X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ෆේස් බුක් සැරිසරද්දී අතුරුදන් සිසුවා

  22-Page-17-BB

ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට පොලිසිය ඇත්තේය. එතැන මහා ගෝරියකි. පාසල් නිල ඇ`දුමින් සැරසුණු අපට වඩා වසරක් වැඩිමහල් අයියලා දෙන්නේක් බැණ ගනිති. මොහොතකින් මෙය මහා රණ්ඩුවක් බවට පත්විය. අපි බලා සිටින්නෙමු. මේ දෙන්නාගේ මිතුරෝ පැමිණ එකිනෙකා බැණ ගෙන අවසානයේ ගුටි කෙළියක් බවට පරිවර්ථනය විය. මාර්ගයේ යනෙන්නන් පවා බියට පත්කරමින් එකිනෙකා අතර ගුටි බැට හුවමාරුවක් සිදුවෙයි.


‘‘ ඕකුන් දෙන්නා ගහ ගන්නේ අර කෙල්ල බෙදා ගන්න බැරුවනේ’’ ඔවුන්ගේ වයසේ සිටි මා දන්නා හ`දුනන තවත් අයියා කෙනෙක් කීවේය.
රණ්ඩුවේ පැටළුණු අයියලා මගේ පාසලේ නොවුණ ද එකම බසයේ යන ඒ දෙදෙනා මා හො`දින් දැන සිටියෙමි.

2
පසුගිය දිනෙක උත්සවයකට ගොස් සිටිය දී මේ දෙදනා එකම මේසයේ වාඩි වී සිටිනු මට දක්නට ලැබිණි. ඔවුන් අසළට ගොස් සතුටු සාමීචියේ යෙදෙන අතර මා මේ සිද්ධිය මතක් කළෙමි.


‘‘අයියෝ මල්ලි. ඒ කාලේ කරපු මෝඩ කම්. අපි ඊට පහුවදාම හො`ද යාළුවෝ වුණා. අපි එදා රණ්ඩු වෙච්ච කෙල්ල කවුද බැ`දගෙන දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා’’ කියමින් ඔවුන් යළිත් මහ හ`ඩින් සිනා සුණෝය.


‘‘ඒ කාලෙත් අපි කෙල්ලන්ගේ හැටි මේ සමාජේ හැටි හො`දට දැනගෙන හිටියා. ඒ නිසා අපි අතර පොඩි පොඩි හැල හැප්පීම් තිබුණට අපි මරා ගත්තේ නැහැ. තාමත් අපි හො`දම යාළුවෝ’’ ඔවුන් දෙදෙනා කීහ. ඒ සමගම මේ දෙදෙනාගේ බිරින්දෑවරුද දරුවෝ ද එහි ආහ. ඒ සියල්ලන් ද හො`ද මිතුරන් බව පෙනෙයි. ඔවුන් සමාජයත් යථාර්ථයත් එදා ම තේරුම්ගෙන සිටි බැවින් ගැටලූවක් නොවූ බව ඔවුහු සනාථ කර සිටිති.


එසේ වුව ද වර්තමානයේ පාසල් සිසු සිසුවියන් ඇතුළු තරුණ පරම්පරාව මුහුණ දී ඇත්තේ සමාජය තේරුම් නොගැනීමේ ඛේදවාචකයකට බව පසුගිය දා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා විභාගයට මුහුණ දී නිවෙසට වී සිටි තරුණයෙක් යළිත් සනාථ කළේය.


මේ අද තරුණ පරපුර මුහුණ දී ඇති ජීවිතයේ ඉච්ඡුා භංගත්වයයි. එදා එකම කෙල්ලෙක් වෙනුවෙන් මහ මග රණ්ඩු වී මොහොතකින් මිතුරු වී අද ජීවිතය ජයගෙන මැදිවියට පා තබමින් සිටි ඔවුන් දෙදෙනා තරම් අද තරුණයන්ට ජීවිතය තේරුම්ගත නොහැකි වී තිබේ.


ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට එහි ප‍්‍රතිඵල ලැබෙන තුරු දින ගනිමින් සිටි ඞී.ඞී.අසේල මාලක පෙරේරා (19) පාසල් සිසුවා පලා ගොසිනි. නැතිනම් අතුරුදන්ව ඇත. මේ ලිපිය ලියන බ‍්‍රහස්පතින්දා දහවල් වනතුරු ද ඔහුගැන නිශ්චිත තොරතුරක් ලැබී නැත.


