X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


මළත් නොමළ ප්‍රේමකීර්ති

ප්‍රවීණ කලාකරුවකු වූ අභාවප්‍රාප්ත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 28 වැනි ගුණ සමරුව අදට (31) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගතානුගතිකත්වයෙන් මිදී තමාට ම ආවේණික ස්වාධීන මං පෙතක සැරිසරමින් නව අත්හදා බැලීම් උදෙසා ඇප කැප වී සිටි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙරට සම්මත විද්‍යුත් මාධ්‍ය සම්ප්‍රදාය උඩුයටිකුරු කළ අසහාය මාධ්‍යවේදියෙකි.

රූපකාය අතින් කුඩා මිනිසකු වූ හෙතෙම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් යෝධ ප්‍රතිරූපයක් මවාලීය. මාධ්‍යය ජනතාවට සමීප කිරීමෙහිලා යුග කාරක කාර්යභාරයක් ඉටු කළේය.

එකල කොළඹ ආනන්දයේ ගුවන් විදුලි සමාජය, පුවත්පත් කලා සමාජය, ජ්‍යෙෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමය, නිර්මාණ සභාව, ආධුනික නිර්මාණශිල්පීන්ගේ දක්‍ෂතා ඔප් නංවා ගැනීමේ තෝතැන්නක් වූයේ
නිරායාසයෙනි.

‘විසිතුර’ පුවත්පතේ ස්වාධීන ලේඛකයකු ලෙස කලා ලොවට පිවිසි ප්‍රේමකීර්ති 1967 දී ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස තේරුණු අතර 1971 දී එම තනතුරේ ස්ථිර වූයේය.

ශ්‍රාවක - ප්‍රේක්‍ෂක සමූහයා ඇද බැඳ ගත හැකි මියුරු භාව පූර්ණ කටහඬක් මෙන්ම දිය වැලක් සේ ඇදී එන අරුත් බර වදන් මාලාවක්ද ඊට ම අනුගත මනා බහුශ්‍රැතභාවයක් ද ඔහු සතු විය. ‘ශනිදා සාදය’ සහ ‘සැරිසර’ බහුතර
ශ්‍රාවක පිරිසක් සවන් දෙන වැඩ සටහන් ලෙස වාර්තාගත වූයේ එහි අතුරු ඵලයක් ලෙසය. විස්තර
විචාරකයකු, වැඩසටහන් සම්පාදකවරයකු, ප්‍රවෘත්ති ප්‍රකාශකයකු හා වැඩ සටහන් පර්යේෂකයකු පරිද්දෙන් විවිධ අංශ තුළ නිපුණත්වයක් ලැබූ හෙතෙම අත ගැසූ සෑම වැඩකටම අපූර්වත්වයක් එක් කළේය.

ප්‍රේම් ගේ සහජ දක්‍ෂතා මනාව වටහා ගත් බලධාරීහු 1975 දී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස පත් කළහ. 1983 දී මහනුවර සේවයේ සංවිධායක වශයෙන් තේරී පත්වූ ඔහු රජරට, රුහුණු, මහනුවර යන ත්‍රිවිධ සේවාවන්හිදීම තම කෞශල්‍යය පෙන්නුවේය.

ගුවන් විදුලිය වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් කළ සේවාව උදෙසා පෙරළා ඔහුට ලැබුණේ බ්ලේඞ්තල, කෙනෙහිලිකම්, අවලාද, සේවා මාරුවීම් සහ වැඩ තහනම් කිරීම් පමණි. වෙසෙසින්ම ඔහු තරම් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ වෙනත් සන්නිවේදකයකු නැති තරම්ය. ප්‍රාදේශීය සේවාවන්ට මාරුවීම් ලද මේ මානව හිතවාදී කලාකරුවා ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් කෙරෙන් ම පන්නරය ලැබුවේය.

සමාජයෙන් පළි ගැනීමට තැත් නොකළේය. සීතල කාමරවලට වී වන්ති හත් පත්තුවේ ජන දුක පටිගත කිරීමේ ව්‍යාජත්වය පිළිකෙව් කළ ඔහු කමිසයකින් සරමකින් සැරැසී ගිරි දුර්ග වන දුර්ග පසු කරමින්
ජනතා හදවත් තුළ නිදන්ගත විය. රුහුණු, රජරට, මහනුවර පළාත්වල සම්පත් උපයෝගී කරගෙන එම ප්‍රදේශයේ අසන්නන්ට නව රසාස්වාදයක් ලබා දුන්නේය.

සැරිසර පුවත් සඟරාව, ශනිදා සාදය, දවසේ පුවත, සම්පත් සාදය, රත්න සභා මණ්ඩපය, සොඳුරු සෙවණ වැනි වැඩසටහන් වලින් නව මුහුණුවරක් මෙන්ම නවමු දෘෂ්ටියක් එක් කරදීමට ප්‍රේමකීර්ති සමත් විය. විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝවිට දක්නට ලැබෙන එක තැන පල්වීමේ ස්වභාවය දුරු කළ මාධ්‍යවේදීන්
කිහිප දෙනාගෙන් ඉහළම තලයට අයත් වන්නෙකි ප්‍රේමකීර්ති. ඔහු කොට්ට උරයක් කන පිට හරවන්නා සේ සම්මත ආකෘතිය පුපුරුවා හැරියේය.

