X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


නුවර පෙරහර හා රජ සමයේ ශ්‍රී විභූතිය

ශ්‍රී දළදා පෙරහරේ අවසන් රන්දොලි මහ පෙරහර අද (7) වීදි සංචාරය කරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සිංහල රජ දරුවන්ගේ සමයේදී සෑම වර්ෂයක් පාසාම පවත්වාගෙන එනු ලැබූ ශ්‍රී දළදා පෙරහර මහෝත්සවය උඩරට රාජධානිය ඉංග්‍රීසීනට යටත්වීමෙන් අනතුරුව නැවතී තිබිණි. ඉන්පසුව කාලාන්තරයක් තිස්සේ සිංහල ජාතිහිතෛෂීහු එය යලිත් ආරම්භ කළ යුතු යැයි එක හඬින්ම ඉංග්‍රීසි පාලකයන්ට ආයාචනා කළහ. ඒ හේතුවෙන් යළිත් වරක් මෙම ඓතිහාසික මහා මංගල්‍යය 1829 වර්ෂයේ මැයි මස 29 වැනිදාට යෙදුණු පුර පසළොස්වක පොහොය දිනයේදී චිරාගත චාරිත්‍රානුකූලව පවත්වන්නට යෙදුණි.

දළදා පෙරහරේ උපත පිළිබඳව කරුණු දක්වන විද්වතුන් එයද අපගේ බොහෝ අනෙකුත් සංස්කෘතික අංග සේම දඹදිවින් පැමිණියේ යැයි විශ්වාස කෙරෙයි. මෙම උත්පත්ති කතා අතර “ගජබා පුවත” මුල්තැනක් ගනී. එමෙන්ම අප සංස්කෘතියෙහි දැඩි සේ එල්බගෙන තිබෙන දේව සංකල්පයකට අනුව ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාගේ උත්පත්ති කතාවද මෙහිලා විශේෂ තැනක් ගනී. එනම් මෙම දෙවියාගේ උපත සිදුවී තිබෙන්නේ ද “ඇසළ” මාසයේදී බැවින් එය ස්මරණය කරනු වස් පුන් පොහෝදා වනතුරුම විවිධ දේව වන්දනා පවත්වනු ලබන බැව් ද විශ්වාස කෙරේ.

කෙසේ වුවද අප පළමුව සඳහන් කළ යුතු වන්නේ දළදා පෙරහර උපත පිළිබඳ විවිධ මතිමතාන්තර ඇති බවයි. තවද එම සෑම මතයකටම සාධාරණ වූ හේතු කාරණාද නැත්තේම නොවේ.

මෙම ඓතිහාසික පෙරහර මංගල්‍යයේ ප්‍රථම අවස්ථාව වනුයේ චිරාගත “කප් සිටුවීමයි” අනතුරුව එළඹෙනුයේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් දේවාලවල අභ්‍යන්තර පෙරහරයි. දින පහක් තිස්සේ එසේ පවත්වනු ලබන පෙරහර අවසානයේදී මහා රන්දෝලි පෙරහරට දළදා මාළිගාවේ පෙරහරත් සමග එක්වේ. ඇසළ පෙරහරේ උච්චතම අවස්ථාව වශයෙන් ගතහැකි මෙම පෙරහර දින කීපයක් පවත්වා පුර පසළොස්වක් පොහෝදා මහා පෙරහර මහනුවර නගරයේ ප්‍රධාන වීථි පුරා අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හා පංචතූර්ය නාදයෙන් යුතුව ගමන් ගනී.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද මහත් ප්‍රසිද්ධියක් උසුලන මෙම මහා පෙරහර නැරඹීම සඳහා දහස් ගණනින් පිරිස් කන්දඋඩරටට එක් රොක්වෙති. දළදා වන්දනය පෙරදැරිකොටගත් මෙම ඓතිහාසික පෙරහර එදා මෙදා තුර කාලය තුළ තවමත් පුරාණ චාරිත්‍රවලට අනුකූලවම පැවැත්වෙන බැව් මෙහිලා සතුටු සිතින් සටහන් කළ හැකිය. ඒ සඳහා සාක්ෂියක් වශයෙන් අවසන් රාත්‍රියේ දළදා පෙරහර කරඬුව තැන්පත් කිරීම දැක්විය හැකිය. ඇසළ පෙරහරේ අවසාන දවස වන දිනයේ පැවැත්වෙන මහා රන්දෝලි පෙරහරින් අනතුරුවම එම පෙරහර දළදා මාළිගයටත් හා සතර දේවාලවලටත් ගෙවදී ටික වේලාවකින් අනතුරුව නැවතත් පෙර පරදිම සංවිධානය වී දළදා පෙරහර කරඬුව අලංකාර රන්සිවිගෙය බැඳි මාළිගාවේ මංගල හස්තියා පිටින් ආදාහන මළුවේ ගෙඩිගේ විහාරය වෙත වැඩම කෙරේ. මේ විශේෂ පෙරහර පැමිණෙන්නේ හුදෙක් මංගල කරඬුව ගෙඩිගේ විහාරයේ මද වේලාවක් තැන්පත් කරනු පිණිසය.