දෙමාපියන් පවසන්නේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් එල්ල වූ තර්ජන වලට බියටපත්ව ඔහු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
පසුගිය 13දා අලූයම් කාලයේ ඔහු නිවසේ සිටිනු අවසන්වරට දැක ඇත්තේ ඔහුගේ පියා විසිනි. පියා පවසන්නේ තම පුතුට ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැඩි තර්ජන තිබූ බවයි.

6
දැනගන්නට තිබෙන පරිදි මේ තර්ජන වලට හේතුව තවත් තරුණියකි. විභාගය අවසන් වූ පසු අසේලට ලැප්ටොප් පරිගණකයක් ලැබිණි. එහි ගැටලූවක් ද තිබුණේ නැත. අසේල යනු රිච්මන්ඞ් විදුහලේ අංක එකේ බලාපොරොත්තුවකි. ඔහුට ඉගැන්වූ ගරුවරුන් කියන්නේ අසේල මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ මුල් දහදෙනා අතර සිටිනු ඇති බවයි. ඔහු ඒ තරම්ම දක්ෂයෙකි. දැනුමෙන් අගතැන්පත් වූ අසේලට ඔලිම්පියාඞ් තර`ගාවලියෙන් සමස්ත ලංකා රන් පදක්කමක් ද ලැබිණි. ඔහුගේ දැනුම එතරම් ඉහළ මට්ටමක තිබිණි.


එසේ වුවද පොත පතට සීමා වී අධ්‍යාපනයට පමණක් සිත යොමු කළ අසේල විභාගයෙන් ටික කළකට පසු අන්තර්ජාලයේ ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියට ඇබ්බැහි වූයේය. මවත් පියාත් කියන ආකාරයට ඔහු ඇතැම් දිනවල දී පැය 15ක් පමණ ෆේස්බුක් භාවිත කැර ඇත.


‘‘පුතා කියනවා එයාට ෆේස් බුක් එකෙන් තර්ජන තිබුණා කියා. අපිට මේ බව කීවා. එයාට ලජ්ජාවක් වෙන විදියේ ප‍්‍රකාශ ඒ මගින් එනවා කියා තමයි එයා කිව්වේ. මේ ගැන එයා ගොඩක් සිත් වේදනාවකින් හා බියකින් හිටියා. මේ බිය ගැන්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස පුතා ගියා ද කියා සැකයක් තිබෙනවා. පුතා කලින් භාවිත කළ ෆේස් බුක් ගිනුම නවතා දමා පසුව තවත් එකක් පටන් අරගෙන තිබෙනවා.’’


අසේලගේ පියා පවසන්නේ එවැනි කතාවකි. ජගත් පෙරේරා නමැති මේ පියා ගිංතොට ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයාය. මව වූ ජයන්තා සෙනෙවිරත්න මහත්මිය ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ ගුරුවරියකි. මේ යුවලගේ වැඩිමහල් පුත‍්‍රයා අසේල ය. අසේල්ට බාල එක් සහෝදරයකු සිටියි.
අසේල අතුරුදන් වූයේ 13 වැනිදා අලූයම යැයි පියා පවසයි. පියා පවසන්නේ 12 වැනිදා රාතී‍්‍ර 12 පසුවනතුරු ඔහු ෆේස්බුක් පරිහරණය කරමින්සිටි බවයි. පසුව රාතී‍්‍ර එකට පමණ තම මවට කතා කර බඬේ අමාරුවක් තිබෙන බැවින් කෝපි එකක් සාදා දෙන්නයැයි කී බව පියාගේ මතකයේ තිබේ.


අම්මා කෝපි සාදාගෙන එනවිට අසේල නිවසේ සිටියේ නැත. තාත්තාත් අම්මාත් කෝපි ඉල්ලූ තම පුතු ගේ පුරාම සොයා බලා ගේ අවට ද බැලූව ද ඔහු ඒ කිසි තැනක සිටියේ නැත. අනතුරුව පාරට දිවූ තාත්තාට දක්නට ලැබුණේ නිවස අසළම කලේගාන හන්දියේ නවතා ඇති පොලිස් ජීප් රියකි. තම පුතුගේ විස්තර කී පියා එවැනි තරුණයකු දුටුවේ දැයි ඇසුව ද පොලිසිය කියා සිටියේ ඒ මොහොතේ එතැනින් එවැනි අයකු නොගිය බවයි. පුතා සොයමින් හිරු උදාවනතුරු වෙහෙසුණු මේ මව් පිය දෙදෙනාත් එකම සොහොයුරාත් ගාල්ල පොලිසියටත් පෝද්දල පොලිසියටත් මේ ගැන පැමිණිලි කළහ.


