X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


‘ලෝක සාමයට පදනම බුදු දහමේ තිබෙනවා‘ - ජනපති

(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ඉෂාන් සංජීව)

අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) ප්‍රකාශ කළේය. 

විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට නව තාක්ෂණික ලෝකයට පුළුවන්කමක් ශක්තියක් ලැබි නැති බැවින් බුදු දහම ලෝකය තුළ තව තවත් ප්‍රචාරය විය යුතුව තිබෙන්නේ යැයි ද ජනපති කීය. 

හත්වැනි ලෝක බෞද්ධ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වෙමින් ජනපති එම කරුණු පැවැසීය.

“ අපි ඉතිහාසයේ එක් එක් යුග තුළ අපේ බෞද්ධාගමික පරිසරය, ඒ වගේම බෞද්ධ දර්ශනය තුළින් ගොඩනැගුණු ප්‍රබුද්ධ සමාජය පිළිබඳව සතුටු වෙනවා. අදත් ලෝකය පුරා ප්‍රචලිතව පවතින්නේ බුදුන් වහන්සේ වසර 2600 කට පෙර දේශනා කළ ධර්මය තුළ යහපත් සමාජයකට උතුම් වූ මගපෙන්වන ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ ගමන් මාර්ගයක් විදියටයි. අද භෞතික වශයෙන් ලෝකය විශාල දියුණුවක් ලබා තිබෙනවා. තාක්ෂණික වශයෙන් ඉහළම දියුණුවක් ලෝකයේ තිබෙනවා. එහෙත් තාක්ෂණික දියුණුව සහ භෞතික දියුණුව තුළ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති නොවන නිසා  සමාජය තුළ බොහෝ පිරිහීම් තිබෙන බව අපි දන්නවා සහ දකිනවා.   

අද මුළු ලෝකය පුරා පවතින කාලගුණික, දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම සමග ඇති වී තිබෙන ස්වභාවධර්මයාගේ වෙනස්කම් ඒ තුළ මිනිසුන්ට, මානව සමාජයට, මෙන්ම සියලු සත්ත්වයාටත්, ගහ කොළ, ඇළ දොළ ස්වාභාවික සම්පත්වලටත් අත්විඳින්නට සිදුවී ඇති බරපතල හිරිහැර, තර්ජන, ව්‍යවසන පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ මීට වසර 2600 කට පෙරයි. අපට විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට නව තාක්ෂණික ලෝකයට පුළුවන්කමක් ශක්තියක් ලැබිලා නැහැ. ඒ නිසා බුදු දහම ලෝකය තුළ තව තවත් ප්‍රචාරය විය යුතුව තිබෙනවා‘‘ යැයි ද ජනපති කියා සිටියේය. 

 

 



අදහස් (14)

‘ලෝක සාමයට පදනම බුදු දහමේ තිබෙනවා‘ - ජනපති

kumar (galf) Thursday, 02 November 2017 11:07 AM

මියන්මාරය දිහා බැලුවාම හොඳට පේනවා බුද්ධාගමට පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙන්න කියාලා.

:       4072       3809

emerson Thursday, 02 November 2017 07:35 PM

කුමාර්ට අද ලෝකේ ඉන්න හුගක් බෞද්ධ කියල කියන කට්ටිය ඔයාවගේ අය. එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මමනම් බෞද්ධ නෙමෙයි. ඒ වුනාට දන්නැති දේවල් කතා නොකර ඉන්නවනම් හොදයි

:       916       607

Dasa Thursday, 02 November 2017 08:36 PM

බුද්ධාගමට පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙන්න. එත් ඉතින් .. මිනිස්සු තමා ප්‍රශ්නේ

:       0       33

dingirala Friday, 03 November 2017 02:24 AM

කුමාර් බුදු දහම වග කිව යුතු නැහැ මියන්මාරේ සිදුවන දේවල් වලට. එහි සිදුවන දේවල් වලට වගකිව යුතු භෞතික සාමාජික දේශපාලනික සහ ආර්ථික හේතු රැසක් තියනවා. අනික ලෝකයේ ප්‍රශ්න වලට බුදු දහමේ විසදුම් කොපමන තිබෙනවා කියා කීවත් කව්ද එම විසඳුම් ප්‍රශ්න විසඳීමට යොදා ගන්නේ? අද ලෝකයේ, ශ්‍රී ලංකාවෙත් ඇතුළුව හැම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයෝ. ඔවුන් බුදු දහම හෝ වෙනත් ආගමක දහම් පණිවිඩ යොදා ගන්නේ ජනතාව ගොනාට අන්දවා නොමග යැවීමට සහ තමන්ගේ වාසියට මිස දහමට ඇති හැබෑ කැමැත්තකින් නෙවෙයි.

:       1549       1307

GihanFriday, 03 November 2017 01:40 PM

මියන්මාරේ ගැන කතාකරන උන්දැලා ඕක සසඳල බලන්න ඕනේ මෙහෙම වෙන ආගමක් ප්‍රධාන වෙන රටක තවත් ආගමක් අදහන අය ගම්මානවලට පැනල මිනිස්සුන්ව කපන්න, ප්‍රධාන ආගමේ පූජකවරුන් මරන්න ගත්තා නම් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න ඕනේ. යුරෝපා රටක හරි, මැද පෙරදිග රටක හරි ගම්මාන පිටින් නෙමේ, දෙතුන් දෙනෙක්ට හරි ප්‍රශ්නයක් ඇති කළොත් යුද්ධයක් ඇති වන්නේ රටවල් රටවල් අතර. අවුරුදු 10ක් හාමුදුරුවරුන්ට කඩු ප්‍රහාර, බෞද්ධ ගම්මාන වලට රෑට පැනලා ගම් පිටින් මරනකොට ඒවා කමක් නෑ. ඒත් ඒ පාහරයො මරන්නේ නැතිව එළවපු එක තමයි ප්‍රශ්නේ. ගල්ෆ් කුමාරට ඕවා තේරෙනවා ඇතිනේ....