දියකැපීමේ මංගල්‍යය මෙම උත්සවයේ වැදගත්ම අවස්ථාවකි. සතර දේවාලවලට පමණක් සීමා වන මෙම චාරිත්‍රය හුදෙක් ගජබා පුවතේ දැක්වෙන මුහුදු දෙබෑ කිරීමේ සිද්ධිය හා යම් තරමකට සම්බන්ධ බැව් මෙහිලා සඳහන් කළ හැකිය. පේරාදෙණිය ගැටඹේ ගංඉවුරේ තිබෙන බෝ රුක අභියස ගොක් අත්තෙන් තාවකාලිකව සාදනු ලබන දේවාල සතරක දේවාභරණ තැන්පත් කොට සිව් දේවාල ප්‍රධාන කපු මහතුන් විසින් හිරු උදාවනවාත් සමගම එනම් පළමු හිරු රැස් දහරාව පෙනීයත්ම දේව ස්තෝත්‍ර ගයමින් පසුගිය වසරේ මෙසේ දිය කපා ලබාගත් ජලය ගඟට හලා පහතට නැමි ගඟ දිය මතුපිටට විශේෂ කඩුවකින් පහරදී එයින් මතු නැගෙන ජලයෙන් පැන් කෙන්ඩි පුරවාගෙන සුදු වියන් යටින් අවට එක්රොක් වී සිටින පිරිසට නොපෙනෙනසේ පංචතූර්ය මධ්‍යයේ වැඩම කෙරේ. මෙසේ දියකපාගත් පෙරහර ගැටඹේ ගංතොටින් පැමිණ මහනුවර ගණදෙවි කෝවිලට සම්ප්‍රාප්ත වේ.

ඉන් අනතුරුව සම්පූර්ණ පෙරහරම සංවිධානය වී නුවර ආදාහන මළුව වෙත ගොස් පෙරදින රාත්‍රියේ ගෙඩිගේ තැන්පත් කරන ලද්දාවූ සදාතනික දළදා කරඬුව ඇතුපිටින් වැඩමවාගෙන ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන අතර ඊට සම්බන්ධ වන නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර ක්‍රමයෙන් වීථි සංචාරය කොට මාළිගා චතුරශ්‍රය වටා තෙවරක් පැදකුණු කොට දළදා පෙරහර හා ඒ ඒ දේවාල පෙරහර ගෙවදීමෙන් මෙම කන්දඋඩරට ඓතිහාසික පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

ඇත්ත වශයෙන්ම එදා රජවරුන් විසින් වාර්ෂිකව මේ මහා පුණ්‍යමය දේවමය කටයුත්ත මැනවින් පේවී වාර්ෂිකව පවත්වාගෙන ආවාසේම අදටත් රාජ්‍ය අනුග්‍රහය පූර්ණ වශයෙන් හිමිවී ජාතියට ඒ උතුම් සංස්කෘතික මංගල්‍යය දායාද කිරීම අප කාගේත් සොම්නසට කාරණයකි. සතුරු උවදුරු පැමිනි කාලවලදී පවා දළදා වහන්සේට කිසිත් විපතක් සිදුනොවීමට වගබලා ගත් රාජ්‍ය නායකයන් නිසා තවත් බොහෝ කලක් මේ උත්තරීතර පෙරහර මංගල්‍යය පැවැත්වෙනවාට කිසිදු සැකයක් නැත.

එහෙත් මෙහිලා විශේෂ කරුණක්ද සඳහන් කළ යුතු යැයි හැඟේ. එනම් දළදා පෙරහර හා සම්බන්ධ වතාවත් ඒ ආකාරයෙන්ම පැවැත්වෙනවා සේම ඊට සම්බන්ධ වන අපද මෙම තවත් විලාසිතාවක් නැතහොත් සැණකෙළියක් සේ නොසලකා බැති සිතින් හා දේව භක්තියෙන් ඊට සම්බන්ධවීම සිදුවිය යුතුමය. පෙරහර කිරීම හෝ නැරඹීම තවත් විලාසිතාවක් වූ දාට අපට මේ උතුම් සංස්කෘතික මංගල්‍යය දැකගත නොහැකි වනු ඇත. තවද සිව්මහා දේවාලවල හා ශ්‍රී දළදා මාළිගාවේ චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙසින් ඉටුකිරීමට පරපුරින් පරපුරට ගෙනයා හැකි පිරිසක් පුරුදු පුහුණු කිරීම ඉතා අත්‍යවශ්‍ය වේ. එසේත් නැතිව කළ යුතු නිසාම නැතහොත් අඩක් කරනු ලබන චාරිත්‍රවලින් පලක් නොවනු ඇත. එය දේව උදහසටද ලක්විය හැකිය. මේ නිසා මතු පරපුරට මේ දේ උරුමකරදීමේ මහා ක්‍රමවේදයක් සැකසීම ද අද යුගයේ අවශ්‍යතාවයක් බැව් සටහන් කරනු කැමැත්තෙමි.

මෙම වත් පිළිවෙත් අනෙකුත් ශිල්ප ශාස්ත්‍ර මෙන් පතපොත වනපොත් කිරීමෙන් පමණක් කළ හැක්කක් නොවේ. ඊට අර්ථයෙන්, චර්යාවෙන්, පැවැත්මෙන් මෙන්ම උගත්කමින්ද ඇපවී කැපවී කටයුතු කළ හැකි පරපුරක්ම අවශ්‍ය වන්නේය. එවන් පිරිසක් ජාතියට අඩු නැතිව පහළවේවා, අපේ මේ උතුම් පුණ්‍ය භූමියේ දැකගත හැකි ඉහළම සංස්කෘතික අංගය වන මහනුවර ශ්‍රී දළදා පෙරහර චිරාත් කාලයක් පවතීවා කියාද ඔබ සැමටත් ශ්‍රී දළදා සමිඳුන්ගේ හා සිව්මහා දේවාලවල වැඩ සිටි දෙවියන්ගේ රැකවරණය ද ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති
ධර්මසිරි පියසේන



අදහස් (0)

නුවර පෙරහර හා රජ සමයේ ශ්‍රී විභූතිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site