රිච්මන්ඞ් විදුහලෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි දක්ෂ සිසුවකු අතුරුදන්ව ඇතැයි යන ආරංචිය ලැව් ගින්නක් සේ පැතිර යද්දී ගාල්ල ප‍්‍රදේශයම පුදුමයට පත්වූහ. ඉගෙනුමට මෙතරම් දක්ෂ වූ සිසුවකු ෆේස් බුක් වෙබ් අඩවියේ ගොදුරක් බවට පත්වූයේ කෙසේ ද යන්න ඔවුන්ගේ ගැටලූව විය.


මාධ්‍ය මගින් ද මේ සම්බන්ධයෙන් ප‍්‍රචාරයක් ලැබෙද්දී ඉරිදා (16* උදේ දැනගන්නට ලැබුණේ ගාල්ලේ වටරැුක ඇළ මාර්ගයක නරක්වූ පිරිමි මළ සිරුරක් තිබෙන බවයි. ඒ සොයා මහ පිරිස් ඇදෙන්නට වූහ. බොහෝ දෙනකුගේ මතය වූයේ මේ සිරුර අතුරුදන් වූ තරුණයාගේ විය යුතු බවයි. සිරුර ගොඩට ගන්නා විට එය සතුන් කා දමා බොහෝ සේ නරක්වී හ`දුනාගත නොහැකි තරමට විකෘත්ති වී තිබිණි.


සිරුර දුටු බොහෝ දෙනකු මේ ඒ සිසුවාගේ සිරුර යැයි සිතුව ද මව් පියෝ එය ප‍්‍රතික්ෂේප කළහ. මළ සිරුර කරාපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කැරිණි. මව් පියෝ තවමත් අතුරුදන් වූ තම දරුවා සොයමින් වෙහෙසෙති.


අසල්වැසියෝත් ඇතැම් හිතමිත‍්‍රාදීන් අසේල සොයා වෙහෙසට පත්ව දැන් ඔහු සොයා යාම අතහැර දමා තිබේ. අප බදාදා හවස අසේලගේ නිවසට ගිය ද එහි කිසිවකු සිටියේ නැත. සමීපතමයන් පවසන්නේ මේ පවුල යථාර්ථයට මුහුණ දිය යුතු බවයි.


අසේල අතුරුදන් වූ පුවත දැන් රටම දන්නා කරුණකි. අසේලගේ ඡුායාරූප රට පුරාම මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත්විය. ඔහු හිත මිතුරකුගේ නිවෙසක සිටිනවානම් මෙතරම් කැලඹීමක් සිදුවෙද්දී ඒ ගැන දෙමාපියන්ට හෝ වෙනත් වගකිව යුත්තකුට දැනුම් නොදෙනු ඇතැයි සිතිය නොහැකියි.


පොලිසිය පවසන්නේ ෆේස් බුක් මගින් යම් අයකු තර්ජනය කළ තරමට එය පලායාමට හේතුවක් නොවන බවයි. ෆේස් බුක් මගින් තර්ජනය කරනවානම් ඒ බව පැමිණිලි කර නිසි නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබිය දීත් මෙලෙස මව් පියන්ට පවා නොදන්වා සැ`ගවී සිටීමට උත්සාහ ගැනීම හෝ පලායාම කනගාටුදායක සිදුවීමක් බව පොලිසිය කියයි.


මේ සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.