ගතානුගතිකත්වයට අනුකරණයට එරෙහිව නැගී සිටියේය. සම්ප්‍රදායේ වහලකු නොවී ඊටම අභියෝගයක් විය. මාධ්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නැංවී ඇති නම් ඒ සම්මතයට එරෙහිව නැගී සිටි මෙවන් අතළොස්සක් නිසාවෙනි.

ජනතාව සහ මාධ්‍ය අතර පුදුමාකාර සහ සම්බන්ධතාවක් ගොඩ නංවා ගත හැකි කථන කලාවක් හඳුන්වා දීමට පුරෝගාමි වූයේ ප්‍රේමකීර්ති ද අල්විස් ය. අපේ රටේ එෆ්.එම්. ගුවන් විදුලි සේවාවල නිර්මාතෘ ලෙස ඔහු හඳුන්වාදීම යුක්ති යුක්තය. බටහිර රටවල බොහෝ අත්හදා බැලීම් වලට ලක්වූ මේ නව මාධ්‍ය භාවිතය ප්‍රේමකීර්ති සිය ගුවන් විදුලි වැඩසටහන් මගින් පරිපාකයට ගෙන ආවේය. ප්‍රබල අන්තර් සබඳතා ගොඩ නංවන
‘දුරකථනය’ මන බඳන අර්ථවත් මෙහෙවරක් උදෙසා ඉවහල් කර ගන්නා අයුරු නවතාවකින් රටට පෙන්වීය.

ප්‍රේමකීර්ති ගත් මගෙහි ඉදිරියට ගිය සුළුතරයක් ලෙසම ඔහුගේ මග වැරදි ලෙස වටහා ගෙන මාධ්‍ය කලාව කිසිදු නොදුටු අගාධයකට ඇද දැමූ බහුතරයක් ද අප අතර වෙති. ප්‍රේමකීර්ති ජීවිතයේ විඳි සියලු දුක් පීඩා මිහිරි සිහිනයක් සේ යළි යළිත් මෙනෙහි කරන හදක් ඇත්තෙකි. මිනිසකුගේ බාහිරත්වයට නොව ඇතුළාන්තයටම කිඳා බැස සැබෑ යථාර්ථය කුමක්ද යන්න හෙතෙම ග්‍රහණය කර ගත්තේ එබැවිනි.

ජීවිතය තමාට කොක් හඬලා සිනාසෙන වරක් වරක් පාසා ඔහු ජීවිතයට සිනාසුණේය. “ජීවිතය මම
නුඹට සිනාසෙමි.” යි හේ තිරව කීය. ඒ සිනහව උපදවාගත හැකි ශෝකයත් ශක්තියත් ඔහු හද පුරා නිබඳව ගැබ්ව තිබිණි. හද තුළ නලියන අපරිමිත වේදනාව සෑමවිට ම තමා ඉදිරියට යවන ශක්තියක්වේ යැයි හේ විශ්වාස කළේය. ඔහු ලත් සෑම ජයග්‍රහණයක් පසුපසම දහදිය ලේ කඳුළු ගැබ්ව ඇත.

ගුවන් විදුලි මාධ්‍යය මනාව ග්‍රහණය කර ගත් ප්‍රේම්ට රූපවාහිනී මාධ්‍යය පිළිබඳ අමුතුවෙන් ගුරුහරුකම් දීමට අවශ්‍ය නොවීය. ඒ විශිෂ්ට පරිකල්පන ශක්තිය සහ ජීවිත තක්සලාවෙන් ලත් පරිචය හේතුවෙනි.

මඩිත මඩිත සුවඳ දෙන සඳුන් කඳක් පරිද්දෙන් රූපවාහිනී වැඩසටහන් ඔස්සේ ඔහුගේ ප්‍රතිභාව දසත විහිද පැතිර ගියේය. අඳුන, සම්පත් රේඛා, ආයුබෝවන් වැඩසටහන් මතින් ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක හදවත් දිනා ගැනීමට සමත් විය.

එකකු පරයා තවෙකකු නැගී සිටීමේ “මී පොරයට’ ප්‍රේමකීර්ති කිසි විටකත් එළඹුණේ නැත. නව පරපුරේ දක්‍ෂයකු රටේ එහා කොනේ සිටියද සොයා ගෙන ගොස් මඟ හෙළි කළේය. අප වැනි ආධුනිකයන්ට යා යුතු මඟ නොමග පෙන්වා දීමට ඔහු ගත් තැත කෘතගුණවේදීව සිහිපත් කළ යුතුය.

