සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රජයේ මේ වසරේ දිනක ආදායම (ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.
මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.
රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි ෙවන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.
මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.
රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි දිසාවකට ගමන් කරන ආකාරය ඉන් පෙන්නුම් කෙරෙන බවත් වසන්ත අතුකෝරල මහතා කීවේය.
මේ අතර එක් පුද්ගලයකු වෙනුවෙන් රජය මේ වර්ෂයේ දී දිනකට ගන්නා ණය ප්‍රමාණය රුපියල් 473කි. එය පසුගිය වර්ෂයේදී පැවතුණේ රුපියල් 371ක් වශයෙනි.
රජයට ලබන වසරේදී එක් පුද්ගලයකු වෙනුවෙන් ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් හයසිය නවයක් දක්වා වැඩිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයේම තවත් පිරිසකගෙන් විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ
ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා
ආගමික ස්ථානවල විදුලි බිල අඩුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඊයේ (26 සෙනසුරාදා) ඩුබායි බලා පිටත් කිරීමට නියමිතව තිබිණ.
මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වා
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දිනකට කෝටි 1050ක් රජය ලෝකෙට ණයයි