‘‘අදින් වසර 10ට හෝ 20 ට පමණ පෙර සිටි දරුවන්ටත් සමාජයේ විවිධ ගැටුම් වලට මුහුණ දීමට සිදුවුණා. ඔවුන්ටත් භයානක දේ සිදුවුණා. ඒ වගේම තර්ජන තිබුණා. භීෂණය තිබුණා. ඒත් ඒ ළමයි ඒවාට ප‍්‍රායෝගිකව මුහුණ දුන්නා. පලාගියේ නැහැ. දැන් දරුවන්ට මේ ගැටලූවලට හො`ද මානසිකත්වයකින් මුහුණ දීමේ හැකියාවක් පුරුද්දක් නැහැ. ඔවුන් පොඩි ක්ෂණික තීරණයකින් විනාශකාරී තීරණ ගන්නවා. සුළු සිද්ධියකින් බියට පත්ව ආත්ම විශ්වාසය නැතිකරගන්නවා. ඇතැම් විට ජීවිතය පවා නැතිකර ගන්නවා. මෙය පුද්ගලයාගේ පෞරුෂත්වය ගොඩනැගීමේ දුර්වලතාවක්. එදා දරුවන් යොවුන් වියේ ගැටලූවලට ආර්ථික ප‍්‍රශ්න වලට මීට වඩා බැ?රුම් ආකාරයට මුහුණ දුන්නා. ඔවුන් පොත පතේ දේවල් ඉගෙන ගත්තේ පවුලේ ප‍්‍රශ්න පවා විස`දමින්. යහළුවන් ආශ‍්‍රය කළා. ගැටුම් එදාත් ඇතිකර ගත්තා.’’


විශේෂඥ වෛද්‍ය රූමි පවසන්නේ දැන් දෙමාපියන් තම දරුවන් අධ්‍යාපනයට පමණක් යොමු කිරීමෙන් මේ ආකාරයට දරුවන් ජීවිතයෙන් හා පවුලෙන් පලා යන බවයි. ඔවුන්ට කිසිදු සමාජ ආශ‍්‍රයක් නොලැබීමේ ප‍්‍රතිඵලය හානිදායක බව මේ සිද්ධියෙන් ම පැහැදිලි වන බව ද වෛද්‍ය රූමි පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් මෙසේ ද කීවේය.


‘‘කුඩා කාලයේ සිට ම දරුවන් අධ්‍යාපනයට විතරයි යොමුකරන්නේ. සමාජ ගැටලූ ගැන අවබෝධයක් දෙන්නේ නැහැ. පොතේ දැනුම තිබෙනවා. සමාජ දැනුම නැහැ. ආශ‍්‍රය කරන්නේ සීමිත යහළුවන් පිරිසක් පමණයි. ඔවුන්ටත් තිබෙන්නේ පොතේ දැනුම පමණයි. ඒ නිසා සමාජ පන්නරය ලැබෙන්නේ නැහැ. ඔවුන් සමාජයට යන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකරන ආකාරයෙන්. එය ක්ෂණිකව සමාජයට මුදා හැරීමක් වගේ වෙනවා.  ගෙදරට හා පොත පතට කොටු කරලා සමාජ ආශ‍්‍රයකින් තොරව හැදිලා නවීන තාක්ෂණය නිසා එකවර සමාජගත වෙනවා. එවිට සමාජයේ විෂමතාව ගැන අවබෝධයක් නැහැ. මෙහි වගකීම දෙමාපියන් භාරගත යුතුයි. ඔවුන් දෙමාපිය අධීක්ෂණය යටතේ ටිකෙන් ටික සමාජගත කළ යුතුයි. නැතිනම් නව යෞවනයෙක් වුවත් මොළය පොඩි ළමයෙක් වගෙයි. වරද තිබෙන්නේ ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නොවෙයි. එය  ඕනෑම කෙනෙකුට සමාජ ශීලී වීමට හො`ද මෙවලමක්. නමුත් එය භාවිත කරන්න දරුවන් නිසි පරිදි හුරු නොකිරීමෙන් මේ විනාශය සිදුවනවා.’’


වෛද්‍යවරයා පවසන්නේ අසේලට තම හැගීම් පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ඇතිවූ මානසික පීඩනයක් අනුව කි‍්‍රයාකර නිවසින් පලා යන්නට ඇති බවයි. ඔහු ඇතැම් විට ජීවිතය අහිමිකර ගැනීමට පවා උත්සාහ ගැනීමට ඉඩ ඇතැයි වෛද්‍යවරයා කියා සිටියේය.


ඇලක තිබී හමුවූ මළ සිරුර අතුරුදන් වූ අසේලගේ නොවේයැයි දෙමාපියන් කියා සිටිය ද ඒ සිරුර හ`දුනාගැනීම ස`දහා සහය ලබාදෙන ලෙස කරාපිටිය රෝහල් පොලිසිය මගින් දෙමාපියන්ට යළි දැනුම් දී ඇතත් ඔවුන් ඒ ස`දහා රෝහලට පැමිණ නැත.