ගුවන් විදුලියේ රූපවාහිනියේ ඔහු දැක්වූ ශිල්ප බොහෝ දෙනකුට සිතා ගැනීමට පවා නොහැකිය.
1989 ජුලි 31 වන දා රාත්‍රී හෝමාගම කටුවාන පාරේ ප්‍රේම්ගේ නිවෙසට පැමිණි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කුරිරු සහාසිකයෝ මීනිමරු ආණ්ඩුවේ බොරු ප්‍රචාරය කිරීමේ වරදට දඬුවමක් ලෙස ඔහු නිවෙසින් පිටතට රැගෙන ගියහ. රබර්වත්ත අසල වැටේ ප්‍රේම්ගේ දෑත දෙපා බැඳ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පින වූ කටහඬ ගොළු කළහ. පපුවට වෙඩි තබා නතර නොවූ අධමයන් මුව පෙදෙසට ද වෙඩි
උණ්ඩ නිකුත් කළේ කෝපාග්නිය පිට දමමිනි.

ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයට ලක්වන විට බැංකු පොතේ තිබුණේ රුපියල් 1717යි සත 4ක මුදලකි. ප්‍රේමකීර්ති අපෙන් ඈත් වී ගත වූ වසර 28 තුළ ඔහුගෙන් අපට අහිමි වූ දේ සුළු පටු නොවේ. ප්‍රේම්
මිය ගියේ රටට අවශ්‍යම යුගයකය. ඔහු වැනි කලාකරුවෝ දෙවරක් නූපදිති.

ප්‍රවීණ ගුවන් විදුලි - රූපවාහිනී නිවේදක,

කටහඬ නිර්මාතෘ
ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ.



අදහස් (7)

මළත් නොමළ ප්‍රේමකීර්ති

wedage Monday, 31 July 2017 07:30 AM

එතකොට අර හඩ්ඩාගේ සහ තාර අජිත්ගේ කතාව බොරුද?

:       1       44

ජයන්තMonday, 31 July 2017 09:27 AM

මේ ගැන එතරම් හිතන්න දෙයක් නෙමෙයි...

:       0       0

Sanjaya Monday, 31 July 2017 08:54 AM

උදේට වැඩට එනකොටත්, හවසට ගෙදර යනකොටත් ඇහෙන එෆ්.එම්. කන්කරච්චල් නිසා හැමදාම මම ඒ අයට සාප කරනවා ..ප්‍රේම් මාමව අපෙන් උදුරා ගත්තු අයට... ඔහු හිටියානං මෙහෙම වෙන්නේ නැහැ. හොඳ පරපුරක් බිහිවෙන්න තිබුණා ....

:       0       11

ජයන්ත Monday, 31 July 2017 09:27 AM

ගනන් ගන්න එපා. මේක ලියලා තියෙන්නේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ. හඩ්සන් මහතා එයාගේ ගුරුතුමායි.

:       0       26

kumar (galf) Monday, 31 July 2017 11:33 AM

ප්‍රේමකීර්තිව මරපු කොල කොටින්ගේ මහා උදවිය තාමත් යහතින් ඉන්නවා.

:       0       59

Ranjith Monday, 31 July 2017 08:52 PM

ප්‍රේමකීර්ති කලාකරුවණනි අවුරුදු ගණනාවක් ඔබ වෙනුවෙන් සිතින් දුක් විදි මාහට වචන සුවල්පයක් ලීවීමට ලැබීම මහත් බහගියක්කොට සලකමි ලංකාදීප පුවත් පිටුවට මගේ ප්‍රණාමය පලකරමි. ඔබ මා දැක නැත මා ද ඔබ දැක නැත නමුත් මාහට මතක හැටියට 70 ව දසකයේ ගුවන් විදුලියෙන් ඔබ කල වැඩසටහන් අප අසා අප ළමා සිත් කොතරම් සතුටු උනාද සිංහල අවුරුදු කාලයට ඔබ කල වැඩසටහන් අප අසාසිටියේ කොතරම් සතුටකින්ද පසුව ගුවන් විදුලියෙන් ඔබේ කට හඬ පමණක් අසා තිබු අප ඔබ රූපවාහිනියෙන් ඔබගේ රුව දැකගන්නට ලැබුණු අප කොතරම් සතුටු උනාද ? 1989 ඔබගේ වටිනාකම නොදත් මුරුගයන් ඔබගේ ජීවිතය හෝමාගමදී බිලිගන්නා විට මා සිටියේ කොට්ටාවේය පසුවදා ඔබගේ ඝාතනය ඇසුණු මාහට ඉතාම මහත් දුකක් මා සිතට ඇතිවිය අද ටත් ඔබ මතකයට එන සැම මොහොතකම ඔබව ගාතනය කල ඔව්න්ට මම සාපකරමි. ඔබ බිරිදටත් දරුවන්ටත් කොතරම් දුකක් ඇතිද මේවට එකල රට පාලනය කල අයද වගකිව යුතුයි මිනුසුනේ පසුගිය දසක 3/4 තුල මෙවන් අහිංසක සමාජයට වටිනා ජීවිත කොතරම් නැති උනාද ? ඔබට නිවන් සුව පතමි.

:       0       0

JAGATH WETTASINGHE Tuesday, 01 August 2017 10:45 AM

ප්‍රේම් මට අදත් හමුවිය

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site