(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රට වළං නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ බරපතල ගැටළු හේතුවෙන් මේ වන විට තමන් සිය වෘත්තිය අතහැර දමමින් සිටින බව පුලිච්චාකුලම වළං ගම්මානයේ කර්මාන්තකරුවෝ පවසති.
වළං නිෂ්පාදනයට අවශ්‍ය ‘ඕ වැල්ල’ නැමති මැටි වර්ගය සපයා ගැනීමට නොහැකි වීම මෙම ගැටළුවට හේතුවී තිබේ.
ශ්‍රී ලංකාව තුළ මැටි ලිප් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන පුලිච්චාකුලම රට වළං කර්මාන්තකරුවෝ තනි ලිප සහ ලිප් දෙක නිෂ්පාදනයේදී සුවිශේෂ හැකියාවක් දක්වති. ඊට අමතරව ඔවුහු මැටි වළං නිෂ්පාදනයට ද සුවිශේෂ දස්කම් දක්වති.
තම මුල් පරම්පරා ඉන්දියාවෙන් පැමිණි බව පවසන ඔවුහු පුලිච්චාකුලම ගම්මානයට සංක්‍රමණය වීමෙන් පසු කිසිදු ගැටළුවකින් තොරව කර්මාන්තයේ නිරත වූ බව ද කියති. වසර 60 කට වැඩි කාලයක් පාරම්පරික රට වළං කර්මාන්තයේ නිරත වන තමන් තුන්වන පරම්පරාව නියෝජනය කරන්නන් බව ඔවුහු කියා සිටිති.
ප්ලාස්ටික්, ඇලුමිනියම් ඇතුළු වෙනත් දෑ වලින් සිදුවන හානිය මැටි වළං වලින් සිදු නොවන බවත් ශරීර සෞඛ්යහට හිතකර බවත් මෙම මැටි වළං කර්මාන්තකරුවෝ කියති.
එසේ නමුත් රට වළං කර්මාන්තය ආරම්භ කර දශක කිහිපයක් ගතවන්නටත් පෙර බොහෝ පිරිසක් කර්මාන්තය අතර ඇත්තේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුව හේතුවෙන් බවත් එය විසඳීම සඳහා කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවූ බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
පුලිච්චාකුලම රට වළං නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එස්. ආනන්දන් මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.
“පුලිච්චාකුලම රට වළං කර්මාන්තයට තිබෙන්නේ වසර 60 කට වැඩි ඉතිහාසයක්. අද අපි අසරණ වෙලා ඉන්නේ මේ කර්මාන්තයට ගන්න ‘ඕ වැල්ල’ සපයා ගැනීමට බැරිවයි. මේ අමුද්‍රව්‍ය පුත්තලම දිස්ත්‍රික්කයේ නැහැ, තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒවා ලබාගැනීමට රාජ්‍ය ආයතන අපිට නිසි අවසරය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා විශාල පිරිසක් කර්මාන්තය අතහැර විවිධ රස්සාවලට ගිහින්. අපි මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න පුදුම සටනක් කරනවා. ”
“ මේ කර්මාන්තකරුවන් අවස්ථා කිහිපයකදී මට හමුවී තිබෙනවා. කළ යුතු දේ මම ඔවුන්ට දැන්වූවා. ‘ඕ වැල්ල’ පස තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් භූමිවලයි. අදාළ ක්‍රමවේදයන්ට අනුවයි මේ කටයුතු කළ යුත්තේ. අපි සුදානම් උදව් කරන්න” යැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්රා්නන්ද මහතා කීවේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
’ඕ වැල්ල’ත් සමඟ වියැකී යන රට වළං කර්මාන්තය
ජෝය්ස් Sunday, 03 February 2019 12:51 PM
වැල්ල ඕනෑ නම් ගෙවලා ගන්න.. නිකං ඉල්ලන්න එපා.
Matipahana Monday, 04 February 2019 04:42 AM
කැනීම් කරන තැන්වලින් අදාල ද්‍රව්‍ය ගත්තට පස්සේ ඒ තැන් පොකුණු, වැව්, ජලාශ බවට පත් කරලා මිරිදිය මසුන් සංචාරක වැනි ව්‍යාපෘති බවට හරවනවා නම් හොඳයි. ඒ වගේ පුළුල් දැක්මක් දේශපාලුවන්ටත් නෑ.. අපේ ගොන් මිනිස්සුන්ටත් නෑ.