:       470       205

SAMAN Friday, 03 November 2017 09:40 AM

ඩිංගිරාළ කියන්නකෝ තියන විසඳුම්, මම නම් හිතන්නේ නැහැ බුදුදහම මේ ලෝක ජීවිතේ ගැන උනන්දුයි කියලා, බුදුදහමේ තියෙන්නේ මේ ලෝකේ ඇල්මෙන් මිදුණු දෙයක්... ඒ හින්දා දන්නේ නැතිව දොඩවන්න එපා ඩිංගි...

:       327       479

bamunuarachchi.Saturday, 04 November 2017 04:52 AM

සමන් ඔබ බුදුදහම ගැන දන්නා දෙයක් නැත. බුදුදහම මේ ලෝක ජීවිතේ ගැන හොඳින් පැහැදිලි කරපු දේශනා බොහොමයක්ම තිබෙනවා. ඔබ ඔය ජීවිත කාලයටම නොදන්නා දේවල් අපිට වැකි කීපයකින් කියලා දෙන්න බැරිය කියා දෙන්න වුවමනාවකුත් නැත. නමුත් ඔබේ නොදන්නා කම ලෝකෙට පෙන්වන්න එපා.

:       612       448

asvar mohideen beg Sunday, 05 November 2017 03:08 AM

සමන් අපාගත වෙන්නද හදන්නේ

:       147       0

emerson Saturday, 04 November 2017 06:31 PM

ලෝකේ තියන ආගම් වලින් වඩාත්ම අවිහිංසාවාදී ආගම බුද්ධාගම.

:       412       422

kumar (galf) Sunday, 05 November 2017 07:02 AM

අවිහිංසාව කොහොම වෙතත්, "චේතනාහමි භික්ඛාවේ කම්මන් වදාමී" කියාලා මිනිස්සු පණපිටින් පුච්චනවා මියන්මාරයේ, ලංකාවෙත් එහෙම කළා කළු ජූලියේදී.

:       0       0

janatha anura Sunday, 05 November 2017 03:05 AM

මියන් මරයේ පවතින්නේ ආගමික යුද්දයක් නොවේ සංක්‍රමික වෙනත් ජාතියක් නිසා මෙම සංක්‍රමිකයන් හා අට වැනි ශත වර්ෂයට පෙර බෞද්දයන් ආසියාවේ පැවතුනේ බුදු දහම සහ හින්දු දහම ඇෆ්ග්නිස්ථානයේ සිට චීනය, ජපානය, කොරියාව, කාම්බෝජය, ඉන්දුනීසියාවේ නටබුන් නිදසුන් හැටියට ගත හැක. මෙම දහම ලොවේ අතුගා දැමුවේ මුගල් ආක්‍රමණිකයන් සහ කොමියුනිස්ට් වාදය මිනිසුන්ගේ ගෙලි කපන්නේ ආගමට අනුව නොවේ තම විශ්වාසයන්ට මුල් තැන දීම නිසා. සිරියාව, ආර්යන්ගේ වාස භූමිය ඉරාකය, මියන් මාරය නිදසුන්

:       419       324

Senarath Sunday, 05 November 2017 08:34 AM

"ලෝක සාමයට පදනම බුදුදහමේ තියෙනවා " අපේ ජනාධිපතිතුමාත් ලොකුකතා කියනවා. ඒ වුණාට පක්ෂේ ඇතුලේ සාමේ තියාගන්න බැහැ. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ලෝකේ සාමේ ඇතිවෙන්න ඕනේ එහෙම නම්. අඩුම තරමේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය පිළිගත්තද මුළු ලෝකෙම? එහෙම වුණේ නැහැනේ. අඩුම තරමේ ඉන්දියාවේ සියලුම දෙනා පිළිගත්තද? නැහැනේ . තව කොතරම් දේශකයෝ එදා හිටියද? ඒක ලෝකේ ස්වභාවය. විවධ ගති තියෙන මිනිස්සු ඉන්නවා. අපි කොතරම් සාමයට කැමති වුණත් අල්ලපු වත්තේ ඉන්න මිනිහා සාමයට කැමති නැත්නම් ප්‍රශ්න නැතිව ඉන්න පුළුවන්ද? ඒ වගේම තමයි, ඕනෑවට වඩා අහිංසක කමට ඉන්න හැදුවම හැමෝම එනවා බය කර ගන්න. ඒක තමයි අපේ රටට වෙලා තියෙන්නේ. අපි බුද්ධාගම් කාරයෝ කියලා සියල්ල දන්දීලා ඉන්න පුළුවන්ද?

:       37       328

vipula Monday, 06 November 2017 03:23 AM

එහෙම නම් ලංකාවේ අවුකන බුදු පිළිමේ බේරලා දෙන්න

:       0       0

bamunuarachchi Friday, 10 November 2017 12:01 PM

"අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටළු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) ප්‍රකාශ කළේය." අනේ අම්මපා සිරිසේන උන්නැහේ කියනකම් අපි ඕක දැනගෙන සිටියේ නැහැනේ. ඉතින් ඇයි ඕක ක්‍රියාත්මක කරන්න බැරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site