අධිකරණ වෛද්‍යවරුන් පවසන්නේ මේ සිරුර බෙහෙවින් නරක් වී ඇති බැවින් අතුරුදන් වූ තරුණයාගේ දත් හා සිරුරේ දත් වින්‍යාසය සන්සන්දනය කිරීමෙන් හෝ ඞී.එන්.ඒ. පරීක්ෂාවක් මගින් සිරුර අසේළගේ ද නැතිනම් වෙනත් අයකුගේ දැයි පහසුවෙන් හ`දුනාගත හැකි බවයි. එසේ වුව ද ඒ ස`දහා අසේල ගේ මව පියා හෝ සොහොයුරා ඉදිරිපත් විය යුතුය. ඔවුන් ඉදිරිපත් නොවන්නේ නම් සිරුර හ`දුනාගැනීමේ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කළ හැකි වන්නේ අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් පමණි.


නැතිනම් ඒ සිරුර කාලයක් කරාපිටිය මෘත ශරීරාගාරයේ තිබී පසුව රජයේ වියදමින් මිහිදන් කරනු ඇත.


sgg



අදහස් (0)

ෆේස් බුක් සැරිසරද්දී අතුරුදන් සිසුවා

කුමාරි Tuesday, 25 November 2014 01:41 PM

දරුවා තමන්ට මේ වගේ කරදර තියනවා කියද්දී අයි දෙමාපියෝ ඒ ගැන සොයා නොබැලුවේ? (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 25 November 2014 11:31 PM

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් මීට පෙර පළවූ සංවේගාත්මක විස්තර සඳහන් ලිපිය කියවූ මා මෙය වහාම පොලිස්පතිතුමාගේ අවධානයට ලක්විය යුතුබවට අදහස් දැක්වූවා. ඉහත සඳහන් තොරතුරු අනුව මෙම අතුරුදහන්වීම සොයාගැනීමට පොලිසියට හැකිවනවා නිසැකය (නි)

:       0       0

සෙනරත් Wednesday, 26 November 2014 07:45 AM

මනසට දරාගැනීමට අසීරු තරමට පොත පතේ කටයුතු කිරීමෙන් දරුවෙක් මානසික වශයෙන් දුර්වලවී රෝගියෙකු වියහැකියි. එය මගේම සහෝදරයෙකුටත් උනා. ඔහු වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේදී අධ්‍යාපන කටයුතු නවතා දැමුවා. ඔහු හුදකලාව ප්‍රියකළා, අනෙක් අයව සැක කලා. එ්ත් අපිට මෙහෙම අත්දැකීමක් කලින් නොතිබුන නිසා එය මානසික ලෙඩක් බව නොදැනිනි. මෙම දරුවටත් දිනකට පැය 15ක් පමණ පේස්බුක් වල නියැලීමෙන් හා අනෙකුත් අධ්‍යාපන කටයුතු වල දීමෙන් මානසිකව රෝගී වී ඔහුට පේස්බුක් මගින් තර්ජන තිබෙන බව පවසන්නට ඇති. මෙයත් එවැනි රෝගියෙකුට දැනෙන දෙයක්. ඔවුන් සියලුම දෙනා ගැන සැක කරනවා. මනසින් යම් යම් විකාර සිතුවිලි මවා ගන්නවා. සියදිවි හානිකරගන්න උනත් පුළුවන්. බොහෝ දුරට මළ සිරුර මේ දරුවාගේ වියහැකියි. (නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 26 November 2014 09:34 AM

මව සහ පියා ගුරුවරුන් වෙලත්, මල සිරුරක් හමුවෙලත් තියෙද්දිත් දරුවා ගැන සොයා නොසිටීම හරිද? (ර)

:       0       0

සාදාත් ෆාහිම් Wednesday, 26 November 2014 06:57 PM

ළමයා ගැන මීට වඩා සැලකිලිමත් වුනා නම් මෙහෙම වෙන්නේ නැහැනේ.(හේ)

:       0       0

රජින්ද Monday, 01 December 2014 10:51 AM

හරිම අභාග්‍ය සම්පන්න සිදු වීමක් (දිල්)

:       0       0

මාවන් Tuesday, 02 December 2014 06:33 AM

එදා නවතා තිබුණු ජිප් රථය ගැන සොයන්න. හෝඩුවාවක් ලැබෙයී. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site