රැසකි.
සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට නුගේගොඩ, ගංගොඩවිල, පැපිලියාන පාරේ, ඩයස් පෙදෙස, අංක 4 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (2) උදෑසන නිවසේදී සිදුකෙරෙන ආගමික කටයුතු වලින් පසු පෙරවරු 10.30 ට දේහය නිවසේ සිට බොරැල්ල, ජයරත්න මල් ශාලාව වෙත ගෙන ඒමට නියමිත අතර 3 වැනිදා සවස 3.00 වන තුරු දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.
සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 3 වැනිදා පස්වරු 3.00 ට බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ළමා ලෝකයේ ‘පුදුම පළිඟුව‘ වූ සිබිල් නැන්දා
rishad Wednesday, 01 July 2020 05:08 PM
මැතිණිය ඔබ වීරමාතාවකි.. හැම ජාතියකටම, අපගේ හද පරි උත්තමාචාරය..
දෙනෙත් Wednesday, 01 July 2020 05:15 PM
සිබිල් නැන්දේ... ඔබ ප්‍රාර්ථනා කළ ආකාරයටම නැවත උපදින්නේ නැතුව සිටීමේ ප්‍රාර්ථනය ඉටුවේවා.. ඔබට සුබ ගමන්..!!!
Royfedricks Wednesday, 01 July 2020 09:31 PM
ඇය අපේ රටේ අව්‍යාජ කලාකරුවෙකි. අන් අයගේ අදහස් හෝ තාක්‍ෂණය සොරකම් කළේ නැත.
Appachchi Thursday, 02 July 2020 12:52 AM
මේ හොඳ මිනිසුන් ලෝකය හැර යනවා, රට කන දේශපාලුවෝ ඉතුරු වෙනවා.
anura Thursday, 02 July 2020 02:28 AM
ජාතික වස්තුවක් වූ මෙවැනි අග්‍රගන්‍ය කලාකාරිණියකගේ දේහය පුද්ගලික මල් ශාලාවක තැන්පත් නොකර ජාතික කලාගාරය ඒ සඳහා යොදා නොගන්නේ ඇයි ද යන්න ප්‍රශ්ණයකි. සමහර විට එය පවුලේ ඥාතීන්ගේ ඉල්ලීමක් මත වීමටත් ඉඩ තිබෙනවා. නමුත් මෙතුමියගේ අවසාන කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ වෙනවා නම් වඩා හොඳය යයි මම සිතනවා.